ඇහැලියගොඩ - දන්දෙනිය ප්‍රදේශයේ නිවසක සංගීත ශබ්දාගාරයක් තුළ බරපතල තුවාල සහිතව වැටී සංගීත ශිල්පියෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 8 වනදා රාත්‍රියේ අදාළ පුද්ගලයා තවත් අයෙකු සමඟ අදාළ ශබ්දාගාරය තුළ රැදී සිට ඇති බවයි. මිතුරෙකු බව කියන එම පුද්ගලයා හදිසියේ පිටව යන අයුරු නිවසේ සිටි අනෙකුත් අය දැක ඇති බව සඳහන්.
අනතුරුව ඔවුන් ශබ්දාගාරය නිරීක්ෂණය කරද්දී දැක ඇත්තේ සංගීත ශිල්පියා බරපතල තුවාල ලබා වැටී සිටි අයුරුයි. නිවැසියන් ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. හිසට සිදුව ඇති බරපතල තුවාල හේතුවෙන් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙය ඝාතනයක්දැයි මේ වන විට පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ මිතුරෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.