ලොවම භීතියකට පත් කරමින් ව්‍යාප්තවීමට ආරම්භ කළ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 8,965 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 19,138 ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ඉන් පුද්ගලයින් 85,673 දෙනෙකු සුවය ලබා ඇති බව ද සදහන්.
ඉන් පුද්ගලයින් 85,673 දෙනෙකු සුවය ලබා ඇති බව ද සදහන්.
අදාළ වෛරස් ආසාදිතයින් රටවල් 173 කින් මේ වනවිට සොයාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් පසුගිය පැය 24 තුළ කිසිදු රෝගීයෙකු වාර්තාවී නොමැති බව ද එම සංවිධානය පවසනවා.
එම පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයින් 34 දෙනෙකු හදුනාගෙන ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව 8 ක්.
මේ වනවිට චීනයෙන් වෛරස් ආසාදිතයින් 80,928 ක් හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 3,245 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ ආසාදිතයින් අතරින් පුද්ගලයින් 70,420 ක් සුව ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ගත වූ පැය 24 තුළ, ඉතාලියෙන් කොවිඩ් 19 ආසාදනය වීමෙන්, පුද්ගලයින් 475 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.