Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
28
"ඇන්ජලෝ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ දේ ඔහු අතින් වුනේ නෑ" ඇන්ජලෝගේ නායකත්වය සහ මාලිංග මුම්බායි පිලෙන් ඉවත් කිරීම ගැන මහේල පළමු වරට කල හෙළිදරව්ව

- "ඇන්ජලෝ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ දේ ඔහු අතින් වුනේ නෑ" ඇන්ජලෝගේ නායකත්වය සහ මාලිංග මුම්බායි පිලෙන් ඉවත් කිරීම ගැන මහේල පළමු වරට කල හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

වේගය අඩු වුනාම කරන්නේ මොකද්ද..? දමලා ගහන එක.
හැමෝම කියනවා පාසල් ක්‍රිකට් හොදම අපේ කියලා, ඒත් යොවුන් ලෝක කුසලානයක් දිනලා නෑ 
 
මහේල ජයවර්ධන යන නම ඇසූ සැණින් කවුරුන්ද යන්න අටුවාටීකා ටිප්පණි අවැසි නැත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහළ තැනකට ඔසවා තැබීමට දුන් දායකත්වය වෙනුවෙන් මහේලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එබැවින් ඔහු මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි ගෞරවයට පාත්‍ර වී සිටියි. කෙටියෙන්ම කිවහොත් පුරාවෘත්තයකි.
 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය, ඉදිරි ලෝක කුසලාන සූදානම, ලසිත් මාලිංගට කෙරෙන කෙණෙහිලිකම්, ඇන්ජලෝගේ නායකත්වය, ක්‍රීඩක විනය, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පන්දුව පලුදු කිරීමට ගොස් ජාත්‍යන්තර හමුවේ ලැජ්ජාවට පත්වීම වැනි කරුණු පිළිබඳව මහේල සමග  කල සාකච්ඡාවක් මේ.


ප්‍රශ්නය – දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියෙන්ම පටන් ගමු. කොහොමද ඒ තරගාවලිය ඔබ දකින්නේ…?
 
පිළිතුර – පෙර තරගාවලිවලට සාපේක්ෂව බැලුවහම ඉතාම හොඳයි. ලොකු වෙනසක් තිබුණා. පළවැනි තරග 3 දී අපේ පිතිකරුවන් එතරම් හොඳට ක්‍රීඩා කළේ නෑ. පන්දු යවන්නොත් එහෙමයි. ඒත් අන්තිම තරග 2 දී ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වෙනස් කියලා දැක්කා. විශේෂයෙන් ඇන්ජලෝ (මැතිව්ස්) ගේ. එයා වගකීම අරන් සෙල්ලම් කළා.
 
එක්දින තරගයක් වුනාම ඉදිරි පෙළ පිතිකරුවන් 4 දෙනාට ලොකු වගකීමක් තියෙනවා. එක් ක්‍රීඩකයෙක් අවම වශයෙන් ඕවර 35ක් 40ක් ක්‍රීඩා කරන්න ඕන. එතකොට ඔහුගෙන් ලොකු ලකුණු සංඛ්‍යාවක් එනවා. ඒ වගේමයි අනිත් පිතිකරුවන්ටත් ඔහු වටා ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි සාමාන්‍ය එක්දින තරගයක සැලැස්ම. ඒ දේ අපි මුල් තරග 3 දී දැක්කේ නැති වුනත් අන්තිම තරග 2 දී දැක්කා. කිව්වා වගේ ඉදිරි පිතිකරුවන් 4 දෙනොගෙන් අයෙක් ඒ වගකීම අරගෙන සෙල්ලම් කරන්න පුළුවන් නම් පීඩනය ගොඩක් අඩු වෙනවා. කණ්ඩායමකට එහෙම සැලැස්මවල් හදාගෙන යන එක වැදගත්.
 
ප්‍රශ්නය – ඒ තරගාවලියෙදි ඔබ දුටු ධනාත්මක දේවල් සහ හදාගත යුතු තැන් මොනවද…?
 
පිළිතුර – අපේ මැදපෙළ පිතිකරුවන් හුඟක් හොඳට ක්‍රීඩා කළා. අලුත් ක්‍රීඩකයන්, විශේෂයෙන්ම සංයුතිය අනුව ආදේශ කරපු ක්‍රීඩකයන් ඔවුන්ගේ වගකීම හොඳින් ඉටු කළා. දඟපන්දු යවන්නන් හොඳට පන්දු යැව්වා. පන්දු යවන්නකු විදියට සුරංග (ලක්මාල්) හොඳට පන්දු යැව්වා. ඒත් ඔහුට අවශ්‍ය කරන සහාය පන්දු යවන්නකු තව සිටිය යුතුයි.
 
අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් එළියේ ඉන්නවා. ඔවුන්ගෙන් කෙනෙක් හරි දෙන්නෙක් හරි සංචිතයට ඇතුළත් කරගත යුතුයි. ඒකෙන් කියැවෙන්නේ නෑ තරුණ ක්‍රීඩකයන් එළියට දානවා කියන එක. එංගලන්තය වගේ රටක ලෝක කුසලානයක් පැවැත්වෙද්දී පන්දු යැවීමේ බලඇණිය ඉතාමත් වැදගත්. එතැන දී තරුණ අය එක්ක අත්දැකීම් තියෙන අය හිටියොත් සංචිතයක් තියෙනවා අපිට අවශ්‍ය කරන වෙලාවල් වලදී තෝරගන්න.
 
ප්‍රශ්නය – මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා තියෙන්නේ වසරකටත් වඩා අඩු කාලයක්. ඔබ හිතන විදියට අපේ සූදානම කොයි වගේද…?
 
පිළිතුර – පසුගිය මාස කිහිපයෙදි තරග ජයග්‍රහණය කරලා තිබුණේ නැති වුනත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ අත්දැකීම් බැලුවහම මං හිතන්නේ කණ්ඩායම සමතුලිත තත්ත්වයක තියෙනවා කියලා. අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුයි.
ලෝක කුසලාන තරගාවලියට අපේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ගාව සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අනුව කටයුතු කරන්න ඕන. ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් ඉතාම හොඳයි. ඒත් සැලැස්මට අනුව සෙල්ලම් කළේ නැති නිසා තමයි කලින් තරග ගොඩක් පරාජය වුනේ.
 
ඒ වගේමයි ක්‍රීඩකයන් දැන ගන්න ඕන එයාලගෙන් කණ්ඩායමට වෙන්න ඕන කාර්ය භාරය මොකද්ද කියන එක. ඒ කියන්නේ වගකීම මොකද්ද කියලා තේරුම් අරගෙන ක්‍රීඩා කිරීම. ක්‍රීඩකයන් අතින් සිදුවුණු අතපසුවීම්වලින් තමයි අපිට ගොඩක් වෙලාවට ජයග්‍රහණය කරන්න බැරි වුනේ. මං හිතන්නේ තමන්ම හිතලා වගකීම් කොටස ඉටු කරන්න ක්‍රීඩකයන්ට හැකි වුනොත් මේ තියෙන කාලය හොඳටම ඇති ලෝක කුසලානයට සූදානම් වෙන්න.
 
ප්‍රශ්නය – ඔබත් පුහුණුකරුවෙක්. ඔබ දකින විදියට කොයි වගේ තැන්ද මේ කාලය තුළදි අපි අවධානය යොමු කළ යුත්තේ…?
 
පිළිතුර – එක්දින තරගයක පළමු පන්දුවාර 25 එහෙමත් නැත්නම් 30 ඉතාම වැදගත්. කලින් කිව්වා වගේ ඉදිරි පෙළ පිතිකරුවන් 4 දෙනාගෙන් ඒ දේ හරියට පාලනය කරගන්න පුළුවන් විය යුතුයි. අපේ මැදපෙළ හුඟක් ශක්තිමත්. ඒත් අපි හොඳ ආරම්භයක් ලබා ගත්තොත් තමයි මැදපෙළ පිතිකරුවන්ට ලකුණු රැස් කරන්න පහසු.
 
ප්‍රවේගකාරී පිතිකරුවන් වුනත් දැන ගන්න ඕන ආරම්භය ලබා දීලා ඉතිරි ටිකෙනුත් වැඩි ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ 40ක් 50ක් ගහල අවුට් වෙන්නේ නැතුව 80ක් 90ක් 100ක් ගහන තත්ත්වයට පත්වෙන්න ඕන. එහෙම වුනොත් තමයි පීඩනය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම අපේ පන්දු යවන්නන් බලන්න ඕන කොහොමද කඩුලු දවා ගනිමින් පීඩනයක් යොමු කරන්නේ කියන එක ගැන.
 
ප්‍රශ්නය – ඔබ හිටපු නායකයෙක්. ඒ තැන ඉඳන් පසුගිය කාලේ කණ්ඩායමේ තේරීම් සිදු කෙරුණු විදිය දිහා බැලුවොත්…?
 
පිළිතුර – තේරීම් තමයි ඉතාම වැදගත්. දක්ෂතා අතරට එන්න ස්ථාවරත්වය අනිවාර්යයි. ඒ දවස්වල මමත් කියපු දෙයක් තමයි තේරීම් කළ ක්‍රමවේදය හරි නෑ කියපු එක. ක්‍රීඩකයෝ එනවා යනවා. ඔවුන්ට කිසිම සැලැස්මක් නෑ. තරගයක් දෙකක් සෙල්ලම් කරනවා, ඊට පස්සේ ආයිත් එළියේ. මං හිතන්නේ ඒක මානසිකව වුනත් ක්‍රීඩකයින්ට බලපානව.
 
ඒ අනුව බැලුවහම දැන් තියෙන සැලැස්ම ගොඩක් හොඳයි. තත්ත්වෙක තියෙනවා. මොකද එකම ක්‍රීඩකයන් පිරිසක් තමයි දැන් පාවිච්චි කරන්නේ. ආබාධවලට ලක්වන ක්‍රීඩකයින් විතරක් ආදේශ වෙනවා. ඒ අනුව ඔවුන්ට හොඳ අවස්ථාවක් තියෙනවා තමන්ගේ කර්තව්‍ය හරියට කරන්න.
 
ප්‍රශ්නය – ලෝක කුසලාන තරගාවලියට පෙර අපිට තව ක්‍රීඩා කරන්න තියෙන්නේ එක්දින තරග 12ක් විතරයි. මේ සංඛ්‍යාව ලෝක කුසලානයට සූදානම් වීමට ප්‍රමාණවත් වේවිද…?
 
පිළිතුර – මං හිතන්නේ ඔවුන් ළඟ සැලැස්මක් ඇති. විශේෂයෙන්ම තමන්ගේ සංචිතය හඳුනා ගන්න යම් කිසි කාලසීමාවක් ඇති. කණ්ඩායම බැලුවහම තවමත් සමහර ක්‍රීඩකයන් ආදේශ වෙනවා. ඒත් මං ලෝක කුසලානයට යන ක්‍රීඩකයින් 16 දෙනා එහෙම නැත්නම් 18 දෙනාගේ සංචිතය සම්බන්ධව ඉදිරි මාස 2ක හෝ 3 ඇතුළත තීරණයක් ගත යුතුයි.
 
ඒ අනුව අන්තිම මාස 6 දී තියෙන තරග ටික ඒ ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩා කරන එක ඉතාමත් වැදගත්. මං හිතන්නේ ආසියානු කුසලාන තරගාවලියෙන් පස්සේ හරි ඊළඟට තියෙන සංචාරයේ ඉඳලා හරි ඒ දේ කළ යුතුයි. එහෙම වුණාම ක්‍රීඩකයින්ගෙත් අදහසක් තියෙනවා අපි තමයි ලෝක කුසලානයට යන ක්‍රීඩකයන් කියලා. එතැන දී ඔවුන්ට සැලැස්මවල් හදාගන්න පහසු වෙනවා.
 
ප්‍රශ්නය – ඔබගේ නායකත්වය යටතේ 2007 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වුන කණ්ඩායමේ සහ දැන් කණ්ඩායමේ සූදානම පිළිබඳව සංසන්දනයක් කළොත්…?
 
පිළිතුර – නායකයෙක් විදියට මම කණ්ඩායම භාර ගත්තේ 2006 දී. මට කලින් නායකයා වෙලා හිටපු මාවන් අතපත්තු ගාව සැලැස්මක් තිබ්බා මොන ක්‍රීඩකයින් ද ආදේශ විය යුත්තේ සහ ක්‍රීඩා කළ යුත්තේ කියලා. ඒ දේම තමයි මමත් ඉදිරියට අරගෙන ගියේ. ලොකු වෙනස්කම් කළේ නෑ. අපි කළ එකම දේ තමයි ඒ තණතීරුවලට සුදුසුයි කියන ක්‍රීඩකයින් යොදවපු එක. ඒ අනුව ඒ සැලැස්මේ හැටියට හැම ක්‍රීඩකයෙක්ම මාස 12ක් වගේ කාලයක් අපිත් එක්ක දිගටම සෙල්ලම් කළා. එහෙම බැලුවහම මේ කණ්ඩායමත් සැලැස්මකට අනුව තේරීම් කරලා කණ්ඩායම ඒ විදිහට හදාගත යුතුයි ඉක්මණටම.
 
ප්‍රශ්නය – ලසිත් මාලිංගට සමුගැනීමේ තරගයකට හෝ කණ්ඩායමට පැමිණීමට අවස්ථාවක් ලබානොදීම සම්බන්ධව මේ දිනවල ලොකු කතා බහක් ඇතිවෙලා තියෙනවා. ඒ සම්බන්ධව ඔබ ඉන්නේ කොතැනද..?
 
පිළිතුර – සමුගැනීමේ තරගයක් දිය යුතු ද…? ඒක වෙන්න ඕන කොහොමද…? කියන එක ගැන මට අදහසක් නෑ. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ යුත්තක්. ඒත් මං හිතනවා ලසිත් මාලිංගට තාම හැකියාව තියෙනවා කණ්ඩායමට ක්‍රීඩා කරන්න. සමහර විට පෙර තිබ්බ දක්ෂතාවයන් පෙන්නුම් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපිට ඔහුගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
 
ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සහ දක්ෂතාව හොඳ නම් ඔහුගේ දක්ෂතා බලන්න අපි ඔහුට අවස්ථාවක් ලබා දිය යුතුයි. ලසිත් වගේ ක්‍රීඩකයෙක් සංචිතයට ඇතුළත් කරගන්න පුළුවන් නම් අපිට අත්දැකීම් තියෙන පන්දු යවන්නකුගේ සේවය ලැබෙනවා. මං කොයිම වෙලාවකදීවත් කියන්නේ නෑ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් නිකන් සංචිතයේ ඉන්න ඕන කියලා. ඔහුගෙත් දක්ෂතා තිබිය යුතුයි.
 
ප්‍රශ්නය – හරි. ඔබ පුහුණුකරුවෙක්. ඔබ ජාතික කණ්ඩායමේ පුහුණුකරු නම් මාලිංගව කණ්ඩායමට තෝරගන්නව ද…?
 
පිළිතුර – ඇත්තම කියනවා නම් මම ලසිත් මෑතක දී සෙල්ලම් කරන විදියට දැකලා නෑ. මුලින්ම ඔහු සෙල්ලම් කරන විදිය බලන්න ඕන. පුහුණුකරුවකු විදියට ඒක බලන්නේ නැතිව ඒ තීරණය ගන්න බැහැ. අන්තිම වසර 2ක කාලය ගෙන බැලුවහම මම ශ්‍රී ලංකාවේ පැවති ක්‍රීඩා සමාජ තරගයක් හෝ නරඹලා නෑ. ලසිත් අන්තිම අවුරුද්දක විතර කාලය සෙල්ලම් කරලත් නැහැ. ඉතිං එහෙම දක්ෂතා දකින්නේ නැතිව ඒ තීරණය ගන්න අමාරුයි.
 
ප්‍රශ්නය – ඔබ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වෙලා ඉඳිද්දී මාලිංගව තෝරාගත්තේ නෑ. ඇයි ඒ…?
 
පිළිතුර – කණ්ඩායමක් විදියට ඊළඟ අවුරුදු 5ට කණ්ඩායම අපි හදාගත යුතුයි කියන තැන අපි හිටියා. ඉතිං අපට රඳවා ගන්න පුළුවන් ක්‍රීඩකයන් ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරට මාලිංග ඇතුළත් වුනේ නෑ. ලංසු තියද්දී අපි දැක්ක දෙයක් තමයි අනිත් කණ්ඩායම්වලිනුත් මාලිංගට මිලක් නියම කළේ නෑ. ඒකට හේතුව වුනේ ලසිත් ආබාධයකට ලක්වෙලා නැවතත් ඇවිල්ලා තිබුණ එක. ඒ වෙලාවේ ඔහු සෙල්ලම් කරලවත් තිබුණේ නෑ හරියට. අපි තෝරන්නේ ජාත්‍යන්තරයේ ඉන්න හොඳම ක්‍රීඩකයින්. පුහුණුකරු විදියට මට වගකීමක් තියෙනවා ඒ වෙලාවට හොඳයි කියලා හිතෙන තීරණය කළමනාකාරිත්වත් එක්ක සාකච්ඡා කරලා කරගන්න. අපි දැනගත්තා මාලිංගගේ දැනුමෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි ලසිත්ව පන්දු යවන උපදේශකයකු ලෙස මම ගෙනාවේ.
 
ප්‍රශ්නය – ඒකම දැන් මාලිංගට පාරාවළල්ලක් වෙලා නේද…?
 
පිළිතුර – මං හිතන්නේ නෑ. එහෙම හිතනවා නම් එහෙම කරනවා නම් ඒක වැරදියි. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට අපි මාලිංගව තෝරපු නැති එක ලංකාවේ තේරීම්වලට බලපෑ යුතු නෑ කියන තැන මම ඉන්නේ. මං ඒකයි කියන්නේ ලංකාවේ ටීම් එකයි මුම්බායි ඉන්ඩියන්ස් තෝරා ගැනීමයි වෙනස්. ආකල්ප දෙකකින් සිදුවෙන්නක්. ලංකාවේ ටීම් එකේ දැන් ඉන්න ක්‍රීඩකයින් දිහා බැලුවහම මාලිංගට කණ්ඩායමට පැමිණීමට හොඳින්ම හැකියාව තියෙනවා. නමුත් ඒක තීරණ කරන්න ඕන මම නොවෙයි. ලංකාවේ තේරීම් කමිටුවයි.
 
ප්‍රශ්නය – හරි. පසුගිය කාලෙම නායකයකුගේ අඩුවක් අපිට තිබුණා. දැන් යළිත් ඇන්ජලෝ මැතිව්ස් ඒ තැනට පත් වෙලා. ඔබ හිතනවද නායකත්වයට සුදුසුම කෙනා මැතිව්ස් කියලා…?
 
පිළිතුර – ආබාධයකට ලක් වුනාට පස්සේ ඇන්ජලෝ එක දිගට නායකත්වය දරලා නැහැ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. එක නායකයෙක් ඉන්නවා නම් හොඳයි. ඇන්ජලෝගේ නායකත්වය ගත්තහම පිටිය තුළ දී ක්‍රීඩකයන් හසුරුවන ආකාරය බැලුවහම හොඳ නායකයෙක් කියලා සෑහීමකට පත්වෙන්න පුළුවන්. නමුත් ඊට පිටින් බැලුවහම මං හිතන්නේ නෑ ඔහුට නායකයකු විදිහට පාලනයක් තිබ්බා කියලා.
 
ප්‍රශ්නය – ඔබ කොතැනටද ඔය චෝදනා කරන්නේ…?
 
පිළිතුර – නෑ. මං චෝදනා කරන්නේ ක්‍රීඩකයන් තෝරපු සහ ආදේශ කිරීම පිළිබඳව. එතරම් පිරිසක් ඒ වකවානුව තුළ සෙල්ලම් කළා. පොඩ්ඩක් නොවෙයි. ක්‍රීඩකයන් හතළිස් ගාණක්. ඒකට නායකයත් යම්කිසි විදියකට වගකියන්න ඕන කියලයි මං හිතන්නේ. ඇත්තටම ඒ ගැන මම කණගාටු වෙනවා. මොකද ඇන්ජලෝ ගැන අපට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. විශේෂයෙන් අපෙන් පස්සේ කණ්ඩායම හරි මාර්ගයේ ඉදිරියට ගෙන යයි කියලා. ඒ දේ ඔහු අතින් වුනේ නෑ කියලා ඔහුත් පිළිගන්නවා.
 
ප්‍රශ්නය – ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය පාසල් ක්‍රීඩාව. ඒ සඳහා ඔබ දැන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ එක්ව උර දීලා සිටිනවා. කොහොමද එහි වැඩ කටයුතු…?
 
පිළිතුර – කතා කළ යුතුම දෙයක්. හැමෝම කියනවා ලෝකෙ පාසල් ක්‍රිකට් අතර හොඳම ක්‍රිකට් තියෙන්නේ අපේ ලංකාවේ කියලා. ඒත් යොවුන් ලෝක කුසලානයක් පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා අපි එකම යොවුන් ලෝක කුසලානයක්වත් දිනලා නෑ. කොහොමද එහෙම වෙන්නේ…? අපි දක්ෂ නම් අපේ පාසල් ක්‍රීඩාවේ හොඳ සැලැස්මක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලෝක කුසලානයක් දිනලා තියෙන්න ඕන. ඒකෙන් කියවෙන්නේ මෙතැන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලයි. අපි නිතරම කරන්නේ ක්‍රිකට් හදන්න කෙටි වැඩපිළිවෙළවල් ගේන එක. එහෙම හරියන්නේ නෑ. දුර දැක්මක් තිබිය යුතුයි. මොකද්ද මේකෙ වරදක් තියෙනවා. අන්න එතැනයි හැදිය යුත්තේ. ඊට පස්සේ තමයි හරි ක්‍රීඩකයින් තෝරගෙන ඉදිරියට යා යුත්තේ. අන්න ඒ වගේ වැඩපිළිවෙළකට තමයි අපි දැන් අත ගහලා තියෙන්නේ.
 
ප්‍රශ්නය – ඔබ කියන විදියට කොයි වගේ වැඩපිළිවෙළක් ද කරගෙන යන්නේ. විශේෂයෙන්ම සිදු කළ හෝ සිදු කරන වෙනස්කම් ගැන සඳහනක් කළොත්…?
 
පිළිතුර – අපි ගොඩක්ම අවුරුදු 13 සහ 15න් පහළ අංශවල වෙනස්කම් ටිකක් කළා. විශේෂයෙන්ම භාවිතා කරන පන්දුව පවා අපි වෙනසක් කළා. මොකද 15න් පහළ පාවිච්චි කරන්නේ 19න් පහළ පාවිච්චි කරන ලොකු පන්දු. පොඩි අත්වලට ඒ පන්දුව ලොකුයි. ඉතිං අල්ලගන්න බැරිව කොහොමද පන්දුව දඟ කවන්නේ…? එහෙම වුනාම ඔවුන් කරන්නේ පන්දුව නිකන් දාන එක. එක්කො හයියෙන් දාන එක. වේගපන්දු යවන්නෙක් වුනත් හරියට බෝලෙ අල්ලන්න බැරි නම් ඔවුන්ට සීම් එක හරි තැන තියන්න බැහැ. එතකොට වේගය අඩු වෙනවා. වේගය අඩු වුනාම කරන්නේ මොකද්ද..? දමලා ගහන එක.
 
ඒ වගේම තමයි ඔවුන් ක්‍රීඩා කළේ ඕවර 50 තරග. එහෙම වුනාම තාක්ෂණයක් නැතුව යනවා. එතැනදි අපි බැලුවේ තාක්ෂණය හදන එක. ඒකට ඔවුන් දිගටම බැට් කළ යුතුයි. ඊට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් ඔවුන් ක්‍රීඩා කළ යුත්තේ ටෙස්ට් ද එක්දින තරග ද කියලා. ඒ විතරක් නොවෙයි ක්‍රීඩා කරන පිත්තේ ඉඳලම අපි වෙනස් කළා. ඊට අමතරව ක්‍රීඩා කරපු පුහුණුකරුවන්, ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙන පුහුණුකරුවන්ව අපි අවුරුදු 19න් පහළ කණ්ඩායම්වලට ලබා දෙන්න ඕන. ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමත් හරිම වැදගත්. එතකොට තමයි අලුත් දේවල් සමඟ ක්‍රීඩකයින්ට ඉදිරියට යන්න පුළුවන්.
 
ප්‍රශ්නය – ඔබ මීට කලිනුත් ක්‍රිකට් ගොඩගන්න ක්‍රිකට් ආයතනයට වැඩපිළිවෙළක් ලබා දුන්න. නමුත් ඒ මහන්සිය ක්‍රිකට් බලධාරීන් සාධාරණයක් ඉටු කළේ නෑ. විශ්වාසයක් තියෙනවද අලුත් වැඩපිළිවෙළ හරියට සිදු වෙයි කියලා…?
 
පිළිතුර – නෑ. අපි වැඩ කළේ ක්‍රීඩා අමාත්‍යාංශය දුන්න දේ. ඒක ක්‍රිකට් බෝඩ් එක භාරගත්තෙ නැති එකට කරන්න දෙයක් නැහැ. නමුත් මේ වැඩපිළිවෙළ හොඳට යනවා. ඔවුන් කියන විදියටම වැඩපිළිවෙළ සිදුකරගෙන යනවා. ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා කලට වෙලාවට ලැබෙනවා. දැනට නම් පළාත් 5ක ක්‍රීඩාංගණ 5ක් හදන්න මුදලුත් වෙන් කරලා ඉවරයි. ඒ ක්‍රීඩාංගණ හදන්නේ ළමයින්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට. ඒ වගේම පොඩි වයස් කාණ්ඩවල ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රීඩා ආම්පන්න පවා අපි ලබාගන්න කටයුතු කරලා තියෙනවා. මට විශ්වාසයක් තියෙනවා මේ වගේ හොඳ ප්‍රතිඵල නුදුරෙදිම ලබාගන්න පුළුවන් වෙයි කියලා.
 
ප්‍රශ්නය – ශ්‍රී ලංකාව කියන්නේ විනීතකම අතින් අවස්ථා කිහිපයක දී ම ජාත්‍යන්තරයේ පිදුම් ලැබූ කණ්ඩායමක්. නමුත් අද වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා. විශේෂයෙන් ක්‍රීඩකයන් ගොඩ දෙනෙක් විනය විරෝධී කටයුතු වලට නිරත වෙලා දඬුවම් ලබන තත්ත්වයට පත්වෙලා. මේ ගැන හිටපු නායකයකු විදියට ඔබගේ අදහස මොකද්ද…?
 
පිළිතුර – ක්‍රීඩකයින්ගේ විවේකයට තහංචි පැනවිය යුතු නැහැ කියන තැන මම ඉන්නවා. අපි වුනත් ක්‍රීඩා කරන කාලේ මනස හදාගන්න එළියට ගිහිල්ලා තියෙනවා. ඒත් අපි එතැන දී හැසිරිය යුතු සීමාව දැනගෙනයි කටයුතු කළේ. ක්‍රීඩකයෙක් දෙන්නෙක් ඒ වගේ වැඩ කළා කියලා කණ්ඩායමට දොසක් කියන එක සාධාරණ නෑ. මේ දේවල් පාසල් කාලයේ සිටම පුරුදු පුහුණු කළ යුතුයි. ලැබෙන මුදල් හසුරුවගන්න බැරි වුනාම තමයි වැරදි තීරණවලට පෙලඹෙන්නේ. කලින් කිව්වා වගේ පාසල් වැඩපිළිවෙළේ මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරල තියෙනවා. මේ පිළිබඳව විතරක් නොවෙයි විනය සම්බන්ධ සියලු දේ ගැනම අවශ්‍ය කරන ඒ දැනුම ලබා දෙන්න අපි කටයුතු කරනවා.
 
ප්‍රශ්නය – අපි මේ කතාව අවසන් කරමු. පන්දුව පලුදු කිරීම සම්බන්ධව අප ජාත්‍යන්තරයේ ලැජ්ජාවට පත්වුනා. ඔබත් වසර ගණනාවක් කණ්ඩායමේ හිටි අයෙක්. නමුත් මේ වගේ දේකට කවදාවත් චෝදනා ලබලා නෑ. මේ දිහා බලන කෝණය කොයි වගේ ද…?
 
පිළිතුර – ඔය සම්බන්ධව අපේ ක්‍රීඩකයන් ගාව තිබුණ දැනුම අඩුයි කියලා තමයි මං හිතන්නේ. ඒ තීරණ ගත්ත විදිහෙත් ඒකට ක්‍රිකට් ආයතනය කටයුතු කළ විදිහෙත් වැරදි තියෙනවා. විශේෂයෙන්ම ඒ දිහා බලපු විදියේ ගොඩක් වැරදි තියෙනවා. කලින් කිව්වා වගේ ක්‍රිකට් නීති රීති ගැනත් ක්‍රීඩකයින්ට දැනුමක් තියෙන්න ඕන. එහෙම වුනා නම් ඔය වගේ අපකීර්තියකට අපිට මුහුණ දෙන්න වෙන්නේ නෑ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top