Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
26
"මම උඩරට ගැහැනියක්. ඒ වගේ මුඩුක්කු පරිසරයක ජීවිත ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ..." - රම්‍යා වනිගසේකර - Photos

- "මම උඩරට ගැහැනියක්. ඒ වගේ මුඩුක්කු පරිසරයක ජීවිත ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ..." - රම්‍යා වනිගසේකර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"මට පුදුම සතුටක් ඇතිවුණා. හරියට නිධානයක් පහළවුණා වගේ..."
"මම කරපු දේවල් වෙන කාටද කරන්න පුළුවන්.."
 
අගේ හඬ ප්‍රබලය. ඇගේ නම කියූ සැණින් බොහෝ අය ඇය හඳුනාගත්තේ හඬින් මිස රුවින් නොවේ. රම්‍යා වනිගසේකර. ඒ හඬ පෞරුෂයේ හිමිකාරිය ඇයයි. ඇය ගැන, ඇගේ විවිධ වූ කලා කුසලතාවන් පිළිබඳව අටුවා ටීකා කීම අවැසි නොවේ. තම ජීවිතයෙන් හරි අඩකට වැඩි කාලයක් ඇය කැප කළේ කලාව වෙනුවෙනි.
 
මේ මොහොතේ සිය වෘත්තීය කලා දිවියේ 45 වැනි වසර සමරන ඇයට, ඇගේ වෘත්තියට මෙන්ම ජීවිතයටද ඍජුවම සම්බන්ධ තවත් සංසිද්ධීන් දෙකක් තිබේ.


ඇය රඟපෑ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර 40ක් සපිරෙන අතර, ඇගේ ජීවන සහකරු හා කැලණි පාලම නිර්මාතෘ ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියාගේ කලා දිවියට වසර 50 ක් සපිරීම තවත් මං සලකුණකි.
 
අති දක්ෂ, සම්මානනීය රංගවේදී රම්‍යා වනිගසේකර සමඟ අපි කතාබහකට එක්වූයේ දශක ගණනාවක මතකය යළිත් ඔබ අප හා බෙදා හදාගැනීමටය.
 
වේදිකා නාට්‍ය පසුබිම් ගායිකාවක ලෙස කලා ලොවට ප්‍රවිශ්ට වූ රම්‍යාගේ එකම සිහිනය වූයේ ගායිකාවක වීමය.
 
එහෙත් දෛවය ඒ සිහිනය සැබෑ කරනවා වෙනුවට ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම කටහඬ ඇසූ සැණින් රටම දන්නා නිවේදිකාවක් බවට පත් වූවාය.
 
ඇය ගුවන්විදුලියේ A ශ්‍රේණියේ නූර්ති ගී ගායිකාවකි. රංජිත් ධර්මකීර්තිගේ ‘හස්තිරාජ මහත්මයා’ වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පිනියක ලෙස කලා ලොවට පිවිසි රම්‍යා, සඳ කිඳුරි, මූදු පුත්තු, හිරු නැති ලොව, සිරිසඟබෝ ඇතුළු නාට්‍ය ගණනාවකට දායක වූවාය.
 
1978 දී ආර්.ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව වන මැටිල්ඩාගේ චරිතය සඳහා ඇය තෝරාගැනීම, ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය.
 
ධම්ම ජාගොඩගේ ‘පළිඟු මැණිකේ’ හරහා ආරම්භ වූ ඇගේ රූපවාහිනී ගමන් මඟ ද සුවිශේෂී එකකි. එදා මෙදාතුර ටෙලි නිර්මාණ රුසකට දායක වූ රම්‍යා, සම්මාන රැසකට ද පාත්‍ර වූවාය.
 
1990 දී විජය ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය වුයේ රම්‍යාය. 1991 ජනප්‍රිය කාන්තාව වූයේ ද ඇයමය. 1993 හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානය දිනූ රම්‍යා, 1994 දී හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට අද දක්වාම ඇය සම්මාන රුසකට පාත්‍ර වී ඇත.
 
“1974 දී ‘හස්තිරාජ මහත්මයා’ නම් විකාරරූපී නාට්‍යයක රඟපාමින් තමයි මම රංගනයට පිවිසියේ. ඉතින් දැන් මගේ රංගන ජීවිතයට අවුරැදු 45ක් වෙනවා. ආර්.ආර්. සමරකෝන්ගේ නාට්‍ය කලා ජීවිතයට අවුරුදු 50ක් පිරෙනවා වගේම එදා වගේම අදටත් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස වැළඳගත් ‘කැලණි පාලම’ නාට්‍යයට අවුරුදු 40ක් පිරෙනවා. මට ඒ දවස්වල හෙන්රි ජයසේනගේ ‘මනරංජන වැඩවර්ජන’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ රංගනය දැකලා තියෙනවා ආර්.ආර්. සමරකෝන් මහත්මයා. ඔහුට හිතිලා තියෙනවා මගෙන් යම්කිසි වැඩක් ගන්න පුළුවන් කියලා. එතකොට සමරකෝන් මහත්තයා ‘කැලණි පාලම’ ලියලා අතරමංවෙලා හිටිය වෙලාවක්. මොකද එයා ඒ නාට්‍ය ලියලා තියෙන්නෙ ඔහුත් එක්ක හැම නාට්‍යයකම වැඩ කරපු චන්ද්‍රා කළුආරච්චි ඔළුවෙ තියාගෙන. ඒත් ඒ වන විට චන්ද්‍රාට එයාගෙ පළවෙනි බබා ලැබෙන්න ඉඳලා තියෙන්නෙ. සමරකෝන් වේදිකාවෙ ආධුනිකයො ලෙස ඉන්න කාලෙ චන්ද්‍රාලා ප්‍රවීණයෝ. ඒ ප්‍රවීණයො හවුල් කරගෙන තමයි සමරකෝන් මහත්තයත් එළියට ඇවිත් තියෙන්නෙ. මනරංජන නාට්‍යයේ මම නිරෑපණය කරපු ගුණවතීගෙ චරිතය දැකලා සමරකෝන් මහත්තයා හිතලා තියෙනවා මේ ගෑනිට කැලණි පාලමේ මැටිල්ඩාගෙ චරිතය කරන්න පුළුවන් කියලා,” රම්‍යා අතීත මතක සටහන් සිහිපත් කළාය.
 
“මම පානදුරේ නාට්‍යයක් කරන දවසක සමරකෝන් එල්සන් අයියත් එක්ක ඇවිත් මට කතා කළා. ඔහු කිව්වා මට මේ වගේ නාට්‍යයක් ලියලා තියෙනවා, ඔබතුමියට පුළුවන්ද මාත් එක්ක සම්බන්ධවෙලා වැඩ කරන්න. ළඟදීම පුහුණුවීම් පටන් ගන්නවා කියලත් කිව්වා. හරිම නිහතමානී විදිහට ඇහුවෙ. මට පුදුම සතුටක් ඇතිවුණා. හරියට නිධානයක් පහළවුණා වගේ. මේ වගේ දැවැන්තයෙක් මට ඔබතුමිය කියලා කියපු එක මට අදහාගන්නත් බැරි වුණා. ඉතින් මම ඒ වැඩේ සන්තෝසෙන් බාරගත්තා. මුහුරත් එකේදී මට කැලණි පාලම පිටපත ලැබුණා.
 
එදා ඉඳන් මම මැටිල්ඩා වුණා. 1978 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 25, 26 හා 27 දිනවල තමයි කොළඹ ලුම්බිණි රඟහලේ ‘කැලණි පාලම’ මුලින්ම වේදිකාගත කළේ. එතතින් පස්සෙ කැලණි පාලම අතිශය ජනප්‍රිය වුණා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය බවට පත් වුණා. 1987 දී අපි විවාහ වුණා. දරුවෙක් ලැබුණා. ඒ තමයි මගේ දුව බුද්ධිකා මුදිතානි සමරකෝන්. මේ 2019දීත් මම තාමත් කැලණි පාලමේ මැටිල්ඩා විදිහට රඟපානවා. එදා කැලණි පාලම කරද්දී මගේ වයස අවුරුදු 28 යි. ඒත් මම රඟපෑවෙ අවුරුදු 65ක 68ක ගැහැනියකගෙ චරිතයක්. ඒ සාර්ථකත්වය නිසා ඒ චරිතය මම 28දීත් කළා. අද පියවි වයසෙ ඉන්දැද්දීත් කරනවා. මම ඒක ලොකු වාසනාවක් කියලයි හිතන්නෙ. ඒත් ඒ නිසා මගේ එක පැත්තක් වැහුණා කියලා පොඩි දුකකුත් ඇතිවෙනවා. මොකද එකක් හොඳට කළාම ඔක්කොටම මතක් වෙන්නෙ ඒක විතරයි. හැමෝම කතා කළේ රම්‍යාට වයසක චරිත දෙන්න. ඒ නිසා මට ලැබෙන්න තිබුණු සමහර චරිත නැති වුණා. ඒ ගැන දුකක් තියෙනවා. ඒත් කරපු දේ හොඳින් කළා කියන සතුට තියෙනවා.”
 
එදා දැවැන්තයන් සමඟ වැඩ කරලා තියෙන ඔබට වර්තමාන නිර්මාණ ගැන මොනවද හිතෙන්නෙ?
එදා වගේ නෙවෙයි. අද හැදෙන නාට්‍යවල පූර්ව සූදානම හරි අඩුයි. සතියකින් නාට්‍යයක් එළියට එන අවස්ථාත් අපි දැකලා තියෙනවා. අපි ඒ කාලෙ මාස ගණන් පුදුම විදිහට කැප වුණා. චරිතයක් උරාගන්න අපි මානසිකව හා ශාරීරිකව දැඩි මහන්සියක් ගත්තා. අද ගොඩක් නාට්‍ය කරන්නෙ වාණිජමය පැත්තට බරවෙලානෙ. ඒ කාලෙ අපේ නිර්මාණවලට දායක වුණේ හොඳ රස්සාවල් කරපු මිනිස්සු. ඒගොල්ලො නාට්‍යවලට සම්බන්ධ වුණේ විනෝදාංශයට වගේම ඒගොල්ලන්ගෙ සාහිත්‍ය රසය වැඩි කරන්න, නිර්මාණ හැකියාවන් වැඩිදියුණු කරන්න. ජනප්‍රිය වෙන්න උනන්දු වුණේ නෑ. අපි නොදන්නා දේවල් දැනගන්න කොච්චර වෙහෙසුණාද අපේ චරිතය සාර්ථක කරගන්න. මම උඩරට ගැහැනියක්. කැලණි පාලම වගේ මුඩුක්කු පරිසරයක ජීවිත ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ. ඒත් සමරකෝන් මහත්තයා ඒ චරිතය අපට ආරූඪ කරගන්න කොයි තරම් නම් උදව් කළාද?
 
අපි ගෙදරත් ගිහින් තනියෙන් ඩයලොග් පුරුදු වෙනවා. අතපය හසුරුවන විදිහ පුහුණු වෙනවා. මම ඒ කාලෙ ගෙදර තනියෙන් මූණෙ කළු පාට සුදු පාට ආලේපන දාගෙන නාකි විදිහට ඉන්නෙ කොහොමද කියලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පුරුදු වෙනවා. පවුඩර් දාලා ඔළුව සුදු කරගන්නවා. මම වගේ අනිත් අයත් කැපවුණා. ඒගොල්ලොත් ගෙදරදී පුහුණුවෙලා එන්නෙ. දැන් වගේ ෆෝන් කොට කොට ඉන්න රිහසර් එන්නෙ නෑ. ඒ කැපවීම නිසයි අපේ නිර්මාණ සාර්ථක වුණේ.
 
දැන් ඔබේ කලා දිවියට අවුරුදු 45කුත් ගෙවිලා. ජීවිතේ ආපස්සට ගිහින් කැමති තැනක නවතින්නට වරමක් ලැබුණොත් මොන වගේ තැනක්ද තෝරගන්නෙ..?
මට බැරිවෙව්ව දෙයක් තියෙනවා. ගායිකාවක් හා පසුබිම් ගායිකාවක් හැටියට මගේ හැකියාවන් පෙන්නන්න තමයි මගේ ලොකුම ආසාව තිබුණෙ ඒ කාලෙ. රඟපාන්න දන්නෙ නැති නිසා මට ඒ ගැන ලොකු හීන තිබුණෙ නැහැ. රංගනය මට අහඹු ලෙස ලැබුණු දෙයක්. ගායිකාවක් විදිහට ඉදිරියට යයි කියලා තමයි මම හිතුවෙ. මට නැතිවුණේ ඒක. මම නොහිතපු පැත්තක් එළියට ආවෙ. ඔබ කියන විදිහට මට ආපස්සට යන්න වරමක් ලැබුණොත් ඒ පැත්ත පොඩ්ඩක් හරිගස්සගන්න ආසයි. ගායිකාවක් වෙන්න පුදුම ආසාවක් තිබුණෙ. ඒත් අපි ආස හැමදෙයක්ම අපට ලැබෙන්නෙ නැහැනෙ.
 
ඔබේ ජීවිත කතාව කවදහරි දවසක සිනමාවට නැගුණොත්, රම්‍යා වනිගසේකරගේ භූමිකාවට පණ පොවන්න සුදුසුම කෙනා කවුරු කියලද හිතන්නෙ?
මගේ භූමිකාව මම හැර වෙන කාටද කරන්න පුළුවන්? මම ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට කටයුතු කළා. මම කරපු හැම වැඩකම මම මටම ආවේණික වුණු සලකුණක්, අනන්‍යතාවයක් ඉතිරි කරලා තියෙනවා. ඒ නිසා ඔය රම්‍යා වනිගසේකර චරිතයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වෙන්නෙ රම්‍යා වනිගසේකරටම තමයි. හැබැයි මම ආසයි වෙන කවුරුහරි කරනවනම්, එයා මාව අනුකරණය කරන හැටි බලන් ඉන්න.
 
ඔබට වැඩියෙන්ම වටින්නෙ ඔබේ ජීවිතයද? වෘත්තියද?
වෘත්තියද? ජීවිතයද? ජීවිතයනෙ වටින්නෙ. මගේ ජීවිතයට සම්බන්ධ වුණු සමරකෝන් මහත්තයගෙත් මගෙත් වෘත්තිය එකම වීම නිසා අපි දෙන්නට දෙන්නා අවබෝධ කරගන්න පහසු වුණා. අපි දෙන්නා එකිනෙකාට ගරු කළා. එයාගෙ වැඩවලට මමත් මගේ වැඩවලට එයත් හැමදාම ගරු කළා. ඉතින් ඇත්තම කියනවනම් මම ජීවිතය වෘත්තිය කර ගත්තා, වෘත්තිය ජීවිතය කර ගත්තා තමයි.
 
රමේෂ් උවයිස්


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top