පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ මංගල උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී නොවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි උත්සව ශාලා ගොඩනැගිල්ලකදී අදාළ මංගල උත්සවය පැවැත්වුණු බවයි.
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වුණා.
එම අවස්ථාවේදී සභාව අමතමින් සේනාරත්න මහතා සඳහන් කළේ තමන් 4000 ක පමණ පිරිසකට මංගල උත්සවයට ආරාධනා කළ බවයි.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වූ බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද පස්වරුවේ නිවේදනය කළා.
එහි වැඩිදුරටත් සඳහන් වූයේ අරලියගහ මන්දිර පරිශ්‍රය තම මංගල උත්සවය පැවැත්වීම සඳහා චතුර සේනාරත්න මහතා කළ ඉල්ලීම යුක්ති යුක්ත නිසා අදාළ උත්සව ශාලාව ලබාදීමට අග්‍රාමාත්‍ය කාර්යාලය පියවර ගත් බවයි.