Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
26
"තාත්තේ... මාවත් එක්‌ක යන්න.." - සිරදඬුවම් විඳින තාත්තා එක්ක බන්ධනාගාර බස් රථයට ගොඩවුණු දියණිය පසුපස ඇති ඇත්ත කතාව - Video

- "තාත්තේ... මාවත් එක්‌ක යන්න.." - සිරදඬුවම් විඳින තාත්තා එක්ක බන්ධනාගාර බස් රථයට ගොඩවුණු දියණිය පසුපස ඇති ඇත්ත කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"බිරිඳගේ දේහය අසල ගොස් අවසන් වරට ඇගේ හිස සිප ගත්තා.."

"හිරේ ගියේ මගේ වරදකින් නෙමෙයි .."

දරුවන්ට මාපිය සෙනෙහස තරම් වටිනා අන් යමක්‌ නැත. ජාති ආගම් කුල මල බේදයකින් තොරව ලොව කොතැන ගත්තත් එය සනාතන සත්‍යයක්‌ය. මවුපියන්ද එසේමය. දරුවන්ට සමකළ හැකි අන් යමක්‌ දෙමාපියන් සතුව ද නැත. මාපිය දූ දරු සෙනෙහස පිළිබඳ රටම සංවේදී කළ සිදුවීමක්‌ ඉකුත් දිනක මෙරට සිදුවිය. කලක්‌ තිස්‌සේ මරබිය මුසු යුද වාතාවරණයක්‌ පැවැති කිලිනොච්චිය ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 18 දාය. එය වසර 30 ක්‌ පුරා මෙරට පැවැති අනර්ථකාරී යුද්ධයක අතුරු ප්‍රතිඵලයක්‌ යෑයි හැඳින්වීම කිසිවකුගේ උදහසට ලක්‌විය යුතු නැත.


කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේ ජීවත්වූ ආනන්ද සුදාකර් යනු හිටපු කොටි සාමාජිකයෙක්‌ය. කලක්‌ එල්. ටී. ටී. ඊ. සංවිධානය හා එක්‌ව මනොරාජික ඊළාම් රාජ්‍යය තැනීම පිණිස අවි අතට ගත් පුද්ගලයෙක්‌ය. ඒ වනවිටද දරුවන් දෙදෙනකුගේ පියකු වන සුදාකරන් සතු ලොකුම සිහිනයව පැවැතියේ තම දරු පැටවුන් දෙදෙනාගේ අනාගතය පිණිස යමක්‌ හරිහම්බ කර තැබීම නොව ඒ වෙනුවට ඊළාම් රාජ්‍යයක්‌ නිර්මාණය කිරීමේ පංගුකරුවෙක්‌ බවට පත්වෙමින් ඒ සඳහා දිවි හිමියෙන් කටයුතු කිරීමය.
 
දිනක්‌ කොටි සංවිධානය විසින් සුදාකර් ඇතුළු තවත් පිරිසක්‌ වෙත බැරෑරුම් වගකීමක්‌ පවරන්නේය. ඔවුන් වෙත පවරන ලද වගකීම වී ඇත්තේ කොළඹ නගරයේ එක්‌තරා ස්‌ථානයක්‌ ඉලක්‌ක කර අධිබලැති බෝම්බයක්‌ පුපුරුවා හැර මහා විනාශයක්‌ සිදුකිරීමය.
 
එම කාලවකවානුව යුද්ධයේ තීරණාත්මක අවධියක්‌ විය. දිනය 2008 වර්ෂයේ එක්‌තරා දවසක්‌ය. කොටි සංවිධානයේ නියෝගය අකුරට ඉටුකරන සුදාකරන් ඇතුළු පිරිස තම සැලසුම ක්‍රියාත්මක කරන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිස්‌ ජීවිත රැසක්‌ හා විශාල දේපළ හානියක්‌ සිදු කරමින් කොළඹදී බෝම්බයක්‌ පුපුරුවා හැර තම සාහසික අරමුණ මුදුන්පත් කර ගත්තේය.
මෙරට තුළ ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යනු ලොව දරුණුතම ගරිල්ලා සංවිධානය වන කොටි සංවිධානය බිමට සමතලාකොට රටට උස්‌ නිදහස හිමිකර දුන් විරෝදාර හමුදාවක්‌ය. අවසානයේදී සුදාකරන් ඇතුළු තවත් පිරිසක්‌ විසින් සිදුකළ ම්ලේච්ඡ ක්‍රියාවේ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු භාර වන්නේ ඉහත සඳහන් කළ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියේ අති දක්‌ෂ නිලධාරීන් පිරිසක්‌ වෙතය. පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ කටයුතු සිදුකරන එම නිලධාරීන් පිරිස අදාළ බෝම්බ පිපිරවීම සම්බන්ධව කොටි සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගන්නා අතර එම පුද්ගලයින් අතරින් එක්‌ අයකු වූවේ මෙම කථාවේ නම සඳහන් ආනන්ද සුදාකර්ය.
 
දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු ආනන්ද සුදාකර් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ ඉන් අනතුරුවය. අවසානයේදී ඔවුන් කළ අපරාධය වෙනුවෙන් නීතියෙන් දඬුවම් හිමිවන අතර ඒ අනුව සුදාකරන්ට හිමිවන දඬුවම බවට පත්වන්නේ ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමකට යටත් වීමය. දෙමාපියන් විසින් කරනු ලබන ඇතැම් වැරදි ක්‍රියාවන් හේතුවෙන් පීඩාවට පත්වන්නේ ඔවුන්ගේම දුවා දරුවන්ය. සුදාකරන්ගේ පවුලේ සාමාජිකයන්ටද ඉන් අනතුරුව මුහුණ දීමට සිදුවන්නේ එවැනි තත්ත්වයකටය.
 
සුදාකරන්ගේ බිරිඳ වන යෝගරානිට ජීවිතය යනු මහගිරිදඹක්‌ බඳු යෑයි හැඟී යන්නේ සිය තම සැමියා බන්ධනාගාරගතවීමත් සමඟය. දරුවන් දෙදෙනා සමඟ ඇයට එතැන් සිට ජීවිතයට මුහුණ දීමට සිදුවන්නේ තනිවමය. යුද්ධයෙන් දිනන ලද කිසිවක්‌ ලොව නැති බව කල්යත්ම තේරුම් ගන්නා ආනන්ද සුදාකර් හිරගෙදර යකඩ කූරු ගනිමින් සිටින අතර යෝගරානිට සිදුවන්නේ ජීවත්වීම පිණිස නොවිඳිනා දුක්‌ විඳීමටය. දරුවන් දෙදෙනකු උස්‌මහත් කිරීම යනු පහසු කටයුත්තක්‌ නොවන බැවින් ඇයට ඒ සඳහා මහත් වෙහෙසක්‌ දරන්නට සිදු විය.
 
ඉකුත් දිනක යෝගරානිගේ ශරීරයේ කලක පටන් පැවැති රෝගී තත්ත්වයක්‌ නැවතත් මතුවිය. ඒ සඳහා ප්‍රතිකාර ගැනීම පිණිස ඇය රෝහල්ගතවන අතර ඇගේ රෝග තත්ත්වය දිනෙන් දිනම උත්සන්න විය. එය ඇගේ දරුවන් දෙදෙනාට කිසිසේත් දරාගත හැකිවූ සිදුවීමක්‌ නොවීය. තම පියා ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් විඳීමත් තමන්ගේ දුක සැප බැලීමට සිටි අම්මා දැඩිව ගිලන්වීමත් විසින් දරුවන් දෙදෙනා තුළ ඇතිකරන ලද්දේ කිසිසේත් දරාගත නොහැකි වේදනාකාරී හැඟීමකි.
 
සිය මෑණියන් රෝහල්ගත කොට දින කීපයක්‌ ගතව පසු යෝගරානිගේ දරුවන් දෙදෙනාට අසන්නට ලැබෙන්නේ ඔවුන් කිසිසේත් අපේක්‌ෂා නොකළ පුවතකි. ඉකුත් 16 දා ඔවුන්ට අසන්නට ලැබුණ එම පුවතින් කියවී ඇත්තේ මවු සෙනෙහස පමණක්‌ ඉතිරිකොට සිය මෑණියන් සදහටම දෙනෙත් පියාගත් බවකි.
 
යෝගරානිගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණේ ඉකුත් 18 වැනිදාය. සිය බිරිඳ මියගොස්‌ ඇති බැවින් ඇයට අවසන් ගෞරව දැක්‌වීමට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් විඳින යෝගරානිගේ සැමියා වන ආනන්ද සුදාකර් විසින් කරන ලද ඉල්ලීමට බන්ධනාගාරයෙන් අවසර හිමි විය. ඒ අනුව දැඩි ආරක්‍ෂක රැකවල් මැද බන්ධනාගාර නිලධාරීන් පිරිසක්‌ විසින් ආනන්ද සුදාකර් ව කිලිනොච්චියට රැගෙන යන්නේය.
 
සුදු පැහැති ඇඳුමකින් සැරසී ආනන්ද සුදාකර් තම නිවස වෙත පැමිණෙනවිටත් සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා සියල්ල සූදානම්ව පැවතුණි. බිරිඳගේ නිසල දෙණ අසල හිස නවන ආනන්ද සුදාකර් ඇයට අවසන් ගෞරව දක්‌වන ලදී. ප්‍රියයන්ගෙන් වෙන්වීම යනු කෙතරම් ගැඹුරු රිදුමක්‌ දැයි ආනන්ද සුදාකර්ට හැඟී යන්නේ සිය බිරිඳගේ අකල් වියෝවත් සමඟිනි. කොළඹ බෝම්බයක්‌ පුපුරුවා හරිමින් මහා විනාශයක්‌ සිදු කළ ආනන්ද සුදාකර් සිය බිරිඳ අසල නොදරුවකු ලෙස වැළපෙන්නට වූ අතර ඔහු බිරිඳගේ දෙණ අසලීන් ඉවත්ව ගොස්‌ ඇත්තේ එලෙස මඳ වේලාවක්‌ ගත කිරීමෙන් අනතුරුවය. ඉන්පසුව සිය දරුවන් දෙදෙනා අසලට ළංවන ආනන්ද සුදාකර් හට ඔවුන් අසල ද මඳ වේලාවක්‌ ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් විටින් අවසර ලබාදී ඇත.
 
ඒ මොහොත දරුවන් දෙදෙනාගේ සිත් මහත් වේදනාවකට ලක්‌වූ අවස්‌ථාවක්‌ විය. තව නොබෝ වේලාවකින් තම මෑණියන් සදාකාලිකව පස්‌ යට මිහිදන්ව යැමට නියමිතය. එම හිස්‌ බව තරමක්‌ දුරට හෝ මකා දැමීම පිණිස තාත්තා ද තමන් සමීපයේ නොවනු ඇත. තවත් සුළු මොහොතකින් බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මැද තාත්තා නැවත නිවසින් පිටවී යැමට නියමිතය. එතැන් සිට තමාත් අයියාත් මෙලොව තනිවෙනු ඇත. ඒ ආකාරයට යෝගරානිගේ දියණියගේ සිතට නොයෙක්‌ ආකාරයේ සිතුවිලි ගොඩවදින්නට විය.
 
කාලය කෙමෙන් ගත වෙමින් පැවතිණ. උදාවෙමින් පැවැතියේ ආනන්ද සුදාකර් හට නැවතත් බන්ධනාගාරය බලා නික්‌ම යැමේ වේදනාකාරී මොහොතය. අවසන් වරටත් බිරිඳගේ නිසල දෙණ අසලට යන ඔහු අවසන් වරටද ඇගේ හිස සිප ගනිමින් දෙන අසලින් ඉවත් විය. රැස්‌ව සිටි සියල්ලන්ගේ සිත් මොහොතකට ගල් ගැසුණාක්‌ බඳුය. ඔහු නැවතත් තම දරුවන් සමීපයට පැමිණ තම දරුවන් දෙදෙනාගෙන් ද සමුගත්තේය. උදාවෙමින් පැවැතියේ නැවතත් ආනන්ද සුදාකර් බන්ධනාගාර බස්‌ රථයට ගොඩවීමේ අවස්‌ථාවය.
 
තාත්තා නැවත බන්ධනාගාර බස්‌ රථයට ගොඩවන අයුරු දකිනා දියණියට එය කිසිසේත් දරා ගත හැකි දසුනක්‌ නොවී ඇත. තමන්ට අම්මාද අහිමිව ගොස්‌ අවසන්ය. තනි නොතනියට අයියා පමණය. ඉන් සෑහීමකට පත් විය නොහැක. අවසානයේදී 10 හැවිරිදි දියණිය සිය අවසන් තීරණය ගන්නේ තාත්තාව රැගෙන යන බන්ධනාගාර බස්‌ රථයට ගොඩවීමටය.
 
බස්‌ රථය පිටත්ව යැමට සූදානම්ය. සියල්ලන්ගෙන් මිදෙන ඇය බස්‌ රථය වෙත දිව යන්නට වූවාය. යෝගරානිගේ මරණයෙන් කම්පිතව නිවසෙහි රැස්‌ව සිටි පිරිස වේදනාවෙන් හා බිය මුසු හැඟීමෙන් ඒ දෙස බලා සිටින්නට වූහ. එය සියල්ලන්ගේම සිත් තදින් කම්පා කළ සිදුවීමක්‌ විය. පිය සෙනෙහස ඉල්ලමින් කෑගසන අහිංසක දියණියක්‌.,... නීතිය හමුවේ වරදකරුවකු බවට පත්ව දඬුවම් විඳින තාත්තා කෙනෙක්‌ එකිනෙකාගෙන් වෙන්වී ගත නොහී වැළපෙන දසුනක්‌.....
 
එය යෝගරානිගේ මරණයේ වේදනාව පවා යටපත් කරමින් සියල්ලන්ගේ සිත් සසල කළ සිදුවීමක්‌ වූ අතර බන්ධනාගාර නිලධාරීන් පවා සංවේදී වූ අවස්‌ථාවක්‌ වූවේ දුක, වේදනාව ආදියට ජාති, ආගම්, කුලමල භේද නොමැති බව සනාථ කරමින්ය. අවසානයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් මහත් වෙහෙසක්‌ ගෙන ආනන්ද සුදාකර්ගේ දියණියව ඇගේ ඥතීන්ට භාර දී ඇත.
 
සියල්ල නිමාවට පත්වන්නේ ඒ ආකාරයෙන්ය. මේ වනවිට මවුපිය සෙනෙහස අහිමි දරුවන් දෙදෙනකු මෙලොව තනිවී ඇත. ඔවුන්ගේ තනි නොතනිය පිණිස ඉතිරිව ඇත්තේ ආච්චි අම්මා පමණය. වසර 30 ක්‌ පුරා පැවැති අනර්ථකාරී යුද්ධය විසින් රටට අහිමි කළ බොහෝ දේ වන අතර ඉහත සඳහන් කරන ලද්දේ ඉන් එක්‌ ඛේදවාචකයක්‌ පමණය.

රුවන් ජයවර්ධන




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top