විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිළිබඳ අද (21) පස්වරු 7.00 ට පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් සිය පක්ෂයේ අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ කැඳවා තිබෙනවා.
කෙසේ වුවත් අද උදෑසන රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පත් කළ ජී - 20 කමිටුව පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව, අද පස්වරුවේ රැස්වන තම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇති බවයි එම කමිටුවේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද උදෑසන සාකච්ඡාවක් කැඳවා තිබූ බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.