වැල්ලවාය ප්‍රදේශයේ සිට දර පටවාගෙන ඇබෝස්ලි වතුයාය බලා ධාවනය වූ ලොරි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ග්ලාස්‌ගෝ වතුයාය ආසන්නයේදීයි.
වාර්තා වන අන්දමට අනතුරට හේතු වී ඇත්තේ ලොරි රථයේ තිරිංග පද්ධතිය (Brake System) හදිසියේම ක්‍රියා විරහිත වීමයි. තිරිංග අක්‍රිය වීමත් සමඟ රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය රථය, මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ මාරාන්තික ප්‍රපාතයකට ඇදී ගොස් තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයා වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් ලිඳුල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. එහෙත් ඔවුන්ගේ තත්ත්වය අතිශය බරපතළ වීම හේතුවෙන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අද පස්වරු 3.30ට පමණ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.