Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
අරණේ නිහඬ බව බිඳිමින්, තනිව තනි මග වඩින හිමිනම නිහඬ කළ... තුවක්කු බටය ! - Photos

- අරණේ නිහඬ බව බිඳිමින්, තනිව තනි මග වඩින හිමිනම නිහඬ කළ... තුවක්කු බටය ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

සුපේෂල ශික්ෂාකාමී පැවිදි දිවියට පිවිසීමට පෙර උන්වහන්සේගේ ගිහි නම එච්. ආර්. සම්පත් ගුණරත්නය. ඇවතුමෙන් පැවතුමෙන් මෙන්ම රූප සම්පත්තියෙන් පොහොසත් ඔහු කඩවසම් තරුණයෙක් ද විය. 
 
අධ්‍යාපනය මෙන්ම නර්තනය රංගනය ආදියෙහි ඉහළ සමත්කම් දක්වන ලද සම්පත් සිය පවුලේ සාමාජිකයන්ට පමණක් නොව ඥාති හිතවතුන්, ප්‍රදේශවාසීන්ගේ ආදරය දිනාගත් අයෙක් පමණක් නෙව තම උපන් ගමට රාජ්‍ය සම්මානයක් දිනාදුන් තරුණයෙක් ද වූවේය. 
 
රාජ්‍ය සම්මානයෙන් ඔහු විශිෂ්ටත්වයට පත් වන්නේ 2016 වසර පැවති රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයේ හිමිකරුවා බවට පත් වෙමිනි
 


එපමණක් නොව ඔහු කොළඔ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස ද සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටි තරුණයෙකි.
 
ඒ අනුව සියලු සැප සම්පත් මැද සුන්දර ගිහි ජීවිතයක් ගත කිරීම පිණිස අවශ්‍ය යහපත් වටපිටාවක් පැවතිය ද සසරේ නිසරු බව දකින සම්පත් අවසානයේදී සසුන් ගත වීමට තීරණය කරන අතර එම සිරිමත් ප්‍රාර්ථනාව ද සහිතව ඔහු සසුන් ගත වන්නේ 2019 වර්ෂයේදීය. එතැන් සිට උන්වහන්සේගේ පැවිදි නාමය පූජ්‍ය උඩුගම පද්මවංශ නම් විය.
 
කෝටියක් සංවර ශිලයෙන් පොහොසත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ඓතිහාසික නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ උන්වහන්සේගේ පැවිදි දිවිය අර්ථ සම්පන්න එකක්ම විය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා පිණිසම ඉදිකොට ඇති කුඩා කුටියක සරල අල්පේච්ඡ ශාසනික දිවියක් ගත කළ උන්වහන්සේ උස් කඳු මුදුන් තරණය කොට දොරින් දොර පිඬුස`ිගා වඩින තරුණ හිමිනමක් පමණක් නොව බාහිර සමාජයෙන් ඈත්ව දහමේ නිරත වීම පිණිස තම දින චරියාවේ වැඩි ඉඩක් වෙන් කළ හිමිනමක් ලෙස ද බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වූ බුද්ධ පුත්‍රයෙක් වූහ.
 
දුර බැහැර සිට තමන් බැහැදැකීම පිණිස පැමිණෙන සිය දෙමාපියන් දෙපළ සමග ද යම් සීමාවක් සහිතව කටයුතු කළ උන්වහන්සේ නිතර අපේක්ෂා කළ දෙයක් බවට පත්ව තිබුණේ බුද්ධ භාෂිතයේ සඳහන් “සසර බැමි” ආදියෙන් තොර භාවනානුයෝගී පැවිදි දිවියක්ය.
 
උඩුගම පද්මවංශ හිමියන් අවසන් වරට නා උයන සේනාසනයේදී දර්ශනය වන්නේ පොසොන් සඳ උදාවීමට දින කීපයකට පෙර ඉකුත් 10 දා සවස් යාමයේය. එම දර්ශනය සියැසින් දැක ගත්තේ අවට කුටිවල භාවනානුයෝගීව වැඩ සිටින වෙනත් ස්වාමීන් වහන්සේලා කීප දෙනකු විසින්ය.
 
පසුදා (11 දා) දානය පිණිස පිඬුසිඟා වැඩීම සඳහා පාත්‍රය අතින් ගත් උන්වහන්සේ නා උයන ආරණ්‍ය සේනාසනයෙන් පිටතට වැඩම කරන අතර එය උඩුගම පද්මවංශ හිමියන්ගේ මෙලොව අවසන් පිඬුසිඟා වැඩීම බවට පත්වූ තීරණාත්මක ගමනක් බවට පත්ව ඇත. තනිව තනි මඟ පිඬුස`ිගා වඩින උන්වහන්සේ නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරක් එලෙස ගමන් කිරීමෙන් අනතුරුව පෙරළා තම කුටිය වෙත සක්මන් ගමනින් පැමිණ ඇත. 
 
මිනිස් වාසයෙන් තොර වනගත භූමියක් මැද තනිව ගමන් කරන උන්වහන්සේ කිරිවැල්හින්න රක්ෂිතයේ ඇළ මාර්ගයක් අසල ඉදිකොට ඇති ගිමන් හලක මද වේලාවක් ගිමන් හැර දන් අනුභව කිරීමෙන් අනතුරුව පාත්‍රය සේදීම පිණිස පහළින් ගලා බසින ඇළ මාර්යට පිවිසෙන්නේය. ඉන් අනතුරුව පැන් පවස සංසිඳුවා ගන්නා උන්වහන්සේ නැවත ආරණ්‍ය සේනාසනයට වැඩම කිරීම පිණිස සුපුරුදු මාර්ගය වෙනුවට කෙටි මඟක් තෝරා ගෙන ඇත. විපත සිදුවන්නේ උන්වහන්සේ ඒ මඟ වැඩම කරමින් සිටින අතරතුරය.
 
දඩයම්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් තුළින් නිකුත් වූ දෝංකාරයක් සමග අවට පරිසරයේ නිහඬ බව මොහොතකට බිඳී යන අතර එම තුවක්කුවේ ගොදුර බවට පත්ව ඇත්තේ පද්මවංශ හිමියන්ය. එම මාරක වෙඩි උණ්ඩ විසින් ඒ වනවිටත් පද්මවංශ හිමියන්ගේ දෙපාදයට බරපතළ හානි සිදුකර ඇත. කාත් කවුරුත් නැති රූස්ස වනාන්තරයක් මැද අසරණව බිම ඇද වැටෙන පද්මවංශ හිමියන් එවෙලෙහි ද හොඳ සිහියෙන් පසු වී ඇති බව පසුව කරන ලද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. 
 
තම ඉනපටිය ගලවා තුවාලය වෙලීමට උන්වහන්සේ කටයුතු කර ඇති බවත් වෙඩි වැදීමෙන් අනතුරුව ජලය පානය කිරීමට හෝ වෙනත් අරමුණක් පිණිස අසල ඇළ මාර්ගය වෙත ගමන් කිරීමට උත්සාහ ගෙන ඇති බවත් උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළිදරව් වී ඇත.
 
උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධ අනුවේදනීය පුවත වාර්තාවීමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන පන්සියගම පොලිසිය පද්මවංශ හිමියන්ගේ අපවත්වීම සම්බන්ධ සැක කටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. පද්මවංශ හිමියන් මහ වන මැද අපවත් වී ඇති බව පළමුව දකින එම පුද්ගලයා ඒ බව පළමුව නා උයන ආරණ්‍ය සේනාසනයට දැනුම් දුන් පුද්ගලයාද වී ඇත. ඔහු මෙම සිදුවීම හා සම්බන්ධ වන්නේ තොරතුරුකරුවෙක් වශයෙන්ය. 
 
කෙසේ වෙතත් එම තොරතුරු කරු සම්බන්ධයෙන් හටගත් යම් සැකයක් හේතුවෙන් පොලිසිය විසින් වැඩිදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමත් සමග ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වී ඇත.
 
එහිදී සැකකරු විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් පුරුද්දක් ලෙස සතුන් දඩයමේ යන බවත් එලෙස සතුන් දඩයම පිණිස බඳින ලද තුවක්කුවක් පත්තු වීම හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවත්ය. තමන්ගේ ඉලක්කය සාර්ථක වීද යන්න සොයා බැලීම පිණිස එය මානන ලද ප්‍රදේශයට ගමන් කරද්දී ස්වාමීන්වහන්සේ නමක් එහි ගොදුර බවට පත්ව තිබෙනු තමන් දුටුව බව ද සැකකරු විසින් ප්‍රකාශ කොට ඇත. 
 
කෙසේ වෙතත් සැකකරු පළමුව පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් කොහිල අල කැපීම පිණිස වනගත ප්‍රදේශයක් වෙත ගමන් කිරීමේදී හිමිනමක් අපවත්වී සිටින අයුරු දැක ඇති බවක්ය.
 
සසර දුක දැක සසුන් ගත වූ තරුණ හිමිනමක් වන උඩුගම පද්මවංශ හිමියන්ගේ අපවත් වීම සිදුවන්නේ ඒ ආකාරයෙන්ය. එය උන්වහන්සේවත් වෙනත් කිසිවෙකුත් කිසිසේත් අපේක්ෂා නොකළ අයුරින් සිදු වූ අවාසනාවන්ත සිදුවීමක්ය. කෙසේ වුවද භාවානානුයෝගී භික්ෂූන්වහන්සේ නමක් ලෙස උසස් මනසක් සහිත උන්වහන්සේ කිසිවෙක් කෙරෙහි තරහ සිත් ඇතිව අපවත් නොවන්නට ඇත. 
 
සසුනට අරුතක් එක් කළ උන්වහන්සේ දිගු සංසාර ගමනේ එක් නවාතැන්පළකින් නික්ම නිවනට තව තවත් ළංවීමේ සිත් ඇතිව අපවත්වන්නට යෙදුනේ භික්ෂුවකගේ සැබෑ භූමිකාව පිළිබඳ තවත් ප්‍රායෝගික ආදර්ශයක් ඓතිහාසික නා උයන ආරණ්‍ය සේනාසනයට ඉතිරි කර තබමින්ය.
 
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පිට කුරුණෑගල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත පන්සියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත වෙදගේ, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසුන්දර, පො. සැ. (32767) ගුණරත්න, පො. කො. (95567) කුලතුංග ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පරීක්ෂණය සිදු කළ අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
 
රුවන් ජයවර්ධන
දිවයින
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top