Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
29
යාපනයේ විද්‍යා දූෂණය කර ඇත්තේ නිල් වීඩියෝවකට... ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න

- යාපනයේ විද්‍යා දූෂණය කර ඇත්තේ නිල් වීඩියෝවකට... ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

වීඩියෝව ජාත්‍යන්තරයට...
මහ මොළකරු ස්විට්සර්ලන්ත ජාතිකයෙක්..
දැරියන් දූෂණය කර වීඩියෝ කර විකුණන ජාවාරමක්.. 

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා, යාපනය මහාධිකරණයේ දී ඊයේ (28) ඇරඹුනු නඩු විභාගයේ දී විශේෂ කරුණු රැසක් අනාවරණ කළා.

ඔහු කියා සිටියේ මෙම අපරාධය සාමාන්‍ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොව මෙය කලකට පෙර සිටම සැලසුම් කර සිදු කළ අපරාධයක් බවයි.

මීට ජාත්‍යන්තර වශයෙන් සැලසුමක් තිබු බවද පැවසු ඔහු ඒ නිසා මේක ජාත්‍යන්තර අපරාධයක් ලෙසත් සැලකිය හැකි බව සඳහන් කළා.


 මේ, වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා අධිකරණයේ දී සදහන් කළ කරුණු.

" මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනි දා උදෑසන 7.30ට පමණ. ලංකා  ඉතිහාසයේ පළමු  වරට යාපනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත්වන්නේ. සැලසුම් සහගතව පැහැරගෙන ගොස්, අපයෝජනය කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙය යාපනය  පමණක් නොවෙයි මුළු රටම කම්පාවට පත් කරන සිද්ධියක් බවට පත්වුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ සිදුකරනු ලැබුවා. ඒ, අනුව මෙම අපරාධය සිදු කළ නව දෙනා හඳුනා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි."

"මීට සම්බන්ධ පිරිස් ආරක්ෂා කර ගැනීමට සමහර පිරිස් උත්සහ දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අරගන්නවා. මෙම අපරාධය සාමාන්‍ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර  සිදු කළ අපරාධයක්. මීට ජාත්‍යන්තර වශයෙන් සැලසුමක් තිබුණා. මෙනිසා මේක ජාත්‍යන්තර අපරාධයක් විදිහටත් කියන්න පුළුවන්. මෙය මෙරට කීර්ති නාමයට බලපෑම් එල්ල කරන්නට හැකි සිද්ධියක්."

"අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් අයගේ සාක්ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හදුනාගන්න පුළුවන් වුණා. සිසුවිය අපයෝජනය කිරීම වීඩියෝ  කර ජාත්‍යන්තර වෙළඳපොළට  විකිණීමට උත්සහා දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයෙකු වුවත් ස්විස්ටර්ලන්තයේ ප්‍රජා අයිතිය හිමි කෙනෙක්. ස්විස්ටර්ලන්තයේ සිට විටින් විට මෙරටට පැමිණ තිබෙනවා. මොහු ස්විස්ටර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනෙකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය සැලසුම් කර තිබෙනවා."

"දකුණු ආසියා  රටවල  දැරියන් හා තරුණියන් ලිංගික අපයෝජනයට කර ඒවා වීඩියෝ කරමින් අධික මිළකට අලෙවි කරනවා. මේ ඝාතනයේ නව වැනි විත්තිකරු මෙකී සිද්ධියෙන් මිදීමට සහාය වන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 20ක මුදලක් පොලිස් ප්‍රධානියකු වෙත ලබා දීමට උත්සහා දරා තිබෙනවා. මෙම ඝාතනයේ 2‍, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය කර තිබෙනවා. 05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය පටිගත කරගෙන තිබෙනවා. අනතුරුව එම වීඩියෝව විදේශිකයෙකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සහාය ව්‍යාර්ථ වුණා. නමුත් මෙකී වීඩියෝව විකුණූ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුනා."

" 2‍, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාලු නිවසකදී දූෂණය කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය කර තියෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේත් තුවාල සිදුවී තිබෙනවා."

"මෙම අපරාධයට නීතිය ඉදිරියේ හැකි උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවෙන ආකාරයේ තීන්දුවක් ලැබේවි යැයි විශ්වාස කරනවා.‘"

විද්‍යා සිසුවියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය සාක්කි දෙමින් මෙලෙස ප්‍රකාශ කළා.

"මාගේ දියණිය විද්‍යා දිනපතා පාසල් යන්නේ ඇගේ යතුරු පැදියෙන්. පෙරුම්බාල් කියන්නෙ මගේ පුතා. ඔහුයි වැඩිපුරම ඇයව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඇයට වැඩක් තියෙනවා නම් දුව ඇයගේ එකට ඉගෙන ගන්න යාළුවො එක්ක පාසල් යනවා. මාගේ සැමියා අංශභාගය රෝගයෙන් පෙලෙනවා. ඔහු ඉන්නෙ ඔත්පලවයි. මෙනිසා පුතා අතරමගදී පාසල් අධ්‍යාපනයත් නතර කර  වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසල් යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්තයි. මාර්ගත් අබලන්. වැසි කාලෙට ඒ මාර්ගය භාවිතා කරන්නත් අමාරුයි."

"මේ සිද්ධිය සිදුවූ දින උදෑසන විද්‍යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30ට.මමයි ඇයව පාරට ඇරලුවේත්. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක් එක්ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවසට එන සුපුරුදු වේලාව පසුවී යාම නිසා ඇය ගැන සොයා බලන්නැයි කියලා මං පුතාව පාසලට යැව්වා. එයා එහි ගිහිං පාසලේ කවුරුත් නැහැ, පාසලත් වහලා කියල දුරකථනයෙන් කියුවා. ඉන් පසු ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අහද්දි ඔවුන් කියා සිටියා විද්‍යා අද පාසල් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මායි පුතායි විද්‍යා ව හොයහොයා ඇවිද්දා. හවස 6.30ට විතර කුරික්කට්ටුවාන් පොලිස් මුරපොල වෙක පැමිණිලි කරන්න ගියාම ඔවුන් පැමිණිල්ල බාර ගන්න බැහැ කියුවා. අපිට කයිට්ස් පොලිසියට ගියා."

"රෑ 8ට විතර කයිඩ්ස් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මේ වයසේ ගෑනු ළමයි කොහේ උනත් යයි. ආයෙ එයි කියලා පොලිසිය කිව්වා. පස්සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙලේලෙක් නෙවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කරගත්තේ. පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්‍රීරෝද රථයක් හයර් කරගෙන. රෑ 10ට විතර ගෙදරට හැරිල එද්දි ත්‍රීවිල් රියදුරු කියුවා මා හැමදාම උදෑසන 7.30ට විද්‍යාව ආලඩි මංසන්දියේදී දකිනවා කියලා. එහෙත් අද (සිද්ධීය වූ දින මැයි 13) මා ඇයව දැක්කේ නැහැ. මෙනිසා ඇය අනිවාර්යෙන්ම අතුරුදහන් වෙන්න ඕන ඇයගේ නිවසත් ආලඩි මංසන්දියත් අතරතුරයි. ඒ පැත්තේ සොයා බලන්න කියල කියුවා. රෑ වීමත් වැසි ඇදහැලීමත් නිසා අපි විද්‍යාව හොයන එක අතහැරල නිවස කරා පැමිණියා. පසුදින උදෑසන 6.30ට පමණ මායි මගේ පුතයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. පාර දෙපැත්තට වී අපි ඇයව සෙව්වා."

"පුතයි ඔහුගේ යාළුවයි අම්මා විද්‍යා කියල මහහයියෙන් කෑ ගසනවා ඇසුනා. ඒ සද්දෙට මාත් ඒ දෙසටම දිවගියා. අම්මා අපේ විද්‍යා කියලා පුතා නැවත නැවතත් කෑ ගසා අඬද්දි මාත් සිහිසුන් වුනා. මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ. මම විද්‍යාගේ මළසිරුර මීටර් 20ක් විතර ඇතින් ඉදලයි දැක්කේ. ළඟට යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. පුතාත් සිහිසුන්ව ඇද වැටුණු නිසා පුතාවත් රෝහල් ගත කළා. අනතුරුව කයිඩ්ස් පොලිසියේ නිලධාරින් උදෑසන 10ට විතර සිද්ධිය වූ තැනට පැමිණියා. දේහය පරීක්ෂණ සදහා රෝහල වෙත ගෙන ගියා."

නඩු විභාගය තවදුරටත් අද (29), හෙට (30) සහ ජූලි  මස 3,4,හා 6 දිනවල අඛණ්ඩව විභාග කෙරෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top