හිරු ටීවී තුලින් විකාශය වන බිනරමලී ටෙලි නාට්‍යයේ බිනරිගේ චරිතයට පණපොවන උදාරි වර්ණකුලසූරිය කියන්නේ මේ වනවිට ශ්‍රී ලාංකීය රංඟන ක්ෂේත්‍රය තුල කා අතරත් ප්‍රසිද්ධ චරිතයක්.
හැමදාම රඟපාන ආදරවන්තියගේ චරිතයෙන් ඔබ්බට ගිය බිනරිගේ සටන්කාමී චරිතය ගැන වගේම උදාරි එළඹෙන අවුරුද්දට වෙන සූදානම ගැන දැනගන්නත් හිරු ගොසිප් අපි ඇයව සම්බන්ධ කරගත්තා.
උදාරි කියන විදියට මේ දවස්වල ඇය මූලිකත්වය දීලා වැඩකරන්නේ දියණියගේ අධ්‍යාපන කටයුතු වලටලු. ඒ වගේම පහුගිය දවසක තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම කම්පාවුනු සිද්ධියට මුහුණ දෙන්න වුනු එක ගැනත් උදාරි අපිත් එක්ක කීවා.
ඒ ඇයගේ මෝටර් රථය අනතුරට ලක්වුනු එක. අනතුරට ලක්වෙලා කාර්එක කුඩු පට්ටම් වුනා කියලා තමයි උදාරි කියන්නේ. ඒ වගේ දෙයක් ඇයගේ අතින් වුනාද කියලා හිතාගන්න බැරිවුනාලු. ඒ වගේම දරුවෙක් වගේ බලාගත්ත වාහනේ ආයේ හදන්න බැරිතරම්ම කුඩු පට්ටම් වෙලා තියෙනවා කියලා තමයි උදාරි කියන්නේ.
ඇය සමඟින් සිදුකල සම්පූර්ණ සංවාදය පහතින්.....