මීට දින කිහිපයකට පෙර උපකාරක පන්තියකට යමින් සිටි පාසැල් සිසුවියකට වාහනයකින් පැමිණ අයුතු යෝජනාවක් කළ අයෙකු අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසිය කටයුතු කර තිබෙනවා.
සිද්ධියට අනුව ගනේමුල්ල ප්‍රදේශයේ පාරක උපකාරක පන්තියට යමින් සිටි රූමත් සිසුවියකගේ පසුපසින් අලුතින් ගත් හයිබ්‍රිඩ් රථයක් පැමිණ තිබෙනවා. එය තුල සිට ඇත්තේ රගර් ක්‍රීඩාව පිළිබඳව උපදේශකවරයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පාරේ යන සිසුවිය අසලටම වාහනයෙන් පැමිණ ඔහු එහි වීදුරුව පහත් කර තිබෙනවා. පසුව අසල පිහිටි හමුදා කඳවුරකට යන ආකාරය ගැන විමසා තිබෙනවා.
ඇය හයිබ්‍රිඩ් රථයේ පැමිණි කඩවසම් තරුණයාට සිනහවක් පා පවසා ඇත්තේ මේ පාර දිගේ ගිහින් හැරී එහා පැත්තේ පාරෙන් ගියාම යන්නට පුලුවන් කියායි. එමෙන්ම අපේ පන්තිය ඇත්තේද ඒ අසල බවට ඇය පවසා තිබෙනවා
ඔයත් යන්නේ එතැනටද ඇසූ විට ඇය ඔව් කියූ නිසා තමන්ගේ වාහනයෙන් එතැනට ගිහින් දාන්නම් යැයි උපදේශකවරයා පවසා තිබෙනවා. සිසුවියට එයට කැමති වී වාහනයේ නැඟ ඇති අතර ඇය පසුපස ආසනයට යන්නට හදන විට ඉදිරි අසුනට එන්නට කියා ඔහු යෝජනා කර තිබෙනවා.
පසුව දෙදෙනාම වාහනයේ යන අතර උපදේශකවරයා හිටිගමන් ගමන්මඟ වෙනස් කර පාළු පාරකට වාහන හරවා තිබෙනවා. එය දුටු සිසුවිය බියට පත්ව මම කීවේ ඔය පාර නෙවෙයි කොහෙටද ඔය යන්නේ යැයි විමසා තිබෙනවා.
එම අවස්ථාවේදී සිය කලිසම ගලවා වාහනයේ නංවාගත් සිසුවියට මොහු අතවර කරන්නට උත්සාහ කර තිබෙනවා. ඔහුගේ ක්‍රියාවෙන් බියට පත්වූ සිසුවිය මහ හයියෙන් කෑ ගසන්නට වී ඇති අතර පසුව කාමාතුරයා තල්ලුකර පැන දුවන්නට සමත්වී තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් වාහනයේ ගමන් කළ පුද්ගලයාව අල්ලන්නටත් කටයුතු කර තිබෙන අතර ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන අයකු බවත් ඔහු හමුදාවට සම්බන්ධ අයකු නොවන බවත් වාර්තා වී තිබෙනවා. ලිංගික අතවර චෝදනා යටතේ සැකකරුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටිනවා.