දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංගම ඩිපෝවට අද(21) හිටිහැටියේ අමුත්තෙකු පැමිණියා. පසුව අමුත්තා ගස් බෙනයක සැඟවුනා.
දෙහිඅත්තකණ්ඩියේ දම්මික බණ්ඩාර පැමිණ පසුව නාගයා අල්ලා ගත්තා.
නාගයා අල්ලාගන්නා විට ඒ අසල විශාල පිරිසක් සිටි බවයි ඔහු පැවසුවේ.
දෙහිඅත්තකණ්ඩියේ ග්‍රාමයේ පදිංචි ධම්මික සතුන්ට වෙදකම් කිරීමටත් , අල්ලාගැනීමටත් දක්ෂයෙක්.
එම ගමේ පිරිස නාගයෙකු හෝ එවැනි විෂගෝර සතෙකු දුටුවොත් ඔවුන් අල්ලාගැනීමට ධම්මික දැනුවත් කරන බවත් ඔහු අප වෙත පැවසුවා.
ඔහු මේ වන විට අසරණ සතුන් සඳහා වෙදහෙදකම් කිරීමට වෙනම ම ස්ථානයක් තමන්ගේ වියදමින් සකස් කරමින් සිටිනවා.