හලාවත - විල්පත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72 ක් වයසැති වයෝවෘද්ධ කාන්තාවක් දුෂණය කර ඇතැයි පල්ලම පොලීසිය පවසනවා.
එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 60 ක් පමණ වයසැති පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
රාත්‍රී 9.00 ට පමණ මෙම කාන්තාව ජීවත් වන නිවසට ගොස් ඇති සැකකරු එම නිවසේ දොරට තට්ටු කර ඇති අතර කාන්තාව දොර විවෘත කිරීමෙන් අනතුරුව සැකකරුව ඇයට අතවර කර පලා ගොස් තිබෙනවා.
අතවරයට පත්ව ඇති කාන්තාව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහා රෝහලට මාරු කර ඇතැයි වාර්තා වෙනවා.