ඒ, අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.වයි.එම්. ඉර්ෂඩීන් නිට්ටඹුව පොලීසියට ඊයේ කළ නියෝගයකට අනුවයි. නිට්ටඹුව - වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති මොහුගේ දේහය ගොඩගන්නා ස්ථානයට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ මියගිය නොයෙල් රණවීරගේ ඥාතීන්ද පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
නිට්ටඹුව - වැලිකඩමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නොයෙල් රණවීර 2002 වසරේ ජූලි මස 21 වැනි දින ක්ලබ් ලංකා නම් යුක්රේනයේ පවත්වාගෙන ගිය අවන්හලක සේවය සඳහා උදයංග වීරතුංග විසින් ගෙන්වා ඇති බවයි වාර්තාවන්නේ.
පසුව උදයංග වීරතුංග රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්වීමත් සමග නොයෙල් රණවීරද තානාපති කාර්යාලයේ සේවයට බඳවාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් දෙදෙනා එක්ව හවුල් බැංකු ගිණුම්ද පවත්වාගෙන ගොස් ඇති බවයි නොයෙල් රණවීරගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ. අවසන් වරට නොයෙල් රණවීර 2013 වසරේ මෙරට පවත්වන ලද ව්‍යාපාරික සමුළුවක් සඳහා රුසියාවෙන් පැමිණි කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි බවයි ඔවුන්ගේ ඥාතීන් කියා සිටියේ.
කෙසේ වෙතත් ඔහු පසුගිය වසරේ ජූනි 11 වැනි දින හදිසි අනතුරකින් මියගිය බවට උදයංග වීරතුංග ඔහුගේ ඥාතීන්ට දන්වා තිබෙනවා. පසුව දේහය මෙරටට ගෙන්වා අවසන් කටයුතු සිදුකර ඇති අතර එම අවස්ථාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ උදයංග වීරතුංගද එක්ව සිටි බව සඳහන්.
එහිදී හිටපු තානාපතිවරයාගෙන් නොයෙල් රණවීරගේ ඥාතීන් මරණ පරීක්ෂණ වාර්තා ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ රුසියාවේදී ඊට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි. කෙසේ වෙතත් මියගිය නොයෙල් රණවීරගේ ඥාතීන් පසුව මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ උදයංග වීරංතුගට යුක්රේන කැරළිකරුවන් හට අවි සැපයීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබෙනවා. එමෙන්ම තානාපති වරප්‍රසාද උපයෝගී කරගිමින් විවිධ ව්‍යාපාරවල නිරතවීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඔහුට මෙරටට පැමිණෙන ලෙසද දැනුම්දී ඇතත් මෙතෙක් ඔහු දිවයිනට පැමිණ නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.