මාතර - ඌරුබොක්ක - ඉන්දොල ප්‍රදේශයේදී ගුරුවරියක් කිසියම් පිරිසක් විසින් අද උදෑසන පැහැරගෙන ගොස් තිබෙනවා.
ඌරුබොක්ක - දම්පාල විලයාය විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සිදුකරන ගුරුවරියක් මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මාවරල - පුවක්ගහගේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහක තරුණියක් වන පැහැර ගැනීමට ලක්වු ගුරුවරිය අද උදෑසන පාසල වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික මගී බස් රථයකින්.
බස් රථයෙන් බැස පාසල වෙත ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක සිටි පිරිසක් ඇයව පැහැරගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පැහැර ගැනීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.