Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
10
"ජනතාව කියනවනම් වෙනසක් අවශ්‍යයි කියලා අන්තිමට ජන්ද බලය තියෙන්නේ ජනතාවගේ අතේ.." - කුමාර් සංගක්කාර

- "ජනතාව කියනවනම් වෙනසක් අවශ්‍යයි කියලා අන්තිමට ජන්ද බලය තියෙන්නේ ජනතාවගේ අතේ.." - කුමාර් සංගක්කාරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"එයා දැනගෙන හිටියේ නැහැ රොමේෂ් කළුවිතාරණයි මමයි හොඳ යහළුවෝ කියලා.."

" ඔහු අවුරදු 25ක් තිස්සේ ඉතා දැඩි ප්‍රයන්තයක් දරලා දේශපාලනයට ආවේ.."

"ජනතාව කියනවනම් වෙනසක් අවශ්‍යයි කියලා අන්තිමට ජන්ද බලය තියෙන්නේ ජනතාවගේ අතේ, ජනතාවට පුළුවන් ජන්ද බලය පාවිච්චිකරලා ඔවුන්ගේ කටහඬ පාවිච්චිකරලා හොඳ අය ඉල්ලන්න"

"දේශපාලනයට ඒ කැත නම දීලා, එන්නේ නැහැ කිය කියා හිටියොත් අපි හොඳ මිනිස්සු ඉල්ලලා, ඒකට එන්න එපාය, හොඳ නැහැ කියා කියා හිටියොත් කවදාවත් ඒ අවශ්‍ය කට්ටිය බැඳෙන්නේ නැතිවෙයි"


"පත්වෙන රජයත් සමග සැලැස්ම වෙනස් වෙනවානම්, එහෙනම් ඒ සැලැස්මේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා, යම් රජයක් තේරිපත්වුනොත් විපක්ෂයට හෝ අන් සියලු දෙනාට වගකීමක් තියෙනවා සැලසුම හොඳ නම් ඒක කඩාකප්පල් කරන්නේ නැතුව ඒකට හොඳ දෙයක් එකතු කරලා ඒ ගමනට සම්බන්ධ වෙන්න ඕනේ"

"විවේචනය කරන්න පුළුවන්, කරුණු සහිතව විරුද්ධ වෙන්න පුළුවන්, නමුත් කාලෙන් කාලෙට අවුරුදු පහෙන් පහට දැන් දැක්ම සැලසුම වෙනස් වෙනවානම් මන් හිතන්නේ ඒක රටට හොඳ දෙයක් නෙවෙයි"

දේශපාලනය හා දේශපාලකයන් විවේචනය කරමින් ඒ කේෂ්ත්‍රයට යහපත් පුද්ගලයින් ඇතුළත් නොවිය යුතු බව පැවසීම හේතුවෙන් එවැනි යහපත් පුද්ගලයන් කිසි දිනක දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ නොවනු ඇති බව කී සංගක්කාර, යහපත්, අවංක හා විනිවිදභාවයෙන් යුතු දේශපාලකයන් අවශ්‍යනම් එවැනි අය ලබාගැනීමේ වගකීම ඇත්තේ ද ජනතාව අත බව පෙන්වා දුන්නේය.

කිසිවකු බලයට පැමිණියද රට ගොඩගත නොහැකි යැයි ජනතාව අතර ඇති මතය පිළිබඳ කළ ව්මසීමට පිළිතුරු දුන් කුමාර් සංගක්කාර කියා සිටියේ "කාලිනවූ, දිගු දේශපාලන දැක්මක් තියෙන, හරිහමන් අවබෝධයක් තියෙන කෙනෙක්ට හෝ කණ්ඩායමට හෝ රජයකට ඒදේ වෙනස්කරලා ශ්‍රී ලංකාව අලුත් අතකට ගෙනියන්න පුළුවන් කියන එක මට විශ්වාසයක් තියෙනවා, ඒක මට තියෙන දැනුම ගැඹුරු මදි කරන්නේ කොහොමද කරන්නේ කියන එක, නමුත් ශ්‍රී ලාංකිකයන් මෙරට, පිටරට ඉන්නවා ඕනෑ තරම් සුදුසකම් තියෙන ඒ දැක්ම තියෙන" යනුවෙනි.

"අවුරදු 20ක් බලනවනම් මට අවශ්‍ය වන්නේ, අපි තාමත් මේ ශ්‍රී ලංකාවේ මේ රට දාල යන්නේ නැතුව, මන් විතරක් නෙවෙයි මගේ දරුවන් ලොකුවුනාට පස්සේත් ඉතාමත් ආසාවෙන් සන්තෝෂයෙන්, සුරක්ෂිත භාවයකින් ඉන්න පුළුවන් නම් එවැනි රටක් තමයි අපි බලාපොරොත්තුවන්නේ" වසර 20 දී ශ්‍රී ලංකාව රටක් ලෙස කුමන තත්වයක දකින්න කැමතිදැයි නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

පකිස්ථානයේ  හිටපු ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන් එරට අගමැතිවරයා ලෙස පත්වීමත් සමග 2020 ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ඉදිරිපත්විය යුතු බවට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ගෙනගිය ප්‍රචාරය ගැන අදහස් දක්වමින් සංගක්කාර පැවසුවේ ඉම්රාන් ඛාන් හා තමා අතර ලොකු වෙනසක් ඇති බව ය.

" ඔහු අවුරදු 25ක් තිස්සේ ඉතා දැඩි ප්‍රයන්තයක් දරලා, අමාරු කටුක දේශපාලන ගමනකින් තමයි මෙතනට ආවේ, අවුරදු විසිගණනක් ඇවිල්ල තමයි ඔහු මෙතනට ඇවිල්ල තියෙන්නේ, එවැනි දේශපාලකයන් තමයි විශේෂයෙන් අපි බලන්න ඕනේ"

"නමුත් මම නම් ක්‍රිකට් ගහපු කෙනෙක් විතරයි, ඒ නිසා මගේ එහෙම කිසිම බලාපොරොත්තුවන් නැහැ දැන් හෝ අනාගතයේදී හෝ" යැයි ඔහු අවධාරණය කළේය.

පසුගිය ජුලි මාසයේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන පැවසුවේ කුමාර් සංගක්කාර ක්‍රිකට් නායකත්වය දරන සමයේ පැවති දේශපාලන හැලහැප්පීම්වල අත්දැකීම් අනුව කුමාර් දේශපාලනයට නොඑනු ඇති බව තම මතය බවය. ඒ පිළිබඳ කළ විමසීමට සංගක්කාර දුන් පිළිතුර වූයේ,

"නැහැ, දේශපාලනික හැලහැප්පීම් අපි ක්‍රිකට් ගහන කාලේ තිබ්බ එක ඇත්ත, මම නායකත්වය දරන කාලේ නෙවයි, මහේල, මාවන් අතපත්තු , හෂාන් තිලකරත්න නායකත්වය දරද්දීත් මේ දේවල් තිබ්බේ නැතුව නෙවෙයි, නමුත් යම් යම් කාලවල් වලට අඩුවෙනවා, වැඩිවෙනවා, නමුත් දේශපාලන ගැටුම් මතිමතාන්තර මොන දේ තිබ්බත් අපේ වගකීම වුනේ ක්‍රිකට් ක්‍රීඩාව හරියට කරන්න"

"නමුත් ඒ හේතුව නිසා මම දේශපාලන ගමන හෝ දේශපාලකයන් මම පහත්කරලා සලකන්නේ නැහැ" යැයි සංගක්කාර කියා සිටියේය.

කුමාර් සංගක්කාර දේශපාලනයට කිසි ලෙසකින් සුදුසු නොවන බවට ඇතැම් පිරිස් කළ ප්‍රකාශ පිළිබඳ කළ විමසීමේදී ඔහු පැවසුවේ එවන් විවේචන තමන් බාරගන්නා බවය. "තමන් කවදාවත් හිතන්න බැහැ තමන් අංග සම්පුර්ණ මනුෂයෙක් කියලා"

මේ වසර මුලදී මහනුවර ප්‍රදේශයේ හටගත් ජාතිවාදී කෝලාහලය පිළිබඳ අදහස් දක්වමින් සංගක්කාර පැවසුවේ ශ්‍රී ලාංකික යන අනන්‍යතාව ඇතිකරගනිමෙන් මෙවන් අවාසනාවන්ත ගැටුම් යළි ඇතිනොවීමට වගබලා ගත හැකි බවය.

"ශ්‍රී ලාංකීය කියන එකමුතුව ඇතිකරගන්න බැරිනම්, ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය අපිට හදාගන්න බැරිනම් ඒක ලොකු ප්‍රශ්නයක්"

"බෞධයකුවෙවා, ක්‍රිස්තියානි ආගමේ වේවා, මුස්ලිම් ආගමේ වේවා, හින්දු ආගමේ වේවා, ඕනෑම කෙනෙක්ට මේ රටේ ඉඩක් තියෙන්න ඕනේ, සියළුම නීතිමය සුරක්ෂිතභාවය ඔවුන්ට තියෙන්න ඕනේ, ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් වර්තමානය වගේම අනාගතයත් සුරක්ෂිත වෙන්න ඕනේ"

කාන්තා හිංසනයට එරෙහිව,කාන්තා සම අයිතිවාසිකම් වෙනුවෙන් කුමාර් සංගක්කාර ගෙන යන හඬ ගැන විමසීමේදී ඔහු පැවසුවේ "ගෑණුද පිරිමිද කියල භේදයක් නැහැ සියලු දේ සමව ලැබෙන්න ඕනේ" යනුවෙනි.

"ගැහැණු ළමයෙක් එක්ක කතාකරන්නේ නැතුව, හම්බවෙන්නේ නැතුව තමයි ගොඩක් පිරිමි ළමයි හැදී වැඩෙන්නේ, ඒ වෙනස්කම් ගැන හැසිරෙන ආකාරය ගැන නොදැනුවත් තමයි ඉස්කෝලවල හැදෙන්නේ, ඒක හොඳ නැති දෙයක්" මේ වෙනස පාසලේ සිට කළ යුතු දෙයක් යැයි ඔහු පෙන්වා දුන්නේය.

"ශ්‍රී ලංකාව ගත්තහම අපේ ඉතිහාසය ගැන අපි ආඩම්බර වෙනවා, ඒ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක මෙවැනි කාන්තා හිංසනයන් ළමා අපචාර සිදුවෙනවානම් යම් වෙනසක් අපි ඇතිකරගන්න ඕනේ"

ක්‍රිකට් ක්‍රීඩාව ගැන අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පැවසුවේ තම විශ්‍රාම යාමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ වැටී ඇතිබවට ඇති ප්‍රකාශ තමන් කිසිසේත් පිළිනොගන්නා බවය. තමන් විශ්‍රාම ගත යුතුව තිබුනේ තවත් මාස 6කට පෙර බව ද ඔහු සඳහන් කළේය.

"සමහර වෙලාවට ක්‍රීඩාවෙන් අයින් වෙලා ගියාම, ක්‍රීඩකයෙක් ලෙස සමහර ක්‍රීඩකයන්ට බයක් එන්න පුළුවන්, අපිට වඩා හොඳ වෙයිද ? අපිට වඩා ලෝක කුසලාන මේගොල්ලෝ දිනයිද ? එතකොට අපිට මොනවාද වෙන්නේ ? එහෙම හිතනවානම් ඒක ලොකු වරදක්"

කිසියම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු දැක්වූ දස්කම් අනුව තවත් ක්‍රීඩකයින් ඊට එක්වී දස්කම් දක්වමින් තමන් අභිබවා යන්නනේ නම්, වැඩි වැටුප් හෝ වරප්‍රසාද ලබමින් ඉදිරියට යන්නේ නම් එවිට තමන් නිවැරදි ලෙස ක්‍රීඩාවේ යෙදී ඇතැයි එම ක්‍රීඩකයාට දැනෙනු ඇති බව කුමාර් සංගක්කාර පැවසීය.

ඇතැම් විට අවශ්‍ය වනුයේ හිටපු ක්‍රීඩකයන් නිහඬව සිට කණ්ඩායමට ඉදිරියට යාමට අවස්ථාව දීම බව ද ඔහු පෙන්වා දුණි.

" සමහර විට අපි හිතනවා අපි ක්‍රිකට් ගහපු නිසා අපි උදව්කරන්නම ඕනේ කියලා, එතකොට ඕනේ නැතිවෙලාවටත් උදව් කරන්න බලනවා, ඕන නැති වෙලාවටත් දෙයක් කියන්න බලනවා, ඒ නිසා මේ ගැන පරිස්සම් වෙන්න ඕනේ"

"96 ඉඳලා ක්‍රීඩා විලාශයේ වෙනසකට ඉඩ දුන්න, නමුත් අදහස් වල වෙනස්වීමට ඉඩක් තිබ්බේ නැහැ, 99 ඉඳලා ඒ දේ වුනා, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වැරදියි කියලා කණ්ඩායම් රැස්වීමේ කතාකරන අයිතිය 99 ඉඳල දුන්න කිසිම දඬුවමක් නැතුව, කණ්ඩායමෙන් ඉවත් කරන්නේ නැතුව, එකෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ උනන්තිය සීග්‍රයෙන් දියුණු වුනා, මොකද 96 ලෝක කුසලානය දින්නට 99දී අපි පළමු වටයෙන්ම ඉවත්වුණා, නමුත් එදා ඉඳල අද වෙනකම් දැක්කොත් අපි විශේෂිතවූ ලෝක කුසලාන විශේෂිත තරගවල සැහෙන දියුණුවක් ලබල තියෙනවා" ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

වර්තමානයේ සමාජ මාධ්‍ය මගින් එල්ලවෙන විවිධ චෝදනා හමුවේ ක්‍රීඩකයන්ට ඇතිවෙන මානසික තත්ත්වය පිළිබඳ විමසු විට කුමාර් සංගක්කාර පවසුවේ තමන් කණ්ඩායමට පැමිණි අවස්තාවේදී විරෝධතා පෙළපාලි ද පැවති බව ය.

"මට මතකයි මොරටුවේ පෙළපාලිත් ගියා, මම ආපු කාලේ ත්‍රිවිලරයක ගමනක් යද්දී මගෙන් ඇහුවා ඔයා රොමේෂ් කළුවිතාරණ එක්ක කතාවත් නොකරනවා ඇතිනේද කියලා හරි තරහ ඇති දෙන්න කියලා, ඒ ත්‍රිරෝද රථය පදවන මහත්තයා දැනගෙන හිටියේ නැහැ රොමේෂ් කළුවිතාරණයි මමයි හොඳ යහළුවෝ කියලා, මමත් විහිළුවට වගේ කිව්වා අපිනම් කතාවත් කරන්නේ නැහැ කියලා"

සමාජ මාධ්‍ය තුළ ඇති හොඳ සහ නරක යන දෙකම භාරගැනීමට ක්‍රීඩකයන්ට හැකිවිය යුතු බව පැවසූ කුමාර් සංගක්කාර එසේ කළ නොහැකි නම් සමාජ මාධ්‍යවලට සම්බන්ධ විය යුතුම බවට නීතියක් නොමැති යැයි ද පෙන්වාදුන්නේය.

හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා හා එක්ව තමන් සැකසු ශ්‍රී ලංකා නව ක්‍රිකට් සැලැස්ම ප්‍රතික්ෂේප වීම ගැන අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පැවසුවේ "අපේ හදපු සැලැස්මේ අඩුපාඩු තියෙනවනම්, විවේචනයක් කරන්න ඕනේ නම්, සාකච්ඡා කරන්න ඕනේ නම්, වෙනස් කරන්න ඕනේ නම් ඒදේ කරන්න කමක් නැහැ, නමුත් වෙනස්වීමට බයේ අපි හිටියොත් අපේ ප්‍රශ්න තව වැඩිවෙනවා මිසක් අඩුවෙන එකක් නැහැ" යනුවෙනි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top