මියගිය දැරියගේ මරණ පරික්ෂණයෙන් හෙළිවූ දේ....
මම පිටිපස්ස හැරිලා බලනකොට නංගිගේ කකුළ විතරයි තිබුණේ...
නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට් දැමීමෙන් පසු ඇති වූ පිපිරීමකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් අපට දෙල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පොලීසිය සඳහන් කළේ පිපිරීමෙන් ඇයගේ මව බරපතළ තුවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
කඩවත - දෙල්ගොඩ ඉසිකිලිකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පිටුපස ඇති වැසිකිළිවල මීයන් හෑරීම නිසා දින කිහිපයක සිට දුගඳ හමමින් තිබූ බවත් එම දුගඳ නැති කිරීම සදහා ඊට කාබයිට් යොදා තිබුණේ පියා විසින්.
ඒ වන විට පුංචි තක්ෂිලා වැසිකිලිවලට යොදා තිබූ කොන්ක්‍රීට් ලෑල්ල මත සෙල්ලම් කරමින් සිට ඇති අතර පියා විසින් වැසිකිළිවලට යෙදූ කාබයිට් ක්ෂණිකව පුපුරායාමෙන් ඇය එම වළ තුළට වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණා.
දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ඇයයි.
අසල්වාසියෙක්
එක පාරට බෝම්බයක් පුපුරනවා වගේ සද්දයක් ඇහුණා. මම දුවගෙන ආවා. එතනට එනකොට ළමයෙක් වළේ කිව්වා. බලපුවහම ළමයාගේ කකුළ විතරක් උඩ පේනන තිබුණා. ඊට පස්සේ අපි පිරිස හිටියා වටේට ඒ පිරිස එක්ක කතා කරලා ඔක්කොම කරලා උස්සලා ගත්තා. අරගෙන ත්‍රී වීල් එකක පටවලා හොස්පිටල් එකට යැව්වා. ඒ දරුවට මේ වගේ වේදනාවක් වුණහම දරාගන්න බැරි නිසා මේ වගේ දේවල් කරන්න එපා.( අඬමින්) කිසිකෙනෙක් උපදේශයක් නැතුව.
මියගිය දැරියගේ පියා
ගන්න පුළුවන්ද කියලා බැලුවා බැහැ. කොන්ක්‍රීට් ලෑල්ල උස්සන්න හැදුවා බැහැ. කකුළෙන් ඇඳලාගන්න හැදුවා බැහැ. සම්පූර්ණ ගමම මෙතෙන එකතු වෙලා තමයි කෙල්ලව කොහොම හරි ගොඩ ගත්තේ. නැත්නම් අදටත් තාම ඔතන.
මියගිය දැරියගේ සීයා
මරණ පරීක්ෂණය කළාට පස්සේ වෛද්‍ය නිලධාරී කිව්වා කාබයිට් දාපු ප්‍රශ්නෙ නෙවෙයි කිව්වා තියෙන්නේ මීයෝ හාරපු තවුවෙන් පොඩි මේකක් ගිහිං ගින්දරට අහුවෙලා ඒකෙන් නැවත මේකට ඇවිල්ලා මේක බ්ලාස්ට් වුණ එක තමයි කිව්වේ.
මියගිය දැරියගේ සහෝදරිය
එක පාරටම පුපරනවා වගේ සද්දයක් ඇහුණා. ඇහිච්ච ගමන් මං විසිවුණා වගේ වුණා. මම පිටිපස්ස හැරිලා බලනකොට නංගිගේ කකුළ විතරයි තිබුණේ. ඊට පස්සේ එතනින් පහළට බැහැලා යනකොට අම්මාගේ කකුළ් දෙක වෙන්වෙලා බිම වැටිලා හිටියා.
ඒ අසළ මිදුල අතුගාමින් සිටි ඇයගේ මව ද අවාසනාවන්ත ලෙස එම පිපිරීමට මැදිව දෙපා අහිමිව මේ වන විට ගම්පහ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
තවමත් සිය දියණිය ජීවිතක්ෂයට පත්වූ බව නොදත් මව දෙල්ගොඩ නගරයේ ලොතරැයි අලෙවි කළ කාන්තාවක්.
පිපිරීමෙන් නිවසටද හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.
VIDEO