චන්ද්‍රානි ස්වර්ණලතා ඉකුත් අප්‍රේල් 5 වනදා ඝාතනය කිරීම ගැන ඇයගේ දෙවැනි පුතු වන මහේෂ් ශ්‍රියානන්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු ඊයේ (05) අධිකරණයට ඉදිරිපත් කළේ දෙවැනි වතාවටයි.
සැකකරුගේ ජංගම දුරකථනය හා සිම් කාඩ්පත් දෙකක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඝාතනය සිදුවූ දින රාත්‍රි සැකකරු විසින් යොමු කරන ලද ජංගම දුරකථන කෙටි පණිවිඩ ගැන වාර්තාවක් ලබාගැනීමට එම සිම් කාඩ්පත් මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යැවීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සීතා රංජනී මහත්මිය සැකකරුට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව දැනුම් දුන්නේය.
සැකකරු අධිකරණය හමුවේ මීට පෙර ප්‍රකාශයක් ලබාදී ඇතැයිද එම ප්‍රකාශය ලබා දෙන්නේ කිසිදු බලපෑමකින් තොරව බව අධිකරණය කිහිප වරක් විමසීමේදී සැකකරු එදින පැවසූ බව මෙහිදී අධිකරණය දැනුම් දුන්නා.
නීතිය හා අධිකරණය හෑල්ලු නොකරන ලෙසත් කිසිදු බලපෑමකින් තොරව කලින් ප්‍රකාශයක් සිදු කළ බවත් සැකකරු අධිකරණයට පැහැදිලිව පවසා ඇති නිසාත් යළිත් රහසිගත ප්‍රකාශයකට අවසර ලබා නොදෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
සාධාරණ කාලයක් තිබියදී එවැනි ප්‍රකාශයක් කිරීමට ඉල්ලීමක් නොකර දැන් සිදු කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද අධිකරණය සඳහන් කළා.