"දම් රැජිණ" යන නාමයෙන් ප්‍රසිද්ධ වූ බස් රථයක් පසුගියදා සමාජ ජාලා වෙබ් අඩවිද ඇතුලු පොදු සමාජයේ ඉමහත් කතාබහට ලක් වුණා.
මෙම බස් රථයේ ආකර්ෂණීය පෙනුම සහ ඇතුලත පහසුකම් මේ සඳහා හේතූ වී තිබුණා.
මෙම බස් රථය වලස්මුල්ල - කොළඹ , මාර්ග අංක 3 ධාවනය වනවා.
කෙසේ වෙතත් වෙනත් බස් රථ වල නොතිබු මෙම විශේෂාංග නිසාම "දම් රැජිණ" බස් රථය පසුගිය දිනවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර බස් රථය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ බස් රථයට එක් කර තිබෙන මෙම විශේෂාංග නිසා බස් රථය අනාරක්ෂිත බව පවසමින්.
මේ අනුව කරුණු සළකා බැලූ අධිකරණය විසින් " දම් රැජිණ" බස් රථය මාස දෙකක කාලයක් සදහා තාවකාලිකව නිදහස් කර තිබෙන අතර ඒ බස් රථයේ "ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් දේ" ගලවා අලුත්කඩේ අධිකරණයට වෙත පෙනි සිටින ලෙස නියෝග කිරීමෙන් අනතුරුවයි.