අඩි 45ක් පමණ ගැඹුරු ළිඳකට වැටුණු දැරියකගේ දිවි බේරා ගැනීමට යුද හමුදා සෙබළුන් කටයුතු කළ පුවතක් මුලතිව් - කේපාපිලව් මහා විද්‍යාලයෙන් වාර්තා වනවා.
එහි 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටී. සංජිකා නමැති දස හැවිරිදි දැරිය ඊයේ පාසල් කාලය තුළ පාසලේ ළිඳෙන් ජලය ලබා ගනිමින් සිටියදී පය ලිස්සා ඊට ඇද වැටී තිබෙනවා.
දැරියගේ කෑගැසීම ඇසූ අනෙකුත් පාසල් දැරියන් ද ඇය බේරා දෙන ලෙස ඉල්ලමින් කෑ ගසා ඇති අතර, පාසල අසළ නිවාස ව්‍යාපෘතියක ඉදිකිරීම් කරමින් සිටි 59 වන සේනාංකයේ භට පිරිසක් ළිඳ අසළට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවයි.