ජනවාරියේ සිට මාර්තු අගභාගය වන විට විවිධ වැරැදි කළ ව්‍යාපාරිකයන් පහළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් අසුවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පවසනවා.
අවුරුදු සමයේ පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ ප්‍රමිතියට අනුව ලබා ගැනීම සඳහා වෙළෙඳපොළ හැසිරීම් රටාව පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින් සභාපතිවරයා එලෙස සඳහන් කළා.
භාණ්ඩ මිලට ගැනීමේදී අදාළ තොරතුරු පිළිබඳව පාරිභෝගිකයා මනාව දැනුවත්ව සිටිය යුතු යැයි කී සභාපතිවරයා සඳහන් කෙළේ මිලට ගැනීමේදී වඩාත් පරීක්‍ෂාවෙන් පාරිභෝගිකයා භාණ්ඩ තෝරාගත යුතු බවයි.
ඒ අනුව කල් ඉකුත් වූ දිනය එසේ වෙනස් කර ඇද්ද යන්න පරීක්‍ෂා කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.
අවුරුදු සමයේ වෙළෙඳපොළ රටාව පරීක්‍ෂා කිරීම සඳහා විමර්ශන නිලධාරීන් දෙසීයකට අධික සංඛ්‍යාවක් යොදා ඇතැයිද නීතිමය පියවර ගැනීමටත් වඩා කෙරෙන්නේ ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීම බවද සභාපතිවරයා සඳහන් කළා.
එමෙන්ම පාවිච්චි කරන ලද විදුලි භාණ්ඩ අලුත් අසුරණවල දමා අවුරුදු සමයේ පාරිභෝගිකයාට අලෙවි කරන බැවින් සැළකිලිමත් වන ලෙසද ඔහු සඳහන් කළා.