මෙවර පැවැත්වෙන මහමැතිවරණයේදී නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් වන අවසන් දිනය යෙදෙන අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.
ඒ මඟින් ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට දරන සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කරනු ඇතැයි කතා පැතිර තිබෙනවා.
පසුගියදා මහින්ද රාජපක්ෂට නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ පුවත සැලවීමත් සමඟින් ජනාධිපතිවරණයේදී ඔහුට සහය දැක්වූ දේශපාලන කණ්ඩායම් දැඩි විරෝධතාවයක් එල්ල කළ අතර එය පක්ෂය වෙනුවෙන් ගත් තීරණයක් බවට ඇතැමෙකු ප්‍රකාශ කරන්නට වුණා.
කෙසේ නමුත් සන්ධානයේ නාමයෝජනා ලබාදුන් පිරිස අතර වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂගේ පිලේ අය වීම නිසාවෙන් නිදහස් සන්ධානයේ වැඩි බලයක් ඔහු වටා එක්රොක් වීම හේතුවෙන් පක්ෂය මහින්ද රාජපක්ෂට භාරදී ජනපතිතුමා ඉවත්ව යනු ඇති බවටත් කතා පැතිර තිබෙනවා. ඒ පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් මඟින් දැනුම් දීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.