UPDATE: බන්ධනාගාරය ඇතුළේ රන්ජන් සමඟ සෙල්ෆි ගහන්න, මන්ත්‍රී හර්ෂණට අවසර දුන් නිලධාරීන්ට වැඩ වරදියි අඟුනකොලපැලස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හමුවීමට ගිය සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට ජංගම දුරකථනය බන්ධනාගාරය තුළට රැගෙන යාමට අවසර දුන් නිලධාරීන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.
මෙම හමුවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා රන්ජන් රාමනායක සමග බන්ධනාගාරය තුලදී ගත් සෙල්ෆි ඡායාරුපයක් සිය මුහුණු පොතේ පළකරමින් සටහනක්ද ලියා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සිය පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කතානායකවරයට ද පැමිණිලි කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැඩිදුරටත් කියා සිටියේ.
හර්ෂණ රාජකරුණා තැබූ ෆේස්බුක් සටහන පහතින්...
සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිතවත් දේශපාලන සඟයා රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අදදින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යන්නට මා හට අවස්ථාවක් ලැබුණි. එම අවස්ථාවේදී මේ වන විට ඔහු ගත කරමින් සිටින බන්ධනාගාර ජීවිතය පිළිබඳව යමක් වටහාගන්නට මා හට හැකි විය......................... මේ විට ඔහුට ජීවිත අවදානමක් පවා ඇති බව මට පමණක් නොව සාධාරණව සිතන පතන ඔබ කාටත් වැටහෙන කරුණකි කෙසේ වෙතත් හිතවත් දේශපාලන සඟයානනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වගකීමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුලත් ඉන් එපිටත් ඔබ වෙනුවෙන් හඩක් නගන්නට මා කිසිවිටකත් පසුබට වන්නේ නැත
