16 හැවිරිදි දැරියක අනියම් බිරිඳ ලෙස තබාගනිමින් ඇයගේ මාර්ගයෙන් මත්කුඩු පැකට් විකිණීමේ ජාවාරමක යෙදුණු "බූතයා" යනුවෙන් හඳුන්වන ජාවාරම්කරුවකු වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ එම දැරිය සහ හෙරොයින් පැකට් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සමත් වී ඇති බවට වාර්තා වෙනවා.
මොල්ලිගොඩ ආයුර්වේද රෝහල පාරේ පිහිටි නිවෙසක් වටලා අදාල දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇයගේ අනියම් සැමියා තමන් මාර්ගයෙන් කුඩු පැකට් විකිණීම සිදුකරන ආකාරය දැරිය විසින් හෙළිදරව් කර තිබෙනවා.
සැකකරු සමඟ වසරක සිට මොල්ලිගොඩ ප්‍රදේශයේ අඹු සැමියන් ලෙස ජීවත් වී ඇති බව කියන මොවුන් දෙදෙනාගෙන් දැරිය පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බවටත් පැවසෙනවා.
ඊයේ (14දා) උදේ සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි වී සිටින නිවෙසේ පොල් ලෙලි යට වළක් හාරා වීදුරු බඳුනක දමා කාටත් රහසින් සඟවා තිබූ හෙරොයින් පැකට් 30ක තොගයක් පොලිසිය විසින් සොයාගැනීමට සමත්වී තිබෙනවා.
මොවුන් පැකට් කරන ලද හෙරෙයින් අනියම් බිරිය ලවා එකක් රුපියල් 500 සිට 1000 දක්වා වූ මිලකට විකුණන බවද පොලිසිය විසින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.වැටලීමේදී සොයාගන්නා ලද දුරකතන අංක කීපයක් ඔස්සේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා.