මෙම අවන්හලේදී තේ පෝච්චියක වටිනාකම බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 ක් වනවා.
එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 109,000ක් පමණ වන බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
විශේෂඥ තේ අළෙවිකරුවන් ලෙස විරුධාවලිය ලත් සුපිරි පන්නයේ වෙළඳපොලක් හිමිකරගෙන ඇති පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගම විසින් අදාළ අවන්හල වෙත තේ සපයනු ලබනවා.
මෙහි ඇති සුවිශේෂ තේ වර්ගයක් වන ‘ගෝල්ඩන් ටිප්ස් ටී’ වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ ආකර්ෂණයක් හිමිව තිබෙනවා.
එය සුදු පැහැතිවන අතර මෙම තේ වර්ගය බ්‍රිතාන්‍ය වෙත ආනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයෙන්.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වර්තමානය වනවිට මෙහි මිල අධික ලෙස පෙනුණ ද අතීතයේ එහි මිල වඩා වැඩි බවයි.
ඔවුන් පවසන්නේ වර්ෂ 1981 දී මෙම තේ මිල ඇමෙරිකානු ඩොලර් 1500ක් වූ බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවන්හල වෙත පැමිණෙන පාරිභෝගිකයාට ගෙවන මිලට සමාන සේවයක් සැලසෙන බවයි.
තේ සැපයුම් සමාගමේ කළමනාකරු තම බෙදාහැරීම් පිළිබඳව දක්වන්නේ මෙවැන්නක්.
“රූබන්ස් ගෝල්ඩන් ටිප්ස් තේ දළුවලින් එහි සාරය තුන් වරක් පමණ උරා ගන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම විශේෂිත සහ අලුත් රසයක් එනවා. ඒ වගේම ඒ සුවඳත් වෙනස්. මුල් අවස්ථාවේදී එන්නේ ඉතා සිනිඳු විල්ලුදවලින් එන සුවඳට සමාන සුවඳක්. දෙවැනි වරට එන්නේ කොමඩු සහ පෙයාර්ස්වල එන සුවඳක්. තෙවැන්නේ ඔබට එන්නේ මී පැණිවලින් එන සුවඳක්”.
