ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට අද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා. ඔවුන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 411ක්. ඒ අයර්ලන්තයට එරෙහිවයි.
දකුණු අප්‍රිකාව මෙම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමේදි කඩුළු 4ක් අහිමි වූ අතර නියමිත පන්දුවාර 50 තුළදීයි ලකුණු 411 ලබාගත්තේ. මෙහිදී හෂීම් අම්ලා අනුකම්පා විරහිතව 169ක් තුළ ලකුණු 159ක් රැස්කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 16ක් ලබාගනිමින්. ඔහු අනගි සහයක් ලබාදුන් ඩුප්ලසිස් එක් හයේ පහරක් සමග ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව මේ වන විට ලකුණු 412ක් හඹා යාමේ අරමුණින් කැන්බරා පිටියට පැමිණි පන්දුවට පහරදෙන අයර්ලන්තය මේ වන විට පන්දුවාර 13ක් අවසානයේ කඩුළු 5ක් දැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 52ක්.