ඩුබායි රජ්ජුරුවන්ගේ 35 හැවිරිදි දියණිය Latifa bint Mohammed Al Maktoum ගේ වීඩියෝවක් ආන්දෝලනාත්මක පුවතක් ලෙස විදෙස් පුවත් බොහොමයක වාර්තා කර තිබෙනවා. එය ලෝකයේම අවධානය යොමු වූ පුවතක් බවයි සඳහන් වන්නේ. ඇය මේවනවිට යම් කිසි පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගැනීමකට ලක්ව ඇති බව කියමින් ඇය වීඩියෝවක් විදෙස් මාධ්‍යක් වෙත නිකුත් කර තිබෙනවා.
ඇය පවසන්නේ "මට මේ හිරගෙදර ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න ඕන නෑ, මට ඕනේ නිදහස් වෙන්න. ඔවුන් මා එක්ක මොනවා කරන්න සැලසුම් කරනවාද කියලා මම දන්නේ නැහැ..මම මේ වීඩියෝව ගන්නේ ෆෝන් එකෙන් නාන කාමරේ ඉදලා, එදා ගුවන් යානයේ මගේ දකුණු පැත්තේ හිටියේ ඉන්දියාවේ කියලා අනුමාන කරන සොල්දාදුවෙක්. මගේ අත්දෙක වගේම කකුල් දෙක තදකරලා හිටිය නිසා මට එයාලා එක්ක පොරබදින්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මම එතනින් බේරෙන්න සෑහෙන්න උත්සහ කළා. එක අතකින් මම ඔවුන්ට ගැහුවා. නමුත් මට ඔවුන්ගෙන් බේරෙන්න බැරි වුනා..මට හිර හැර කළා.. එතන හමුදා නිලධාරීන් කීයක් හිටියද කියලා මට කියන්න මතක නැහැ..ගොඩක් හිටියා.." යනුවෙන් ඇය දීර්ඝ විස්තරයක් කර තිබෙනවා.