Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
"මගේ ජිවිතේ අංක එක රංගනය, ඒ නිසා මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වෙන්නේ නැහැ.." - දසුන් පතිරණ - Photos

- "මගේ ජිවිතේ අංක එක රංගනය, ඒ නිසා මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වෙන්නේ නැහැ.." - දසුන් පතිරණ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"අපි අවිවාහකයි. ඒත් එයා මගේ දරුවගේ අම්මා..."

"මම ඕනේ තරම් ගෑනු අය ආශ්‍රය කරලා තියෙනවා..."

"ඒත් මගේ දුවගෙන් ලැබෙන හැගීම මිට කලින් දැනිලා නැහැ.."

දසුන් පතිරණ කියන්නේ මෑත කාලයේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ කා අතරත් කතාබහට ලක්වන ප්‍රතිභා පූර්ණ තරුණ රංගන ශිල්පියෙක්. ඔහුගේ දක්ෂතා නිසාම ඔහු සමාජය තුල කැපී පෙනුණා. ඒ වගේම විවාහ නොවීම දරුවෙකුට ආදරණිය තාත්තා වූ දසුන් ඒ ගැන හැමෝටම කිව්වේ ආඩම්බරයෙන්. මේ ඔහු ගැනයි


ඉතින් දසුන්, කොහොම ද ජීවිතේ?
අවුලක් නැහැ ජීවිතේ හොඳින් ගත වෙනවා.

ඒ කියන්නෙ දසුන් මේ දවස්වල කාර්යබහුලයි?
ඔව් ටිකක් කාර්යබහුලයි. මම වැඩත් එක්ක කාර්යබහුල වෙන්න කොහොමත් කැමැතියි. පහුගිය කාලේ  මීට වඩා කාර්යබහුල වෙලා හිටියා. දැන් ඒක ටිකක් අඩුයි.

දසුන්ගේ ගෙදර ජීවිතේ ගත වෙන්නේ කොහොම ද?
ගෙදර ජීවිතෙයි රංගන ජීවිතෙයි මම පටලවා ගන්නේ නැහැ. මගේ ජිවිතේ අංක එක රංගනය. මම මුල් තැන දෙන්නේ රංගන කටයුතුවලට. ඒ නිසා මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා ගත කරපු ජීවිතේ මට ගත කරන්න බැරි වෙයි. මට අනුව මගේ ජීවිතේ චාරිකාවක්. ඒ චාරිකාවේ ලැබුණු දේවල්වලින් එකක් මගේ ගෙදර ජීවිතේ. අනික රංගනය.

දසුන්ගේ පවුලේ විස්තර කිව්වොත්?
මගේ පවුලේ අම්මා, තාත්තා, නංගි ඉන්නේ. දැන් ඉන්නවා හංසියි, මගේ දුව 'ශයියා'යි. ඇය හංසි දිසානායක. හංසි කියන්නේ මගේ ළමයාගේ අම්මා.

ඇය ගැනත් විස්තර කියමු?
අපි අවිවාහකයි. ඒත් එයා මගේ දරුවගේ අම්මා. ආදරේ බැඳීම් කොළේකට සීමා කරන්න අවශ්‍ය නැහැ. මම හංසිව තෝරගත්තේ හංසි මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක් නිසා. ඒ වගේම හංසිට අම්මා කෙනෙක් වෙන්න උපරිම සුදසුකම් තියෙනවා.

ඔබේ වෘත්තිය ජීවිතයට ඇගෙන් කොයි වගේ සහයෝගයක් ද ලැබෙන්නේ?
එයා මාව දකින්නේ නළුවෙක් විදිහට. මගේ වෘත්තිය ජීවිතේ ගැන හොඳ අවබෝධයක් හංසිට තියෙනවා. මම දර්ශන තලයට ගියාම මට ඔක්කොම දේවල් අමතක වෙනවා. ඒ වගේ අවස්ථාවල වගකීම් සහ යුතුකම් මගෙන් අතපසු වෙන්න පුළුවන්. ඒත් හංසි ඒ හැමදේම තේරුම් අරගෙන ඉන්නේ. සමහර ගෑනු ඉන්නවා මිනිහා මතම යැපෙන්න බලාගෙන ඉන්න අය. ඒ අයට මිනිහා නැතුව වැඩක් කරගන්න බැහැ. ඒත් හංසි එහෙම නැහැ. එයා හරිම ශක්තිමත්. එයාට තනියම ඕනේ දෙයක්, ඕනේ වැඩක් කරන්න පුළුවන්. එයා මට පවුලේ කිසිම බරක් දෙන්නේ නැහැ.

දසුන් ගෙදර විවේකයෙන් ඉන්න වෙලාවට මොනවද කරන්නේ?
ඉස්සර නම් මම ගෙදර කියලා දැනගත්තාම අපේ ගෙදර යාළුවොන්ගෙන් පිරෙනවා. යාළුවොත් එක්ක කාලය ගත කරන එක තමයි මම විවේකයෙන් ඉන්න වෙලාවට කරන්නේ. දැන් නම් මට මගෙ දුව ඉන්නවා. එයාගෙ නම 'ශයියා'. ශයියාගේ හුරතල් බල බල ඉන්න එක තමයි කරන්නේ.

ශයියාත් එක්ක ගත කරන කාලය කොයි වගේ ද දැනෙන්නේ?
ඒක හරිම සුන්දරයි. ඒක වචනෙන් පැහැදිලි කරන්න අමාරුයි. මම ඕනේ තරම් ගෑනු අය ආශ්‍රය කරලා තියෙනවා. ඒත් මගේ දුවගෙන් ලැබෙන හැඟීම ඒ වෙන කිසි කෙනෙක්ගෙන් මට ලැබිලා නැහැ. මාව ශක්තිමත් වෙන තැන තමයි ශයියා කියන්නේ. එයා මගේ ළඟ ඉන්නකොට මට ලොකු ශක්තියක් හයියක් ලැබෙනවා.

ඒ කියන්නේ දසුන්ට දැන් 'තාත්තා' කියන භූමිකාව ඇතුළේ ඉන්නේ?
මම ශයියාගේ තාත්තා තමයි. ඒත් මට මාර තාත්තා කෙනෙක් වෙන්න බැරි වෙයි. මගේ වෘත්තිය ජීවිතේ කාර්යබහුලකමත් එක්ක මට නියම තාත්තා කෙනෙක් වෙන්න බැරි වෙයි. මම හිතනවා ශයියාත් ඒක තේරුම් ගනීවි කියලා. මේ ළඟදිත් දවස් විස්සකට පස්සෙයි ගෙදර ආවේ. ඒත් පුළුවන් හැම වෙලාවකම මගේ දුව වෙනුවෙන් හැමදේම කරන්න මම උත්සාහ කරනවා.

දසුන් ගෙදර අයත් එක්ක තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක් ද?
ඇත්තටම රංගනය නිසා මට ගෙදර අය එක්ක ගත කරන්න ලැබෙන්නේ බොහොම අඩු කාලයක්. ඒ වගේම ගෙදර ඉද්දිත් නිතරම වගේ යාළුවොන්ගෙන් මගේ ගෙදර පිරෙනවා. යාළුවොත් දැන් මගේ ගෙදර අය වගේ වෙලා.

දසුන්ව හැමෝම හඳුන්වන්නේ පුංචි තිරයේ හුරුබුහුටි පෙම්වතා කියලා. ඔය රූපේ ලස්සනට තියාගන්න දසුන් මොනව ද කරන්නේ?
මුකුත් කරන්නේ නැහැ. හිනාවෙලා ඉන්නවා. කිසිම ක්‍රීම් එකක්වත් ගාන්නේ නැහැ. මට මිනිස්සු ආදරේ කරන්නේ ඇක්ටින්වලට. ඒකට ලස්සනත් ඕනේ. ඒත් මම ලස්සන වෙන්න කියලා විශේෂයෙන් දෙයක් කරන්නේ නැහැ.

දසුන්ගේ ඉදිරි වැඩ කටයුතු ගැන මොනවා ද?
තව චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. සිංහරාජ කියන නවක සිනමාකරුගේ අධ්‍යක්ෂණයෙන් හැදෙන චිත්‍රපටියක්. මේ දවස්වල ඒකේ කටයුතු සාකච්ඡා කෙරෙමින් පවතිනවා. තව නිර්මාණ කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.
 
 නිර්මානි බණ්ඩාරනායක


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top