පාසැල් ගුරුවරයෙක් විසින් පාසැලේ අනෙක් අයට හොර රහසේ නිරූපණ ශිල්පයේ යෙදී ඇති පුවතක් නිසාවෙන් මෙන්ම ඔහුගේ කඩවසම් ස්වරූපය නිසාවෙන් මේ වන අන්තර්ජාලය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
පියෙත්‍රෝ බොසෙලි නම් වන ඔහු උපාධියක්ද හිමිකර ගෙන සිටින ගුරුවරයෙක් වන අතර ඔහුගේ කඩවසම් ස්වරූපය නිසාවෙන් කාන්තාවන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගැනීමට හැකියාව ලැබී ඇත.
යම් අවස්ථාවල කාන්තාවන් පැමිණ බලෙන්ම ඔහුව ස්පර්ශ කිරීමට තැත් කිරීම මේ වන විට කඩවසම් බව ඔහුට හිසරදයක් වී ඇති බවයි පවසා ඇත්තේ. එමෙන්ම ඔහුගේ මිතුරන් විසින් ඔහුව යොදගෙන වෙනත් තරුණියන් ආකර්ෂණය කරගැනීමට කටයුතු කරන බවයි මේ වන විට වාර්තා වන්නේ.
කෙසේ නමුත් මොහු වසන් කරගෙන සිටි නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ තොරතුරු සියලු දෙනාම දැනගෙන ඇත්තේ පාසැලේ සිසුවෙකු විසින් ඔහු පිළිබඳව අන්තර්ජාලයේ පිරික්සා තිබීම නිසාවෙනුයි.
වයස අවුරුදු 6 සිටම නිරූපණයේ යෙදී ඇති මොහු මේ වන විට ගුරු වෘත්තියට වැඩි වශයෙන් ඇලුම් කරන බවත් තමන්ගේ කඩවසම් රුව මේ වන විට කරදරයක් වී ඇති බවත් පවසා ඇත. මොහුගේ Instagram ගිණුමේ මේ වන විට මිතුරන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් එකතු වී ඇත්තේද ඉමහත් ප්‍රසිද්ධිය නිසාවෙනුයි.