Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
18
"ඔහු වැනි කෙනෙක් මගේ ජීවිතයට ලැබීම මට ලැබුණු භාග්‍යයක්..." "තව අවුරුදු දෙකකින් විවාහ වෙනවා " කලකට පසුව හඬ අවදි කරන තරුණයින්ගේ සිහින තාරකාව, සඳනි - Photos

- "ඔහු වැනි කෙනෙක් මගේ ජීවිතයට ලැබීම මට ලැබුණු භාග්‍යයක්..." "තව අවුරුදු දෙකකින් විවාහ වෙනවා " කලකට පසුව හඬ අවදි කරන තරුණයින්ගේ සිහින තාරකාව, සඳනි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"චරිතයක් තෝරා ගන්නා විට අම්මගේ තාත්තගේ කැමැත්තත් බලලා තමයි චරිතය තෝර ගන්නේ. මගේ තනි කැමැත්ත විතරක් බලලා බැහැනේ. අම්මයි තාත්තයි කියන්නෙත් මගේ හොඳ ප්‍රේක්‍ෂකයෝ දෙදෙනෙක්...."
 
"ඔහු වැනි කෙනකු මගේ ජීවිතයට ලැබීම එක්තරා ආකාරයකට මට ලැබුණු භාග්‍යයක්..."
 
"තව වසර දෙකකින් වගේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා..."


සඳනි කියන්නෙ තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය තාරකාවක්.
 
ඇගේ ආකර්ෂණීය රූපය නිසාම ඇය කවුරු අතරත් වඩාත් ජනප්‍රියයි කීවොත් හරි.
 
ඉතින් ඔන්න ඇය සති අන්ත පුවත්පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා...
 
කොහොමද මේ දවස්වල ජීවිත?
 
මේ දිනවල තරමක් කාර්යබහුලයි
 
යම්කිසි නිර්මාණයක් තෝරා ගන්නා විට ඔබ ඔබටම යම් යම් සීමා පනවාගෙන තිබෙනවාද?
 
ඔව් අනිවාර්යයෙන්ම, බොහෝ වෙලාවට මම චරිතය පිළිබඳ අධ්‍යයනය කරලා තමයි චරිතය භාර ගන්නේ. මට ගැළපෙනවද, මට කරන්නට පුළුවන්ද යනුවෙන් මම ගොඩක් වෙලාවට සිතනවා. 
 
සඳනි රංගනයෙහි යෙදෙන විටත් යම් යම් සීමාවන්වලට කොටු වී රංගනයේ යෙදෙනවා කියන්නේ ඇත්තක්ද?
 
රංගනයට සීමා යොදන්නට බැහැ යනුවෙන් ඇතැම් අය පවසනවා. නමුත් මම පොඩි සීමාවන් ටිකක් පනවගෙන තිබෙනවා. ඒ තුළ තමයි වැඩකටයුතු කරගෙන යන්නේ. ඒ වගේම චරිතයක් තෝරා ගන්නා විට අම්මගේ තාත්තගේ කැමැත්තත් බලලා තමයි චරිතය තෝර ගන්නේ. මගේ තනි කැමැත්ත විතරක් බලලා බැහැනේ. අම්මයි තාත්තයි කියන්නෙත් මගේ හොඳ ප්‍රේක්‍ෂකයෝ දෙදෙනෙක්. එයාලා අදහස් දක්වන්නෙත් ප්‍රේක්‍ෂකයන්ගේ කෝණයෙන්. එයාලගේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණොත් මම දෙවරක් නොසිතාම ඒ චරිතය භාර ගන්නවා.
 
කුඩා වයසකින් විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසකගේ ආදරයට ලක්වීම පිළිබඳ මොකද සිතෙන්නේ?
 
ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනා ගන්නට ලැබෙනවා කියන්නේ එය ඇත්තටම පිනක්. කෙනකුට අවංක ආදරයක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. මම මේ ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ වයස අවුරුදු දහ අටේදී. ප්‍රේක්‍ෂකයන් දකින දකින රංගන ශිල්පීන්ට කැමැති වෙන්නේ නැහැනේ. රසිකයන් යම් ශිල්පියකුට කැමැති වන්නේ ඔහුගේ හෝ ඇයගේ යම් දක්‍ෂතාවකට නැතිනම් යම් කිසි ආකර්ෂණයකට. ඉතින් මම සෑම විටම උත්සාහ කරන්නේ මට ලැබෙන ප්‍රේක්‍ෂක ආදරය රැක ගන්න.
 
ජනප්‍රිය චරිතයක් වනවිට සෑදෙන කටකතා ප්‍රමාණය වැඩියි. සඳනි කොහොමද එවැනි චෝදනාවලට මුහුණ දෙන්නේ?
 
මට නම් මම දැනුවත්වම තවම එහෙම එවැනි චෝදනා එල්ලවෙලා නැහැ. නමුත් මේ ක්‍ෂේත්‍රය තුළ සිටින විට කටකතාවක් නොසෑදී තිබෙන්නේ නැහැ. අපි නොදන්නවා වුණත් අපි ජීවිතේටවත් නොකරපු දෙයක් වෙනුවෙන් වුණත් කතාවක් සෑදෙන්නට පුළුවන්.
 
මම හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වන කෙනෙක්. එය මගේ ප්‍රතිපත්තියක්. හදවතට එකඟ නොවන කිසි දෙයක් මම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම වැඩේ කරලා ගෙදර යන කෙනෙක්. ඒ නිසා බොහෝ දුරට මට කටකතා හැදෙනවා අඩුයි.
 
සඳනි දැන් ගායිකාවක් විදිහටත් රසිකයන් අතර ජනප්‍රියයි නේද?
 
ඔව්. පියත් රාජපක්‍ෂ සහ මම ගායනා කරන මගේ පළමු ගීතය වන “ආදරේ මා නමින්” ගීතය එළි දැක්වූවා. එහි සංගීත නිර්මාණය පියත් රාජපක්‍ෂ. ගීතය ලිව්වේ විඳුල අල්විස් සහ ඩිලාන් වීරසූරිය. එයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනට මම සංගීත විෂය හදාරනවා සහ ඉදිරියේදී ගීත කිහිපයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.
 
වර්තමානයේ රටෙහි ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාවට බලපා තිබෙන්නේ කෙසේද?
 
කලාවට ලොකු බලපෑමක් ඇති වී තිබෙනවා. අපි ෂූටින් යන ට්‍රාන්ස්පෝට් එකේ පවා ලොකු ගැටලුවක් මතුවී තිබෙනවා. නමුත් අපව අපහසුතාවට පත් නොකර ඔවුන් සියලු පහසුකම් අපට සපයනවා. විශාල අර්බුදයක් මැද තමයි අපිත් ප්‍රේක්‍ෂකයන්ගේ රසාස්වාදය වෙනුවෙන් කැපවෙනු ලබන්නේ. නමුත් අපහසුතා මැද වුවත් ප්‍රේක්‍ෂකයන්ගේ වින්දනය වෙනුවෙන් අපි දිගටම කලා කටයුතු කරගෙන යනවා.
 
පෙම්වතාගෙන් ඔබේ වැඩකටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?
 
ඔහුගෙන් මට කියා ගන්නට බැරි තරම් සහයෝගයක් ලැබෙනවා. මගේ සෑම වැඩකදීම ඔහු මගේ අසලින්ම සිටිනවා. රංගනයේදී චරිත තෝරා ගැනීමේදී වුණත් මේ දේවල් කරන්නට එපා යනුවෙන් සීමා දමන්නේ නැහැ. ඒ වගේම දෙදෙනාම එකම වෘත්තියේ සිටීම දෙදෙනාට දෙදෙනාවම තේරුම් ගැනීමට පහසුවක්. එහෙම වුණාම ගැටලු ඇතිවීම අඩුයි. සෑම දෙයක්ම හොඳ අවබෝධයකින් කර ගන්නට පුළුවන්. ඔහු වැනි කෙනකු මගේ ජීවිතයට ලැබීම එක්තරා ආකාරයකට මට ලැබුණු භාග්‍යයක්. ඔහු දන්නවා මේ ක්‍ෂේත්‍රය තුළ වැඩකටයුතු සිදු වෙන්නේ කොහොමද යනුවෙන්. මටත් ඔහුගේ වැඩකටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. එහෙම වුණාම ප්‍රශ්න ඇතිවීම බොහෝ දුරට අඩුයි. සෑම දෙයක්ම හොඳ අවබෝධයකින් යුතුව කරගන්නට පුළුවන්.
 
සඳනි ළඟදීම විවාහ වේවිද?
 
අපි දෙන්නම මේ පිළිබඳ කතාබහ කර තිබෙනවා. මට තවම වයස විසි තුනයි. ඔහුට වයස අවුරුදු විසි හතයි. ඉතින් අපි දෙදෙනා තව වසර දෙකකින් වගේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි දෙදෙනාටම වෙන් වෙන් වශයෙන් සැබෑ කර ගැනීමට ඉලක්ක සහ දෙදෙනාටම එක්වී සැබෑ කර ගැනීමට සිහින බොහොමයක් තිබෙනවා. එම ඉලක්ක සපුරා ගැනීමට හැකි වූ සැණින් අපි විවාහ වේවි.
 
වර්තමානයේ තිබෙන කල්ලිවාදය පිළිබඳ ඔබේ අදහස කතා කළොත්?
 
අවංකවම කතා කළොත් මට තවම එවැනි දෙයකට මුහුණ දීමට සිදුවී නැහැ. මම නොදැනුවත්වම ඒ දේවල් සිදුවී තිබෙනවාද යන්න දන්නේ නැහැ. 
 
ඔබ සිතන ආකාරයට කලාකරුවකුට වෘත්තීය මට්ටමෙන් ස්ථාවර වීමට අපහසු ඇයි?
 
මම සිතන්නේ රංගන ශිල්පියකුට පමණක් නොවෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක සිටින කෙනකුට එක රැකියාවකින් පමණක් වර්තමානයේදී ජීවත් වීම අපහසුයි. අද රජයේ රැකියාවක් කරන කෙනෙක් වුණත් තවත් රැකියාවක් සිදු කරනවා. රංගන ශිල්පියෙක් ගත්තත් එහෙමමයි. අපි කරන්නෙත් එක්තරා රැකියාවක්. අපිටත් මේ ක්‍ෂේත්‍රය තුළ ස්ථාවර වන්නට කොහොමත් අපහසුයි.
 
සඳනිගේ වැඩකටයුතුවලට නිවෙසින් ලැබෙන සහයෝගයක් මතක් කරමු?
 
ගෙදරින් තමයි ලොකු සහයෝගයක් ලැබෙන්නේ. අම්මා, අයියා, අක්කලා තමයි මගේ ලොකුම ශක්තිය. මගේ තාත්තා දැනට මාස එකහමාරකට ඉහතදී මිය ගියා. තාත්තා සිටින කාලයේ මගේ හොඳම ප්‍රේක්‍ෂකයා තාත්තා. දැන් අම්මා තමයි හැම දෙයකදීම ළඟින් ඉඳගෙන මට සහයෝගය ලබා දෙන්නේ.
 
සචිනි බස්නායක
හදගැස්ම
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top