ලෝකයේ මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීම් වැඩසටහන මගින් කළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට හරිත වර්ණ කේතය පිරිනමා ඇති බවයි සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීමේ වැඩසටහන ලෝකය පුරා රටවල් 120ක ක්‍රියාත්මක වන්නක්. එමගින් නිර්නායක 10ක් පාදක කර ගනිමින් රටවල් ශ්‍රේණිගත කෙරෙනවා.
මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 100න් 91ක් ම හිමිව ඇති බවයි සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මව්කිරි නිසි පරිදි ලබාදීමෙන් ළමා සහ මාතෘ සෞඛ්‍ය සංරක්ෂණය මෙන්ම බෝ නොවන රෝග ද වළක්වා ගත හැකි බවටයි වෛද්‍ය මතය වී ඇත්තේ.