අප්‍රේල් 6 වැනිදා ලක්‌මාල් පාසලේ පන්තියේ දී සොටු සූරා තවත් සිසුවකුගේ කෑම පෙට්‌ටියට දැමීම නිසා හටගෙන තිබූ ප්‍රශ්නයක් මුලික අවධානයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මියගිය ලක්මාල්ගේ පියා සම්බන්ධයෙන් ද සැකපහල වන සිදුවීම් කිහිපයක් පොලිස් ඇසට හසුවී ඇති අතර අතුරුදහන් වන විට එක් ඇඳුමකිනුත් මළසිරුර සොයා ගන්නා විට නිවසේ තිබූ වෙනත් ඇඳුමකිනුත් සැරසී සිටීම ඉන් එක් සැකසහිත කරුණක්.
ලක්‌මාල් අතුරුදන් වීමට දින කීපයකට පෙර ලයිමේ වෙනත් පවුලක් සමඟ ලක්මාල්ගේ පියා විරසක වී ඇති අතර "උඹලට අවුරුදු කන්න දෙන්නේ නැහැ" යනුවෙන් එහිදී ඔවුන්ගෙන් තර්ජන ද එල්ල කර තිබෙනවා.
"ඔක්‌කොම අඬවනවා" යයි ද ඔවුන් සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා.