ජාත්‍යන්තර සංගීතයේ නැවුම් අත්දැකීම් කවදත් ඔබ වෙත ගෙන එන හිරු සාඩම්බරයෙන් ඉදිරිපත් කළ Vishal & Shekhar Live in Concert අතිසාර්ථකව නිමාවුණා. බොලිවුඩ් චිත්‍රපට සංගීතයේ පෙරළිකාර විශාල් සහ ශේකර් ශ්‍රී ලාංකීය රසික රසිකාවියන් හමුවට ප්‍රථමවරට පැමිණියේ සුපිරි ගායිකා නීති මෝහන් සමඟයි.
ඊයේ (30) කොළඹ 5 හැව්ලොක්ස් ක්‍රීඩාංගනයේ පැවති Vishal & Shekhar Live in Concert නැරඹීමට අති විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි අතර විශාල්, ශේකර් සහ නීති මෝහන්ගේ ආකාර්ෂණීය ඉදිරිපත් කිරීම් ඔවුන්ගේ සිත් අමන්දානන්දයට පත් කළ අතර මෙය ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන සුවිශේෂී සංගීතමය අත්දැකීමක් වූවාට සැකයක් නෑ.
