කොළඹ කොටුවේ බස්නැවතුම්පලක රෙදි බෑගයේ දමා තිබූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් පසුගිය සතියපුරාම රටපුරා කතාබහක් ඇතිවුණා. පසුව එම මළසිරුර යාපනයේ කාන්තාවකගේ බවට හඳුනාගත් අතර ඇයගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟින් මව විසින් පැමිණ මේ සිටින්නේ තමන්ගේ දියණිය බව පවසා සිටියා.
පසුව මොවුන් දෙදෙනා සිටි ලැගුම්හගේ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කිරීමත් සමඟින් මෙම ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයාද හඳුනාගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.
එමෙන්ම මියගිය කාන්තාවගේ මවද රෙදි බෑගය උස්සන් යන්නේ ක්‍රිෂ්ණා නැමැති පුද්ගලයා බවට හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මව විසින් පොලිසියේ කටඋත්තරයක් දෙමින් පවසා සිටියේ පහත පරිදියි.
මගේ දුවගේ විවාහක ස්වාමියා එයාව දාලා රට ගියා. මීට අවුරුදු හතරකට උඩදී මනිප්පායි ප්‍රදේශයේ පදිංචි ‘ක්‍රිෂ්ණා’ කියලා කෙනෙක් එක්ක මගේ දුව සම්බන්ධයක් පැවැත්වූවා. ඔහුත් එක්ක එයා ජීවත් වුණේ කොළඹයි. මගේ දුවගේ මළ සිරුර දාලා තිබුණ බෑග් එක උස්සගෙන යන්නේ ‘ක්‍රිෂ්ණා’ කියලා මං ෆොටෝවලින් හඳුනාගත්තා‘‘
“මියගොස් සිටින්නේ මගේ වැඩිමහලු දියණියයි. ඇය 2003 වර්ෂයේදී කොකුවිල් පදිංචි ආරුමෙයි රාසා රංගන් යන අය සමග විවාහ වුණා. එයාලාට දුවෙක් ඉන්නවා. මගේ ලොකු දුවගේ මහත්තයා හරියට අරක්කු බොනවා. දෙන්නා අතර ප්‍රශ්න තිබුණා. ඒ නිසා දෙන්නා වෙන් වුණා. දරුවා හදා ගන්නේ මහත්තයාගේ ඥාති කෙනෙක්.
මීට අවුරුද්දකට කලින් එයා කොළඹ ගියා. දුවටත් එන්න කියලා කියපු නිසා දුවත් කොළඹ ගියා. ක්‍රිෂ්ණා ගැන වෙන මොනවත් මම දන්නෙ නෑ. එයාගේ සම්පූර්ණ නමවත් මං දන්නෑ. දුව මට අන්තිමට කතා කළේ පසුගිය 28දා. ඒ දුව මැරෙන්න දවස් දෙකකට කලින්. එයා කිව්වා “අම්මේ, මම රත්තරං මාලෙකුයි මුද්දකුයි ගත්තා. දැන් කරදරයක් නැතිව ජීවත් වෙනවා. දැන් ප්‍රශ්නත් අඩුයි කියලා.” කීවා. ඊට පස්සේ 30දා උදේ තමයි මම දැන ගත්තේ දුවට කරදරයක් වෙලා කියලා.