එකම පවුලේ හතරදෙනෙකු ඝාතනයට හේතුවී ඇත්තේ වැටුප් ප්‍රශ්නයක් සම්බන්ධ සිදුවීමක් බවයි වාර්තා වන්නේ. නිවෙස්හිමියා හා මුරකරු අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති අතර එහිදි මුරකරු අතින් ඔහුව ඝාතනයට ලක්ව ඇති බවට හෙළිවී තිබෙනවා.
පසුව නිවෙස් හිමියාගේ බිරිඳට ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සැමියා බිම ඇදවැටී ඇති බවයි. වහාම සැමියා සිටින ස්ථානයට පැමිණි ඇයවද ආයුධයකින් පහරදී එම ස්ථානයේම ඝාතනය කොට තිබෙනවා. එතනට ඇය පැමිණ ඇත්තේ පිරිමි දරුවා සමඟ වන අතර ඔහුවද ඝාතනය කොට තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.
පසුව නිවස තුලට ගොස් ඇති මොහු රූපවාහිනී නරඹමින් සිටි 13 හැවිරිදි දැරියට තර්ජනය කොට අල්මාරිවල තිබූ රන් ආභරණ හා මුදල්ද ලබාගෙන ඇති අතර ඉන් පසුව දැරියවද කිහිපවතාවක් අපයෝජනයට ලක්කොට තිබෙනවා.
ඉන් අනතුරුව ඇයවද ඝාතනය කර අනෙක් තිදෙනාගේද අත්පා බැඳ අසල තිබූ පොල්ලෙලි වලකට දමා තිබෙනවා. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ මුරකරුගේ අනියම් බිරිඳ බවට සැකකෙරෙන කාන්තාවක්ද මුරකුටියේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරු නිවසේ සේවයට පැමිණ ඇත්තේ පුවත්පතක පළවූ දැන්වීමක් අනුව වන අතර පලාගිය සැකකරු සොය පොලිස් සුනඛ කණ්ඩායමක්ද යොදව තිබුණා.විදුලි පන්දමකට ඉව දී සුනඛයින් ඝාතකයා සොය ගිය අතර උන් නතර වී ඇත්තේ මාර්ගය අසලට පැමිණයි.
සැකකරු පලාගොස් සිටියදී පසුව අනියම් බිරිඳද සමඟින් සොයාගනු ලැබුවේ ගල්කිරියාගම ප්‍රදේශයේදීයි. සැකකරු අවිවාහක වූවද අනියම් බිරිඳ ලෙසින් අදාල කාන්තාව ළඟ තබාගෙන සිටි ඇති අතර ඇයට ප්‍රථම විවාහයෙන් දරුවන් දෙදෙනෙකුද සිට ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
එමෙන්ම මෙම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ වැරදීමකින් ලැබුණු දුරකථන ඇමතුමකින් බවයි පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.
මේ පිළිබඳ මීට පෙර වාර්තාව
මෙතනින්...