නිවසේ වැසිකිළියට ගිය 38 හැවිරිදි පිලිපීන ජාතිකයකුට නොසිතු භයානක අවස්ථාවකට මුහුණ දීමට සිදුවී තිබෙනවා.
එනම් වැසිකිළියෙන් මතුව ඇති මීටර් 03 ක් පමණ දිග විශාල සර්පයකු ඔහුගේ ජනනේද්‍රිය සපා කා එහි එල්ලීමයි.
සර්පයාගෙන් ගැලවීමට නොහැකි තැන මේ පුද්ගලයා බියපත්ව කෑ ගසා ඇති අතර ඔහුගේ බිරිද හා අසල්වැසියන්ද උදව්වට පැමිණ තිබෙනවා.
පසුව මොවුන් එකුතු වී සර්පයාගේ හිස කඹයකින් බැද ඇති අතර පහර කෑමට ලක්වුනු පුද්ගලයා දිගින් දිගටම සර්පයාගේ හිස තදින් අල්ලා සිටීම නිසා ඌ සපාගෙන සිටි ජනනේද්‍රිය ලිහිල් කර ඇත.