මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය අනුව, සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 18 දෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබෙනවා.
ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.
එම ස්ථානමාරුවීම් වලට අනුව නියෝජ්‍ය පොලිස්පති ඊ.කේ.බී.එම් පෙරේරා හම්බන්තොට සහ මාතර දිසාවේ සිට ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති වී.ඉන්ද්‍රන් ත්‍රිකුණාමල දිසාවේ සිට සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.
ඊට අමතරව, නියෝජ්‍ය පොලිස්පති ඊ.එස්. එදිරිසිංහ සුබසාධක දිසාවේ සිට හම්බන්තොට සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.