කිලිනොච්චිය - උරුත්තිපුරම් ප්‍රදේශයේදී අතුරුදන් වූ තුන් හැවිරිදි උදයකුමාර් යර්ෂිකා දැරිය, අනියම් සැමියාට ලබාදුන් බවට මව සිදුකළ ප්‍රකාශකට අනුව දැරිය සොයා පොලිස් කණ්ඩායමක් ඊයේ (24) යාපනය බලා පිටත්ව ගියා.
දැරියගේ මව සිදුකළ ප්‍රකාශ අනුව ස්ථාන කිහිපයක් පරීක්ෂා කළත් මෙතෙක් ඇය හමුවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
මව සමඟ දිය නෑමට ගිය උදයකුමාර් යර්ෂිකා දැරිය අතුරුදන් වූ බවට වාර්තා වන්නේ පසුගිය 21 වනදායි. උරුත්තිපුරම් ප්‍රදේශයේ ඇළ මාර්ගයක දියනෑමට ගිය මව, යර්ෂිකා දැරිය එහි ඉවුරේ ගලක් මත තබා දිය නා අවසන් වී ආපසු එන විට දැරිය අතුරුදන්ව සිටි බවයි මවගේ ප්‍රකාශය අනුව පළමුව වාර්තා වුණේ. ඒ අනුව දැරිය සෙවීම සඳහා දින 3ක් තිස්සේ පොලිසිය ආරක්ෂක හමුදාවන්ගේ ද සහය ඇතිව පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එසේම දැරිය රටින් පිටකිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වුවහොත් එය වැළැක්වීම සඳහා ගුවන්තොටුපල බලධාරින්ට ද දැරියගේ ඡායාරූප ලබාදීමට පොලීසිය පියවර ගත්තා. දැරියගේ මව ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරන්නේ ඉන් අනතුරුවයි.
වැඩිදුර විමර්ශනවලදී යර්ෂිකා දැරිය, තම අනියම් සැමියාට ලබාදුන් බව මව ප්‍රකාශ කර ඇති අතර, අදාළ තොරතුරු පදනම් කරගෙන පොලීසිය යර්ෂිකාගේ මව සමඟ යාපනයට ගියා. කෙසේ වෙතත් මෙතෙක් දැරිය පිළිබඳ නිසි තොරතුරක් ලැබී නොමැති අතර, මව සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්ද පොලීසියට මතුව ඇත්තේ ගැටළුකාරී තත්ත්වයක්. පරස්පර ප්‍රකාශ මීට අදාළ පරීක්ෂණවලට බාධාවක් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.
මේ පිළිබඳ මීට පෙර වාර්තාව
මෙතනින්...