ආදරේ කෙළවර වෙන්නේ කසාදෙන්. කසාදේ කෙලවර වෙන්නේ දික්කසාදෙන්. හැබැයි ආදරේ කරන හැමෝම කසාද බදින්න ඕන නෑ. කසාද බදින හැමෝම දික්කසාද වෙන්න ඕනිත් නෑ. මේ තමයි අපි කතා කරන ඇත්ත සහ ඇත්තම ඇත්ත. එතකොට මේ තියෙන්නේ අපි කතා නොකරන ඇත්ත.
ආදරේ කරන්න වයස ප්‍රශ්ණයක් නෑ. හැබැයි කසාද බදින්න නං වයස බලනවා. ලංකාවෙදි කසාද බදින්න නම් 18 පනින්න ඕනේ. ඒ වගේම අතේ රුපියල් 5000ක් තියෙන්නත් ඕනේ.
එතකොට ඔබේ අතට ලැබෙනවා ලියවිල්ලක්. ආදරේ නැති වුණත් හැර නොයන බවට නීතිමය ලියවිල්ලක්. අපි දන්න විදිහට හැම කසාදෙකම මනාලයා අයියා කෙනෙක්. මනාලි නංගි කෙනෙක්. දෙන්නා අතර අවුරුද්දක දෙකක පරතරයක් තියේවි. ඉදලා හිටලා මනාලි අක්කා වෙලා මනාලයා මල්ලි වෙනවා. ඒත් ඉතිං අවුරුද්දක් දෙකක් තමයි දෙන්නගේ වයස් පරතරය.
හැබැයි ඉතිං මේ කියන වයස් සීමා පැනලා දීග යන ජෝඩුත් ඉන්නවා. පොලිස් මීටරේට අහු නොවුනට එහෙම අය අපේ මීටරේට අහුවුණා .
මේ කපල් එක දකුණු අප්‍රිකාවේ. මනාලයා Saneie masilela, අවුරුදු 9යි. මනාලි Helen shabangu වයස 62යි. දෙන්නගේ වයස් පරතරය අවුරුදු 53යි. බලං ගියාම මනාලිය, මනාලයාගේ ආච්චිගේ වයසේ.

මේ කපල් එක ජෝර්ජියාවේ. මනාලයා Kyle jones, වයස 31යි. මනාලිය Marjorie mccool, වයස 91යි. දෙන්නගේ වයස් පරතරය අවුරුදු 60ක්. මේ මනාලිත්, මනාලයගේ ආච්චිගේ වයසේ.

මේ මනාලයා එංගලන්තයේ Wrinkly romeo brian sadler, වයස 70යි. ඔහු කසාද බැන්දේ වයස 21 වුණ Kay brook ව. හැබැයි මේ දෙන්නා ගිය අවුරුද්දේ ඩිවෝස් වුණා.

මේ තමයි හොදම කපල් එක. මනාලයා සෝමාලියාවේ Ahmed muhamed dore. බිරින්දෑවරු 5ක් සහ ළමයින් 13ක් ඉන්න ඔහු වයස අවුරුදු 112 දි හයවන බිරිද විදිහට Safia abdullarh ව කසාද බැන්දා. ඇයට වයස 17යි. මේ දෙන්නගේ වයස් පරතරය ගණන් කරොත් අවුරුදු 95යි. 2009දි සිද්ධ වුණ මේ කසාදය තමයි ලෝකේ වැඩිම වයස් පරතරයක් ඇති විවාහය විදිහට වාර්තා වෙනනේ.

මේවා මෙහෙම වුණේ වයසේ වැරුද්දටද, සිකුරා උච්ච වුණ වෙලාව වැරද්දටද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි.