Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
27
"මේ අවුරුද්දේ විවාහ වෙනවා කියන අදහස තිබුණා. ඒත් මේ විවාහය සැලසුම් කළේ මාස 3 ක් ඇතුළත" පුබුදු - මාෂි කැදැල්ලේ නවතම තොරතුරු මෙන්න - Photos

- "මේ අවුරුද්දේ විවාහ වෙනවා කියන අදහස තිබුණා. ඒත් මේ විවාහය සැලසුම් කළේ මාස 3 ක් ඇතුළත" පුබුදු - මාෂි කැදැල්ලේ නවතම තොරතුරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"මුල අමතක නොකිරීම කියන දේ ගැන මම ගොඩක් විශ්වාස කරනවා" - පුබුදු
"මට හෝල් එකට ඇතුළු වෙද්දීම ඇඬුණා" - මාෂි
"මාස 3 ක් අපේ දවස වෙනුවෙන් ලොකු මහන්සියක් වුණා. දැන් ඉතින් විවේකය ඕන"

පුබුදු චතුරංග කියන්නේ සිනමාව තුල ඉන්න නවපරපුරේ දක්ෂ, ජනප්‍රිය නළුවෙක්. ඒ විතරක් නෙමෙයි ආදරණිය දැන් ආදරණීය සැමියෙක්.

ඔහු රුවැත්තියක් වන මාෂි සිරිවර්ධන සමග පසුගියදා යුද දිවියට පිවිසියා.

පුබුදුගේත් මාෂිගේත් ආදර ලෝකයේ ලස්සනම දවස අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එකම කැදැල්ලකට එක්වූ හැටි පුබුදු සති අන්ත පුවත්පතකය පවසා සිටියේ මෙවැන්නක්.


දෙන්නගේ අලුත් ජීවිතේ කොහොමද ?

පුබුදු- ජීවිතේ මල් මාෂි ඉන්න කල්.

මාෂි - අලුත් ජීවිතේ සුන්දරයි, ලස්සනයි.

පුබුදු විවාහය ගොඩක් කල් ඉඳන් සැලසුම් කළාද ?
මේ අවුරුද්දේ විවාහ වෙනවා කියන අදහස තිබුණා. ඒත් මේ විවාහය සැලසුම් කළේ මාස 3 ක් ඇතුළත. මාෂිට ඕන වුණා Cinnamon Grand Hotel එකේ විවාහ උත්සවය ගන්න. ඒ නිසා අපි කලින් අපේ දවස වෙන් කර ගත්තා.

මාෂි ඒ තැනම තෝරා ගන්න හේතුවක් තිබුණද?
ඇත්තටම ඇය මෙතෙක් කාල තියෙන රසම කෑම කාලා තියෙන්නේ Cinnamon Grand Hotel එකේ . ඒක පළවෙනියෙන්ම සඳහන් කරන්න ඕන. මුළු ලංකාවේම තියෙන හොටෙල් වලින් රසම කෑම තියෙන්නේ එතැන. මම හිතන්නේ ඒක චෙෆ්ලගේ තියෙන දක්ෂතාව. විශේෂයෙන් කියන්න ඕන ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් ඉහළයි. චෙෆ් බණ්ඩාර කියන්න බැරිතරම් ලොකු සහයෝගයක් දුන්නා අපිට.

ඔබ දෙදෙනාම විවාහ දවසේ වෙනස්ම තේමාවක් තෝරා ගෙන තිබුණා.
ඔව්. සිනමාව කියන දේ අපි තේමාව විදියට තෝරා ගත්තා.

විවාහ උත්සවය සැලසුම් කළේ කවුද?
ඇත්තටම මුලින් පටන් ගන්න කොටම කාටද මේ අපේ අදහස කියන්න ඕන කියලා කල්පනා කළේ. එතකොට තමයි චන්දිමාල්ව මතක් වුණේ. චන්දිමාල් කියන්නේ මාගේ පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෙක් . ඒ කාලේ අපි දෙන්නා එකට ක්ෂේත්‍රයට පිවිසුණේ. ඉතින් එදා හිටපු චන්දිමාල් තමා අදත් ඉන්නේ. ඔහුගේ මනුස්සකම මම හැමදාමත් දැක්කා. මොකද මට හැම තිස්සෙම ඕන වුණේ අපේ දවසේදී මනුස්සකම් තියෙන සුන්දර මිනිස්සු එකතු කරගෙන අපේ දවස ලස්සන කරන්න. සල්ලි වලට විකිණුනු බිස්නස් කාරයෝ මට වුවමනා වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම බැලුවේ ක්ෂේත්‍රයේ ආදරණිය මිනිසුන් කවුද ඉන්නේ කියලා. නැත්නම් වෙඩින් කියන්නේ මාෆියාවක්. ඉතින් ඒ ඇතුළේ මිනිස්සුන් අතර හොඳ මිනිසුන් මට හඳුනාගන්න ලැබුණා. ඒ අතරින් පළමුවැනි එක්කෙනා තමා චන්දිමාල්. මම හැම තිස්සෙම කිව්වේ මට හොඳ මිනිස්සු දෙන්න කියන දේ. කොහොමහරි හොඳ මිනිසුන් එක්ක විවාහ උත්සවය සැලසුම් කළා. වෙඩින් ප්ලෑනර් විදිහට කටයුතු කළේ ලසන්ත පීරිස්.

ඒ අනුව මාගේ ඇඳුම් සම්පුර්ණයෙන් සකස් කලේ රහල් ෆර්නැන්ඩු. හැමදාම උත්සව අවස්ථා වලදී මාගේ ඇඳුම් සකස් කරන්නේ ඔහු. මම ඔහුව දකින්නේ ඔහු තමා දක්ෂතම ඇඳුම් නිර්මාණ ශිල්පියා විදියට. ඔහු මට කරන ඇඳුම් නිර්මාණයන් තුළින් ඔහු මාගේ චරිතය ඒ ආකාරයටම ඉදිරිපත් කරනවා. එක නිසා මගේ ඇඳුම අනිවාර්යෙන්ම රහල් ෆර්නැන්ඩුට දෙන්න ඕන කියලා තීරණය කළා.

ඊට පස්සේ ඉතාමත් සුන්දර මිනිසුන් කිහිප දෙනෙක් හිටියා. ඒ අතරින් විශේෂයෙන් මතක් කරන්න ඕන මශේෂ් බදුරලිය කියන පුද්ගලයා. ඔහු තමා චමත්කාර ෆ්ලෝරා ආයතනයේ හිමිකරු. මම හිතන්නේ ඔහු මැජික් එකක් කළා අපේ වෙඩින් හෝල් එක. ඔහුට මම කිව්වේ තේමාව විතරයි. ඔහුට මම මගේ අදහස් කිව්වා. මාෂි ගේ අදහස් මාෂි කිව්වා. අවසානයේදී හරි අපුරුවට ශාලාව සරසලා තිබුණා. හරියට තනිකර ඔස්කා සැණකෙළියක් වගේ පුදුමාකාර ලස්සනක් ශාලාවේ තිබුණා. ඉතින් ඒ වගේ මැජික් කරන්න පුළුවන් සැබෑ දක්ෂයෙකුට විතරයි. මේ වගේ සුන්දර මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්නවා කියලා හිතෙනකොට පුදුම හිතුණා. ඒ වගේ මනුස්සකම් දන්න අලුත් මිනිසුන් මට හම්බ වුණා. ඊළඟට මතක් කරන්න ඕන චරිත්ව. චරිත් කියන්නේ මාෂි ගේ ඇඳුම නිර්මාණය කළ කෙනා. ඔහු තමා අංක එකේ සාරි නිර්මාණ ශිල්පියා. ඔහු අති විශිෂ්ට නිර්මාණයක් මාෂිට නිර්මාණය කර තිබුණා. චරිත්ට අමතරව චෙෆ් මාටිනස් මතක් කරන්න ඕන. අපේ දවසේ අපුරු කේක් එකක් ඔහු හදලා තිබුණා. ඒ හැම දෙයකම අලුත් බවක්, නිර්මාණශීලී බවක් තිබුණා. අපිට අවශ්‍ය වුණෙත් ඒ ඒ දේමයි.

වෙනස්ම ආකාරයේ Pre-shoot එකක් දකින්න ලැබුණා? කොහොමද ඒක නිර්මාණය වුණේ?
ධනුෂ්ක සේනාධීර මතක් කරන්න ඕන. ඔහු තමා අපේ ජායාරුප ශිල්පියා විදියට වැඩ කළේ. මට තේමාව ලබා දුන්නේ චන්න විජේවර්ධයන්. මම ධනුෂ්කට අපේ තේමාව කිව්වා. ඉතින් ධනුෂ්කට තේමාව කිව්වට පස්සේ ඉතාමත් අපූරු pre- shoot එකක් අපිට කළා.

පුබුදු විවාහයේ බොහෝ දේවල් පොඩි කාලේ ළඟම හිටපු මිතුරන්ට දීලා තියෙන්නේ?
ඔව් ඔව්.මම කලා ජීවිතය ආරම්භ කරපු දවසේ ඉඳන් මං ළඟ හිටපු අයට තමා දුන්නේ. ඊට හේතුව ඔවුන් මට ගොඩක් විශවාසවන්තයි. මුල අමතක නොකිරීම කියන දේ ගැන මම ගොඩක් විශ්වාස කරනවා. මම දන්නවා ඔවුන් මට තියෙන ආදරේ වෙනුවෙන් මට හොඳම දේ දෙනවා කියලා. ඉතින් ඒක නිසා තමා එහෙම වුණේ.

පුබුදුගේ මාෂි ගේ විවාහයේ අපුරු නර්තනයන් ඇතුළත් වීඩියෝ සියල්ලම ලංකාවේ ජනප්‍රියම වීඩියෝ බවට පත් වෙලා ?
ඔව්. දන්නවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. වෙනස්ම අත්දැකීමක් නේ ඉතින්. සාරංග, ශලනි, රොෂාන්, දිනක්ෂි, සචිනි, අසේකා, සංගීතා අක්කා, යශෝධා, චන්න පෙරේරා, සහ ජීවන් කුමාරතුංග ඇතුළු කට්ටිය ඉදිරිපත් කරපු නර්තනය Trending නො 1. හැම වෙලාවකදීම අපිට ඕන වුණේ අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න. ඉතින් මම හිතන් හිටියේ වෙනස් දෙයක් කරන්න. හැබැයි චන්න විජේවර්ධනයන් මට කිව්වා ඔයාට ඕවා හරියන්නේ නැහැ. ඔයා තමා සිනමාවේ ඊළඟ ගැලවුම්කරුවා. සිනමාවත් එක්කයි ඔයා යන්න ඕන කියලා. ඊට පස්සේ මාෂිත් කිව්වා සිනමාව ගැන කරමු කියලා. අපි දිගටම සිනමාව කියන තේමාව රඳවාගෙන යන්න කටයුතු කළා. ඒ අනුව මම රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයන් හි ඇතුළත් ගීත යටතේ අපේ කලාකරුවන් අපුරු නර්තනයක් ඉදිරිපත් කළා.
 
මාෂි සිරිවර්ධන

මාෂි බලාපොරොත්තු වුණු විදියට හැම දෙයක්ම සිදුවුණාද?
ඔව් අනිවාර්යෙන්ම. පළමුවැනි දේ මම මනාලියක් විදියට මීට පෙර නිරූපණයකටවත් හැඩගැන්විලා තිබුණේ නැහැ. මට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා මනාලියක් විදියට හැඩ වෙන්න. නමුත් මම කිසිම මොහොතක ඒ ආරාධනා භාර ගත්තේ නැහැ. මොකද මටම ආස හිතුණා මාගේ වෙඩින් එක දවසේ මම එදාට මොනවගේද ඉන්නේ කියලා පොඩි surprise එකක් මටම තියා ගන්න. ඒක එක සිහිනියක්. අනිත් එක කැන්ඩියන් අඳින්න ආසාවක් තිබුණා. හැබැයි මොඩන් විදියට. මාව එදා හැඩ කලේ චන්දිමාල් අයියා. මේකප් එක ගැන කතා කරනවා නම් එදා ඉඳන්ම මට ඕන වුණේ චාම්ම චාම් මේකප් එකක්. එදා දවසේ මට හැමෝම කිව්වේ මාගේ තියෙන ඒ සුන්දරත්වය ඒ විදියටම තිබුණා කියන එක. ඒ මේකප් එක හරිම ලස්සනයි. නැචුරල් විදියට මම ආස කළ විදියට තිබුණා.

එදා දවසේ මාෂි සතුට වැඩිකමට ඇඬුවා කියන කතාව ඇත්තද?
අයියද කිව්වේ. මම හෝල් එකට එනකොට මම ගොඩක් පුදුම වුණා. නැකතට හෝල් එකට ආපු වේලාවේ ඉඳන් පෝරුවට යනතුරුම මට හිතා ගන්න බැරිව හිටියේ. සාමානයෙන් මනාලියක් අඬන්නේ පිටත් වෙන මොහොතේදී නේ. නමුත් හෝල් එකට ඇතුළු වෙන මොහොතේ දීම මට ඇඬුණා.ඒ කියන්නේ එච්චරට ලස්සනයි හැම දෙයක්ම. මම හෝල් එකට ඇතුළු වෙද්දී මාව පිළිගත්තේ චන්න සර් ගේ නර්තන කණ්ඩායම. හරිම චාම්, ලස්සන නර්තයකින් මාව පිළිගත්තා. මම ගොඩක් ආස කළේ ඒ වගේ දේවල් වලට. අයියව පිළිගත්තෙත් පහතරට තෙල්මේ කියන නර්තනයකින්. චන්න සර් ගේ නර්තන කණ්ඩායම හරිම ලස්සන විදියට ඒක ඉදිරිපත් කළා. චන්න සර් ට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕන. මම හිතනවා මම හිතුවටත් වැඩිය හොඳට හැම දෙයක්ම තිබුණා කියලා.

ලොකු පිරිසක් ඔය දෙන්නගේ දවස වෙනුවෙන් මහන්සි වුණා.
ඔව්. නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් අපිට ලොකු සහයෝගයක් දුන්නා. මේ වෙලාවේ ඒ හැම කෙනකුටම ගොඩක් ස්තුතියි කියන්න ඕන. විශේෂයෙන් මගේ පවුලේ සියලු දෙනාට, අයියගේ පවුලේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ දවස ලස්සන කරන්න එකතු වුණු සියලු දෙනාටම අපි දෙන්න මුළු හදවතින්ම ස්තුති කියලා කියනවා. ඒ අය නිසා අපේ දවස අපි හිතුවටත් වඩා හොඳට ලස්සන කරන්න ලැබුණා.

ඉදිරියේ ඔය දෙන්නගේ ජීවිතේ සැලසුම් මොන වගේද?
මාස 3 ක් අපේ දවස වෙනුවෙන් ලොකු මහන්සියක් වුණා. දැන් ඉතින් විවේකය ඕන. අයියගේ නවත්වපු වැඩ ගොඩක් තියෙනවා. ඒවා හෙමින් පටන් ගන්න තියෙනවා.

විවාහයෙන් පස්සේ ලංකාවෙන් යනවාලු නේද?
ඔව්. අද අපි ලංකාවෙන් පිටත් වෙනවා. ආයේ එන්නේ සතියකින්. අපි සිංගපුරු ගියා අපේ pre-shoot එකට. ඉතින් අපි ඒ රටේදී උපරිම සතුට අත්වින්දා. ඊට පස්සේ අපි බැලුවා වෙඩින් එකෙන් පස්සේ කොහෙද යන්නේ කියලා. අයියත් කිව්වා අපි ටිකක් නිදහසේ ඉන්න පුළුවන් තැනකට යමු කියලා. ඒ නිසා අපි බැංකොක් යන්න හිතුවා.

මාෂි ගේ අධ්‍යාපන කටයුතු විවාහයෙන් පස්සේ ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඔව්. තව එක අවුරුද්දයි තියෙන්නේ. අයියගෙන් නම් ලොකු සහයෝගයක් ලැබෙනවා. අධ්‍යාපන කටයුතු ටික ඒ විදියටම කරගෙන යනවා. ඒක මම අනිවාර්යෙන් කර ගන්න ඕන.

විවාහයෙන් පස්සේ මාෂියි පුබුදුයි වෙනම නිවසක පදිංචියට යනවලු නේද?
ඔව්. අපේ ගෙදර ළඟ ගෙදරක් තමා ගත්තේ.

පුබුදු නිසා මාෂි ටෙලි නාට්‍ය හෝ සිනමාව තුළ අනාගතයේදී දකින්න ලැබේවිද?
ටෙලි නාට්‍ය සඳහා නම් දායක වෙන්නේම නැහැ. සිනමා නිර්මාණයක් තුළින් දකින්න පුළුවන් වේවි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top