මහියංගනය, ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ හද්දත්තාව, 12 ඇළ ප්‍රදේශයේ කුඹුරක කපා කොටා ඝාතනය කල මළසිරුරක් පසුගිය දිනෙක කුඹුරට පොහොර ගැසිම සඳහා ගිය යුවලකට හමුවි තිබූ අතර පසුව ඔහුන් ගම්වාසින් දැනුවත් කර මහියංගන පොලිසියද මේ පිළිබඳව දැනුවත් කර තිබුණා.
මළ සිරුර වයස අවුරුදු 30-40 අතර අයෙකුගේ බවට එහිදී පැවසුණු අතර නිරුවතින්, මුනින් අතට වැටි සිටි ඔහුගේ හිසේ හා සිරුරේ ස්ථාන රැසක කැපුම් තුවල දක්නට ලැබී තිබෙනවා.
සිරුර ආසන්නයේ ඇල මාර්ගයක තිබි ඩිජිටල් කැමරාවක්ද ගම්වාසින්ට හමුවී ඇති අතර එය පොලිසියට බාර දීමට ඔවුන් කටයුතු කර තිබුණා.
එම කැමරාවේ තිබූ මෙමරි චිප් එකෙහි ඡායාරූපයක වූ වාහනයක අංකයක් ඔස්සේ පරීක්ෂණ පවත්වා ඔහුගේ මිතුරෙකු පිළිබඳව තොරතුරු ලබාගෙන ඇති පොලිසිය පසුව ඔහුගේ නිවසේ තොරතුරු සොයගැනීමට සමත්වී තිබෙනවා.
පසුව ඔහුගේ ජංගම දුරකථන පරීක්ෂාකර එහි ලබාගත් ඇමතුම් ඔස්සේ යමින් පොලිසිය හෝඩුවාවක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව මියගොස් ඇති පුද්ගලයාගේ ඥාතියෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති අතර එම අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සියල්ල හෙළිකර ඇත.
ඉඩමක පටලැවිල්ලක් නිසාවෙන් මෙම ඝාතනය ඔහු විසින් සිදුකළ බවට මෙන්ම මරණය සිදුකරන දිනයේදී දෙදෙනාම මත්පැන් පානය කළ බවත් ඔහු පවසා තිබෙනවා. පසුව කැළයක් වැනි ප්‍රදේශයකට පුද්ගලයා ගෙන ගොස් පිහියකින් ඇණ ඔහුව ඝාතනය කළ බවටද ඔහු පාපොච්චාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
.JPG)