උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඊයේ (14) දිනයේදී නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්නට හිරු ටී.වී.කටයුතු කළා. ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු තුළින්.
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරෙන ආකාරය නාට්‍යානුසාරයෙන් මෙහිදී රඟ දැක්වුණා. මෙවර සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහන වර්ණවත් කිරීමට ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් හා නර්තන ශිල්පීන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වුණා.
නිරන්තරයෙන් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීපකරණ හිරු ටී.වී. උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී ඔබට නවමු වූ අත්දැකීමක් ළඟා කරමින් ‘‘සූර්ය සිංහලේ හිරුත් එක්ක අවුරුදු‘‘ සැමරූ අයුරු පහතින් නරඹන්න...
