Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
25
"කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඒ බලාසිටීමට මම කල් දුන්නා. ලබන වසරේ විවාහ වෙනවා.." - මධුමාධව

- "කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඒ බලාසිටීමට මම කල් දුන්නා. ලබන වසරේ විවාහ වෙනවා.." - මධුමාධවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"මගේ ජීවිතේ විවාහ දෙකක් ඉවරවෙලා තියෙනවා.."

"ඇය තමයි මට ඔක්කොම. මම ඇයට ගොඩාක් ආදරෙයි කියලා ඇය දන්නවා..."

මධුමාධව අරවින්ද නමින් රූපයෙන් කතාබහෙන් හැමෝම වගේ දන්නවා. විටෙක කලාකරුවෙක් තවත් විටෙක දේශපාලනයට සම්බන්ධ කෙනෙක්, ගායනය රංගනය තුළ ඔහු දක්ෂයෙක්. ඔහු කසාද දෙකකින් වෙන් වුනු වගේම අලුත් ප්‍රේමයක් එක්ක ජිවත් වෙන කෙනෙක්. ඔහු ආදරය ගැන මෙහෙම කියනවා.


අරවින්ද යායේ පිපුණු තවත් මලකට පසුගියදා යන්න සිද්ධවුණා..?
මගේ ජීවිතේ මට හමුවුණු, මා ගරු කළ, මට ආදරේ කියලා දුන්න අය මම හැඳින්වූයේ මගේ අරවින්ද යායේ පිපුණු මල් විදිහටයි. මේ අරවින්ද යායේ මා හැරගිය, මියගිය අය ඉන්නවා. මගේ ජීවිතේ නැවත හැරී බැලීමට තවත් අවශ්‍ය වුණා. ඒකට මගේ ජීවිතේ කියනවාට වඩා මම අරවින්ද යාය කියලා නම් කළා. ඒ අරවින්ද යායේ මට සෙවණ දුන්න, ප්‍රේම සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා සියල්ලම මම වළලනවා. මේ රාත්‍රිවල මම ඒ අරවින්ද යායේ තනියම ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට අ ඉඳන් ජීවිතේ මට ආදරේ කියලා දුන්න හැමෝම මගේ මතකයට එනවා. ඔය යායේ විශේෂිත වූ මල තමයි ආදරේ පිළිබඳව පිපුණු මල. ඒ හැමදේම මම කියන කෙනෙක් නිසා කාලයකට කලින් ඔව්... අරවින්ද යායේ අවසාන මලත් 2005 පරවුණා... ඒ යායේ ආයෙ ඒ වගේ මලක් පිපෙන්නෙ නැහැ.. කියලා කිව්වා.

ඒ වුණාට ආයෙමත් ඒ අරවින්ද යායේ මලක් පිපිලා... ඒ කියන්නෙ ඔබ දැන් පෙම්වතෙක් නේද...?
ඔව්.. ආයෙත් දැන් මම කියනවා.. අරවින්ද යායේ මල් පිපෙනවා. ජීවිතේ අපූරු සුවිශේෂී වූ අත්දැකීම් හැමෝටම තියෙනවා. ඒවා මේ කාර්යබහුලකමත් එක්ක අපිට අමතක වෙනවා. නමුත් මම හිතන දෙයක් තමයි රස තියෙන දේ ජීවිතේ එක්ක ගොඩක් තියෙනවා. මේ අතරේ සමහර ඒවා හරි දුකයි. සමහර ඒවා හරි සතුටුයි. හැමෝම යනවා. ඒ යන්නෙ යම් හේතුවක් එක්කයි. අරවින්ද යාය කියන්නෙ මා හැරගිය, ගෙවිලා ඉවරවුණු ආදරණීය වසන්ත කාලයක්.

මම හරි සංවේදී කෙනෙක්. ඒක මාව දන්න අය දන්නවා. මට ඉක්මනට තරහ යනවා. හැබැයි ඉක්මනටම නිවෙනවා.

මම ආදරයෙන් මිනිස්සු දිහා බලන්න ඉගෙනගත්තු කෙනෙක්. එහෙම කෙනෙක්ට ජීවිතේ ආදරයත් අවශ්‍යයි. මම හැම පරාජයක්ම ඉතා ආදරයෙන් සමරනවා. ඒක කොච්චර දුෂ්කර කාර්යයක් වුණත් මම ඒක විඳදරාගන්නවා. මම ජීවිතේ අමාරු කාලවලදී තනිවූ හුදෙකලාව වින්ද කෙනෙක්. හැබැයි මම මැරෙන්නෙ නැහැ. මම හුස්ම ගන්නවා. ඒ හුස්ම හරි රහයි. හැමදේම තියෙද්දී අපිට හුස්ම ගන්නවාද කියලවත් මතකයක් නැහැ. හැබැයි අමාරැවෙන් හුස්ම ගනිද්දී ඒ හුස්ම හරි රහයි. ඉතින් හුස්ම අදින මගේ ජීවිතේට වතුර බින්දුවක් දෙනකම් මම බලාගෙන හිටියා. සමහර වතුර බින්දු මම අතහැරියා. ඉතින් නිශ්ශබ්දව බලාගෙන ඉන්නකොට, දූවිල්ලක් මැද්දෙ මගේ ජීවිතේ තියෙනකොට කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඒ බලාසිටීමට මම කල් දුන්නා. ඒක වෙනසක් වුණේ නැහැ. අද වෙනකොට අරවින්ද යායේ ඊළඟ මල ලබන අවුරුද්දෙ පිපෙන්න තීරණය කරලා.

ඇය කවුරුත් දන්න කියන ජනප්‍රිය කෙනෙක්ද...?
නැහැ. ඇය එහෙම ජනප්‍රිය කෙනෙක් නෙමේ. මම ලස්සන තරුණ තරුණියන් ඉන්න කලා නගරයේ තමයි ඉන්නෙ. මේ සියලු දෙනාටම මම එකම ගෞරවය දෙනවා. මගේ ජීවිතේ විවාහ දෙකක් ඉවරවෙලා තියෙනවා. මගේ ආදරණීය දියණියගේ අම්මා ජනප්‍රිය කෙනෙක්. එයාට හැමෝම ආදරෙයි. ජනප්‍රිය අයගේ කඳුළු දිහා හරිම ආදරයෙන් හැමෝම බලනවා. නමුත් ජනප්‍රිය නැති අයගේ කඳුළු හදවත්වලට දැනෙන්නෙ නැහැ. ගැහැනිය කියන්නෙ මේකප් ගොඩක්වත්, ජනප්‍රිය නමක්වත් නොවන බව මම දැනගෙන හිටියා. විශේෂයෙන් මගේ දරුවාගේ අම්මා කිසිවිටෙකත් ගේ ඇතුළෙ රඟපෑවේ නැහැ.

අරවින්ද යායේ කොයිතරම් මල් පිපුණත් ඒ යායේ වෙනස් නොවන තැනක එක්තරා චරිතයකට ඉඩ තියෙනවා. ඒ ආදරණීය දියණිය. එහෙම නේද...?
ඔව්.. ඒ මල තමයි මගේ ජීවිතේ වටිනාම සම්පත වෙන්නෙ. මම මැරෙන මොහොතකදී කවුරුහරි මගේ ළඟ ඉඳලා මොනවද ඔබ ජීවිතේ දිනපු දෙයක් තියලා යන්නෙ කියලා ඇහුවොත් මම කියන්නෙ ඒ ස්වේතා තමයි කියලයි. ඒ තමයි මගේ ඔක්කොම. හැමදාමත් මම ස්වේතාට කියන්නෙ මම ඔබව නැතිකරගත්තා නෙවේ... ඔබව මට නැතිකළා... ඒක මතක තියාගන්න දුව කියලා විතරයි. හැබැයි ඒ ගැන හොයන්න එපා. ඇය තමයි මට ඔක්කොම. මම ඇයට ගොඩාක් ආදරෙයි කියලා ඇය දන්නවා. එය තමයි මම පැරදිච්ච සහ වචනයකින්වත් දිනන්න ඕනෙ නැති ආදරණීය පරාජයත් වෙන්නෙ. නමුත් ඇය සතුටින්. ලෝකයේ ඉන්න හොඳම අම්මා ඉන්නෙ ඇයත් එක්කයි.

මධු ගැන ලියවුණු මම ඇත්තක් පොත ටිකක් වෙනස් පොතක්...?
ඔව්.. මම ගොඩක් පොත් කියවන කෙනෙක්. මේ පොතේ මම ලියුවේ ඇත්ත. මේ හෘදසාක්ෂිය කියන උසාවියෙන් කිසිම දෙයක් මට දිනන්න ඕනෙ නැහැ. මට ඕන ඇත්ත විතරයි. මේ පොත ඇතුළෙ කිසිවෙක් නොකියන, කවුරුවත් නොලියූ ඇත්ත කතා කිහිපයක් තියෙනවා. ඒක මම රුධිරයෙන් ලියලයි අත්සන් කළේ. ඒ තරම් විශ්වාසයෙන් මම ඒක ලිව්වා. කිසිම බොරුවක් නැහැ. හැබැයි මගේ පිළිමනම් මම මේකෙ නෙලලා නැහැ. පොතේ සමහර තැන්වල මටම මම ගල් ගහගෙනත් ඇති. මම මැරෙන බව දැනගෙන ජීවත්වෙන මනුස්සයෙක්. මට කවදාවත් සම්ප්‍රදායික වෙන්න ඕනෙ නැහැ. සියලුදෙනා දකුණට හැරෙද්දී මම වමට හැරුණේ මට මොනවහරි දෙයක් අලුතින් දකින්න ඕන නිසයි. එහෙම දේවල් මම දැක්කා. මගේ අන්තිම කැමැත්තත් මම නීතියට අනුව ඉෂ්ඨ කළා. සම්ප්‍රදායික අත්දෙක බැඳලා සමුගන්නවට වඩා ඔබට ආයුබෝවන් කියා අවසන් ගමන් යන කෙනෙක් එතැන ඉඳීවි. මගේ අවසාන කතාව මම පවත්වලා ඉවරයි. ඒක කවදාට වුණත් පොදු කතාවක්. ඒක අලුත්වැඩියාවක් නැහැ. ඒ සී.ඩී පට දෙකත් ඉතා රහසිගත තැන් දෙකක තියෙනවා. මගේ මරණය තුළ ආගමික කටයුතු සිද්ධවෙන්න ඕනෙ නැහැ. ඉතින් මරණයට යන්නත් මධුමාධව අරවින්ද ලෑස්තියි.

පසුගියදා ඔබෙන් නීතියෙන් වෙන්වුණු බිරිඳගේ මවට ඔබ සමුදුන්නෙ තෑගිබෝග ලබාදීලයි...?
අපි ඇත්තක් වෙන්න ඕනෙ. කිසියම් වූ සම්බන්ධයක් ඉවරවුණාට පස්සෙ අපි අලුත් සම්බන්ධතාවයකට යන්නෙ පරණ එකේ වැරදි කියාගෙනයි. ඒ තරම් බොරුවක් ලෝකෙ තවත් නැහැ. ඒ ආදරණීය මිනිසුන් මාත් එක්ක ජීවත් වුණා. ඒ අම්මා ඇඬුවා. ඇය ඉතා ආදරණීය අම්මා කෙනෙක්. මම අවසානයේදී ඇයට සාරියක් දීලා උසාවියේදී වඳිද්දී ඇය මගේ නළල ඉම්බා. ඇය මට කවපු බත් කටක් ගාණේ මට හොඳට මතකයි. එතුමියගේ ස්වාමිපුරුෂයා මියගියේ මම ළඟමයි. ඒ සියලු දේවලුත් එක්ක සමුගැනීමත් කලාවක් නම් මම පිකාසෝ වෙමි.

මධුමාධව අරවින්ද කියන්නෙ කවුද...?
විටෙක මම දරුවෙක්. මම සංවේදී කෙනෙක්. හැබැයි මගේ නපුරැකම් සීමාවක් නැහැ. හරියට තරහ යනවා. හැබැයි ඒ සියල්ලම ඉක්මනට මම නවත්වගන්නවා. දුර පනින හැමෝම අඩියක් පස්සට අරගෙන තමයි දුර පනින්නෙ. ඒ අඩිය පස්සට ගැනීම තුළ තමයි කොච්චර දුර පනිනවාද කියලා තීරණය කරන්නෙ. ඒ පස්සට ගැනීම විතරක් බලන්න එපා. මම ඇතුළෙ ඉන්න දරුවාව කිසිවිටෙකත් හංගන්නෙ නැහැ. ඒ දරුවාට මම හරි ආදරෙයි. මගේ ජීවිතේ සිදුවුණු හැම සමුගැනීමම හරිම වේදනාකාරීයි. හැබැයි ආයෙමත් දවසක මගේ වසන්ත කාලය උදාවේවි.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top