දිස්ත්‍රික්ක 4ක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබියදීම හෙට සිට ජන ජීවිතය යථාවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ කාර්යාලවල රාජකාරී කටයුතු සිදුකිරීමේදී සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගැනීමට ඔබ තරයේ සිහි තබාගත යුතුයි.
ඔබේත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන්ම රැකියා ස්ථානයට ඇතුළුවන්නට පෙර සිටත් - කාර්යාලයෙන් පිටවන මොහොත වනතුරුත් අනුගමනය කළ යුතු අරක්ෂිත ක්‍රයාමාර් රැසක් පවතිනවා.
හෙට අළුයම 5 ට ඇඳිරිනීතය ඉවත්වන්නේ දිස්ත්‍රික්ක 21ක් සඳහා පමණක් වන අතර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.
එසේ ඇඳිරිනීතිය පවතිද්දීම ජන ජීවිතය යථාවත් කිරීමට රජය පියවර ගැනීමත් සමඟ හෙට සියළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාජකාරී කටයුතු ආරම්භ කළත් ඔබ රැකියා ස්ථානයට යාතුද යන්න ආයතන ප්‍රධානියාගෙන් විමසන්න.
ආයතන ප්‍රධානියාගේ අනුමැතිය පරිදි ඔබ කාර්යාලයට යායුතු නම් ඒ සඳහා ලිපියක්, අවසර පත්‍රයක් හෝ අවම වශයෙන් කෙටි පණිවුඩයක් ආයතන ප්‍රධානියාගෙන් ලබාගන්න.
එය ඔබේ ප්‍රවාහන පහසුකම් සඳහා පහසුවක් වේවි.
ඔබ ප්‍රවාහනය සඳහා දුම්රිය පහසුකම් ඉල්ලුම් කර ඇත්නම් ඒ සඳහා අවසර හිමිවන SMS පණිවුඩය වේ වන විට ඔබට ලැබී ඇති.
එහි සඳහන් වන උපදෙස් පිළිපදිමින් ඔබට හිමි දුම්රිය මැදිරියේ, ඔබට හිමි ආසනයේ අසුන්ගත යුතුයි.
කාර්යාලයට යාමට කුමන පොදු ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කළත් අප ඊයේ සඳහන් කළ සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න.
එම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කාර්යාලයට පැමිණි ඔබ කාර්යාලයට ඇතුළු විය යුත්තේ ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින්.
ආයතනය තුලට ඇතුළුවීමේදී මුව ආවරණය පැළඳීම මෙන්ම මීටරයේ පරතරය තබා ගැනීමත් අනිවාර්ය කටයුත්තක්.
කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 98.4 හෝ සෙල්සියස් අංශක 37 ට වැඩිනම් ඔහු හෝ ඇය විනාඩ් 10ත් 15ත් අතර කාලයක් විවේක ගැන්වීමෙන් අනතුරුව යලි උෂ්ණත්වය පරීක්ෂා කරන්න.
ඒවන විටත් උෂ්ණත්වය වැඩිනම් ඔහු හෝ ඇය නිවෙස වෙත හරවා යැවීමට වග බලාගන්න.
ඔබ විදුලි පඩිපෙළ හෝ පියගැටපෙළ භාවිත කිරීමේදී වඩා සැළකිලිමත් වියයුත්තේ මීටරයේ පරතරය තබා ගැනීම පිළිබඳයි.
එමෙන්ම අත්වැට ස්පර්ශ නොකිරීමටත් එය ස්පර්ශ වුවහොත් විශබීජහරණ දියර භාවිත කර දෑත් පිරිසිදු කර ගැනීමටත් මතක තබාගන්න.
විදුලි සෝපානය කියන්නේ විශබීජ එකිනෙකා අතර පැතිරිය හැකි ප්‍රධාන ස්ථානයක් නිසා ඒ තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම අතිශය වැදගත්.
විදුලි සෝපානයට ගොඩවීම සඳහා වෙනදාට එකිනෙකාට සමීපව සතුටු සාමිචියේ යෙදී සිටියත් හෙට සිට ඒ පුරුදු ඉවත් කර මීටරයේ පරතරය තබා ගැනීමට ඔබ පුරුදු විය යුතුයි.
විදුලි සෝපානය තුළ ස්ථානගත වීමේදීත් නිවැරදි ක්‍රයා පිළිවෙතක් තිබෙනවා.
එය එකිනෙකා මුහුණට මුහුණ නොගැටෙන ආකාරයට, දුරස්ථභාවය තබාගෙන සිදුකළ යුතුයි.
කාර්යාලය තුළට ඇතුළුවීමේදී ඔබේ දෑත්, පාවහන්වල අඩිය විශබීජනාශක දියරවලින් සේදීමට වගබලාගන්න.
කාර්යාලය තුළ කටයුතු කිරීමේදී දිනය පුරා මුව ආවරණය පැළඳගෙන සිටීම අනිවාර්යයි.
රාජකාරී කටයුතු කිරීම සඳහා කාර්යාලයේ මේස පුටු ස්ථානගත කිරීමේදී එක් දිශාවකට පිහිටන සේ ස්ථානගත කර හිඳගන්න.
මුහුණට මුහුණ පිහිටන සේ හිඳගන්නේනම් දෙදෙනෙකු අතර ආවරණයක් තිබිය යුතුයි.
බොහෝ කලකින් මුණගැහුණු මිතුරු මිතුරියන් සමඟ කතාබහ කිරීම මීටරයේ පරතරය තබාගනිමින් සිදු කරන්න.
දොරවල් විවෘත කිරීමේදී වැලමිට භාවිත කිරීමට සිහි තබාගත යුතුයි.
නිතර විවෘත කිරීමට සිදුවන දොරවල් දිනය පුරා විවෘත කර තැබීම සෞඛ්‍යාරක්ෂිත බව තහවුරුවීමට රුකුලක් වනවා.
ඔබ මෙතෙක් කල් කාර්යාලය තුළ කටයුතු කිරීමට හුරුවූ ආකාරයක් ඇති.
නමුත් ඔබත් රටත් ගැන සිතා එම පුරුදු අමතක කර ඔබ කොවිඩ් 19 වාහකයෙකු නොවන්නටත් ආසාදිතයෙකු නොවෙන්නටත් වග බලාගන්න.
එමෙන්ම රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ රාජකාරී නොකරන, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල සිටින ඔබට ගැටළුවක් ඇති හෙට දිනයේදී නිවසින් බැහැරව යා හැක්කේ කෙසේද යන්න.
ඔබට අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා බැහැරව යාමට අවශ්‍ය නම් අදාළ දිස්ත්‍රික්කවල හෙට බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස 1 හෝ 2 සඳහන් වන අයට පමණයි.
නමුත් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක 21 ජනතාවට සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකළ හැකි වනවා.
නමුත් ඔබ නිවසින් බැහැරව යන්නේ අත්‍යාවශ්‍යම කටයුත්තකට පමණක්නම් එය ඔබේ සෞඛ්‍යාරක්ෂාව වඩා වැදගත් වේවි.
නිවසින් බැහැරට යායුතුමනම් ඔබෙත් රටෙත් ආරක්ෂා වෙනුවෙන් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළපදින්න.
මේ අතර, හෙට සිට ක්‍රියාත්මක විශේෂ දුම්රිය කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උදෑසන කාලයේ දුම්රිය 10ක් පිට පළාත්වල සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දක්වා ධාවනය වනවා.
ඒ මහනුවර, පොල්ගහවෙල, ගම්පහ, මහව, හලාවත, අළුත්ගම, පානදුර, බෙලිඅත්ත, හෝමාගම, සහ අවිස්සාවේල්ලෙන්.
මේ එම විශේෂ දුම්රිය කාල සටහන ක්‍රියාත්මකවන ආකාරයයි.
පස්වරුවේද කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකේ සිට පිට පළාත් දක්වා විශේෂ දුම්රිය 10 ක් ක්‍රියාත්මකයි.
ඒ උදෑසන ගමන් ආරම්භ වූ දුම්රිය ස්ථාන වෙත වන අතර මේ එම දුම්රිය කාල සටහනයි.