Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
11
පොල්අතු පැලකට එළියක් උන ගමේ තරුණයින්

- පොල්අතු පැලකට එළියක් උන ගමේ තරුණයින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

133 Views

"වහිනකොට මුළු ගේම තෙමන නිසා පායනකන් එහා ගෙදරට වෙලා ඉන්නවා"
"දවස් තුනකින් නොකාපු දවසුත් තිබුනා"
"මම පහල පන්සලට ගිහින් දානෙ මුකුත් ඉල්ලන්
එනවා."

අද කාලේ තරුණයෝ ගැන, තාරුණ්‍යය ගැන අපට නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ යහපත් දේවල් වලට වඩා අයහපත් දේ ගැනය. ඒත් ඒ අතර තවමත් ගුණ යහපත්කම් වලින් පිරිපුන් තරුණයින්ද ඉතිරිව සිටිනවා. මේ එවැනි තරුණයින් පිරිසක් සිදුකල ඉතා වටිනා පුණ්‍යකර්මයක් පිළිබද අපූරු කතාවක්.
උණවටුන, පීල්ලගොඩ පන්සලට උඩින් පොල්අතු වලින් හදපු පුංචි ගෙදරක වයසක සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ජීවත් වෙනවා. ඒ සීයාගෙ වයස අවුරුදු 74 ක්. ආච්චිට අවුරුදු 68 ක් විතර. මේ දෙන්නටම දරුවො නැහැ. ඒත් ඒ දෙන්නට සලකන්න පුළුවන් නෑදෑයෝ හිටියත් ඒ කවුරුවත් එයාලා ගැන හොයලා බැලුවෙ නැහැ. හරිහමන් ආදායමකුත් නැති නිසා එයාලා ගොඩක් වෙලාවට ඉන්නෙ බඩගින්නෙ. සීයා පුලුපුලුවන් වෙලාවට පහල පන්සලට ගිහින් දානෙට ලැබුන යමක් අරගෙන එනවා දෙන්නටම කන්න. වැස්ස වෙලාවට මේ පැලේ වහලේ පොල්අතු අතරින් වතුර ඇවිත් ගේ හොදටම තෙමෙනවා. ඒ වෙලාවට දෙන්නත් එක්ක අමාරුවෙන් ළඟ තියෙන ගෙදරකට ගිහින් වැස්ස පායනකන් ඉන්නවා.











මේ මහළු වැඩිහිටියෝ දෙන්නා ගැන එහා ගමේ ඉන්න තරුණයෝ පිරිසකට කාන්තාවක් මාර්ගයෙන් ආරංචි වෙන්නෙ හරිම අහම්බෙන්. එදාම ඒ තරුණයින් පිරිස දවල්ට කන්න කෑමත් අරගෙන ඒ ආච්චිවයි සීයාවයි බලන්න ගියා. ඒ යන වෙලාවෙත් දවස් තුනකින් ඒ දෙන්නා හරියට මුකුත් කාලා තිබුනෙ නැහැ. ආච්චියි සීයායි ගෙවන මේ දුක්බර ජීවිතේට පිහිටක් වෙන්න හිතාගත්ත තරුණයෝ ටික ඒ අයට පුළුවන් විදිහට අලුතින් ගෙයක් හදලා දෙන්න තීරණය කලා. ඒ ගැන කතා බහ කරගෙන. ගේ හදන්න අවශ්‍ය කරන ලී කොට ලෑලි එකතු කරගෙන ඇවිත් මුලින්ම ගෙපල කපන්න පටන් ගත්තා. ඒත් ඒක හිතපු තරම් ලේසි වැඩක් නොවුනෙ ඒ බිම විශාල ගල් සහිත බිමක් වීම නිසයි. ඒ නිසා ගෙපල කපන්නම දවස් දෙකක් එයාලට ගතවුනා. 












එයාලාගෙ මේ වැඬේ ගැන ආරංචි උන ගමේ අය එකින් එක්කෙනා ගේ හදන තැනට එකතුවෙන්න පටන්ගත්තා. යුද්ධයේදී මියගිය තමන්ගේ පුතාව සිහිඋන එක අම්මා කෙනෙක් ගේ හදන්න ඕනකරන බඩු ගන්න රුපියල් අටදාහක් දුන්නා. මේ ලැබෙන හයිය තරුණයින් පිරිස තවත් දිරිමත් කලා. එයාලා එකාවගේ වැඩකරලා ගෙදර වැඩ පුළුවන් ඉක්මනින් ඉවරකලේ තමන්ගෙම වැඩක් වගේ හිතට හයිය අරගෙන.

වැඬේ ඉවර කරලා හාමුදුරුවො නමක් වඩම්මලා පුංචියට පිරිතක් කියනකොට හැමෝගෙම හිතේ තිබුනෙ කියලා නිමකරන්න බැරි අහිංසක සතුටක්. අළුත හදපු ගෙදරට ඉස්සඉස්සෙල්ලම ගොඩවෙලා කිරි ටිකක් උතුරන කොට ඒ ආච්චිගෙයි සීයායි දිහා හැමෝම බලාගෙන හිටියා. හිතාගන්නවත් බැරි මොහොතක පිහිටට ආපු මේ තරුණයෝ කරපු මේ පුදුමාකාර වැඬේ ගැන එයාලා හිටියේ හරිම සතුටින්. පොල්අතු පැලේ තිබුණ කබල් ඇද වෙනුවට පිළිවලට තියෙන ඇද, වැස්සට නොතෙමෙන වහල, ගෙදර කොනක දැල්වෙන බුදු පහන දැකපු එයාලාට ඇත්තටම මේ මොකද උනේ කියලා හිතාගන්න බැරිවුනා. මේ මහළු වැඩිහිටියෝ දෙන්නා තවදුරටත් ගමේ තනිවෙලා නැහැ. එයාලාට ගමේ බොහෝ දෙනා උයාපිහාගෙන කන්න අවශ්‍ය එක එක දේවල් ගෙනත් දුන්නා. වැදගත්ම දේ තමයි අසල නිවසකින් එයාලා ජීවත්ව සිටිනාතුරු පාවිච්චි කරන්න විදුලිය ලබා දුන්නා. දැන් ඒ පුංචි ගේ තවත් ආලෝකමත් වෙලා. ආපු හැමෝටමයි උදව් කරපු හැමෝමයි එක්ක එයාලා ගොඩක් ආසාවෙන් කිරිබත් කෑල්ලක් කෑවෙ ඒ හැමෝටම පින් දෙන ගමන්.

මේ සිදුවීම හිරු ගොසිප් වලට දැනගන්න ලැබුනෙ උණවටුනෙ ඉන්න චානක කසුන් තරුණයාගෙන්. කොහොම උනත් තමන්ගැන විතරක් හිතන අද කාලෙ ඉන්න තරුණයින්ට චානක ඇතුළු මේ පිරිස ලබලා දුන්න ආදර්ශෙනම් හරිම වටින එකක්. මුලින්ම එයාලව බලන්න ගිය දවසෙ ඉදන් ගේ හදලා ඉවර වෙනකන් ජායාරූප එකින් එක බලන කාටත් මේ වගේ උතුම් පිංකමක් කරගන්න හිතට එන්නෙ පුදුමාකාර ශක්තියක්.





























































Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top