පොලිස් පහරදීමකින් මිය ගිය බවට චෝදනා එල්ල වන හම්බන්තොට - විහාරගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ වාර්තාව අද (24) නිකුත් කෙරෙනවා.
පසුගිය 19 වැනිදා සූරියවැව පොලිසියේ නිලධාරින් විහාරගල වැව අසල ප්‍රදේශයේදී, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහුට පහරදී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කෙසේ වෙතත්, පසුව මෙම පුද්ගලයා සූරියවැව පොලිසිය මගින් සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යවා තිබෙනවා.
පෙරේදා දිනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දී එන අතරතුර ඥාතීන් සහ අසල්වාසීන් පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය පුද්ගලයාගේ බිරිඳ දැනට විදේශ ගතව සිටින අතර පුත්‍රයා සහ මිත්තණිය සමඟ මෙම පුද්ගලයා ජීවත්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් යම් වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නිසි පියවර ගනු ලබන බවයි.
එමෙන්ම මේ වන විට වාර්තා වන තොරතුරු අනුව සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට සූරියවැව පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.