Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
27
ධනුජිව චණ්ඩි දුවෙක් කරන්න හදන උපේක්ෂාගේ වෙනස්ම බලාපොරොත්තුව - Photos

- ධනුජිව චණ්ඩි දුවෙක් කරන්න හදන උපේක්ෂාගේ වෙනස්ම බලාපොරොත්තුව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

මහත්තයට ඒ දේවල් කරන්න දෙන්න මම කැමති නැහැ..
දුවට කැළලක් වෙන දෙයක් මම කරන්නේ නෑ....
අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයිද කියලත් හිතුණා...

කලා ලෝකයෙන් රසිකයින්ගේ හදවත් දිනාගෙන දේශපාලන වේදිකාවට ආපු කාගේත් ආදරය දිනාගත්තු කෙනෙක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි.

උපේක්ෂා මව් පදවිය ලැබුවට පස්සේ ජීවිතේ ගොඩක් වෙනස් වුණාලු.

ඒ වගේම පුංචි දියණිය නිසා සතුටින් ඉන්න හැටිත්, දුවගේ ඉදිරි අනාගතය ගැනත් උපේක්ෂා සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.


උපේක්ෂා මේ දවස්වල පුංචි පැටියත් එක්කම කාලය ගත කරනවනේ..?
ඔව්... මේ දවස්වල දුවත් එක්කම තමයි කාලය ගත කරන්නේ.

කොහොමද ඒ ගෙවන ජීවිතේ..?
හරිම වෙහෙසකරයි. මට මීට කලින් පුංචි දරුවෙක් එක්ක මුහුවෙන්න අවස්ථාව ලැබිලා නැහැ.

මම පිටරට හිටපු නිසා මගේ නෑදෑයන්ගේ චුටි බබලා එක්කවත් මට ඉන්න ලැබිලා නැහැ.

මගේ බබා ලැබෙද්දි හරි චූටියි.

එයාව පරිස්සමට බලා ගන්න ඕන.. එයාට අම්මා තාත්තව කොච්චර ඕනෙද කියලා තේරුණා එයා එක්ක ඉද්දි.

දුවගේ නමත් කියමු..?
දුව ධනුජි ෂැනන් පෙරේරා.

දැන් දුවට මාස කීයද..?
දැන් එයාට මාස හතරකට කිට්ටුයි.

දුව පෙනුමෙන් කවුරු වගේ කියලද ප්‍රතිචාර ලැබෙන්නේ..?
පෙනුම එයාගේ තාත්තගේ වගේ. සමහරු නම් කියනවා දුව මං වගේ කියලා.

ආදරෙත් තාත්තට පෙනුමත් තාත්තා වගේ. එතකොට නම් පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා.

හා හා පුරා කියලා පවුලට එකතු වුණු දරුවා දුවෙක් වුණු එක ගැන සතුටුද..?
දුවෙක් වුණත් පුතෙක් වුණත් අපිට නිරෝගී දරුවෙක් තමයි ඕන වුණේ.

පළමුවැනි දරුවා දුවෙක් වුණු එක ගැන අපි සතුටුයි.

සමහරු කියනවා ඉස්සෙල්ලා පිරිමි දරුවෙක් වුණොත් පවුලට හයියක්ලු.

ගැහැණු දරුවෙක් වුණොත් පවුල දියුණු වෙනවලු. මටනම් දුවෙක්ට වුණත් පුතෙක්ට වුණත් කැමැත්තෙන් හිටියා.

දැන් ලොකු වගකීමක් නේද දරන්නේ...?
ඔව්.. මං ගෙවපු නිදහස. මගේ රැකියාව එක්ක දරුවෙක් බලාගන්න යොමුවෙන එක ලේසි නැහැ කියලා හිතුණා. එයාගේ ඇස් මාවයි මහත්තයවයි හොයන්නේ.

එයා අපිව විශ්වාස කරනවා. ඒ නිසා අපේ වගකීම් අපි ඉෂ්ඨ කරන්න ඕනා.

ඒ වගකීම් දරන්න උපේක්ෂා ලොකු කැමැත්තකින් ඉඳලා වගේ..?
මගේ ජීවිතේ ඉලක්ක තිබුණේ නැහැ. හැබැයි මට මව් පදවිය ගැන ලොකු හීනයක් තිබ්බා.

සමාජයට හොඳ පුද්ගලයෙක් දායාද කරලා, හරි මාර්ගය පෙන්වන්න මට ඕන වුණා.

දරුවෙක්ගේ සාර්ථක අසාර්ථකකමට මව්පියන්ගෙන් බලපෑම් තියෙනවා.

ඉතිං මම මවක් වෙලා මේ වගේ දේවල් ඉටුකරන්න පෙරුම් පුරාගෙන හිටියේ.

දුවගේ වැඩ උපේක්ෂාමද කරන්නේ..?
ඔව්.. මම තමයි දුවගේ හැමදේම කරන්නේ. මුල් දවස්වල දුව නාවද්දි මැරතන් එකක් දුවපු ගාණට මගේ ඇගෙන් දාඩිය වැක්කෙරුණා. ඒ තරම් බයයි. 
ඒත් සති දෙකක් විතර යද්දි ඒ දේවල් කරන්න පුරුදු වුණා.

සමන්තගෙන් දුවගේ වැඩ රාජකාරිවලට සහයෝගයක් ලැබෙන්නේ නැද්ද..?
මහත්තයට ඒ දේවල් කරන්න දෙන්න මම කැමති නැහැ.

මම මේ දවස්වල ගෙදරටම සීමා වෙලානේ ඉන්නේ.

දුවගේ වැඩ ඇරෙන්න මම වෙන වැඩක් කරන්නේ නැති තරම්.ඒ නිසා දුවගේ වැඩත් එයාට කියලා කරගන්න හදන්නේ නැහැ.

එයා දරුවට අවශ්‍ය හැමදේම දෙනවා. එයා ගෙදර ආවම කෑ ගහලා දරුවට ආදරේ ප්‍රකාශ කරනවා..

දුවගේ වැඩත් එක්ක කාර්යබහුල වුණු උපේක්ෂාට රූපලාවණ්‍ය ගැන හිතන්න කාලය තියෙනවද..?
සැමියා අපිට කැමැති වෙන්නේ ලස්සනට ප්‍රසන්නව හිටපු නිසානේ.

දරුවා ලැබුණට පස්සේ අම්මා කෙනෙක්නේ කියලා ලස්සන ගැන හිතන්නේ නැතිව වැරැහිලි ඇඳගෙන ඉන්න බෑ.

මම පිරිසිදුව පිළිවෙලට ඉන්නවා. ඉස්සරත් මම රූපලාවන්‍ය පැත්ත ගැන කියලා කළේ අත්‍යවශ්‍යම දේ විතරයි.

දැන් ඒ ටිකවත් කරන්න කාලය වෙන් කරන්න අමාරුයි.

හැබැයි මම ආකර්ෂණියකම තියාගන්න උත්සහ කරනවා.

උපේක්ෂා, දුව වෙනුවෙන් උපරිම කැපකිරීමක් කරනවා වගේ...?
ඔව්... මම දුව වෙනුවෙන් උපරිම කැප වෙනවා. මම කියන්නේ නෑ මම අංගසම්පූර්ණ මවක් කියලා.

දුව නිසා මට රංගනයෙන් ඉවත් වෙන්න වුණොත් මට ඒකත් කරන්න පුළුවන්.

දුව තරම් මට වටිනා දෙයක් නැහැ. තිබ්බ ප්‍රශ්නත් එක්ක මම හිතුවා මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයිද කියලත්.

ඒත් මට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුණා. ඉතිං මට ඒ වස්තුව වටිනවා.

මම විදෙස් සංචාර, විනෝද වෙන අවස්ථා පවා දුව වෙනුවෙන් අතහැරියා.

අවස්ථා මගහැරෙද්දි දුක නැද්ද..?
මම කලාව කරන්නේ කලාවට තියෙන ආදරේට.

බොරු කියන්න ඕනේ නෑ. ඒකෙන් දුරස් වෙද්දි දුකක් ඇති වෙනවා. 

ආයෙත් රංගනයට එන්න අවස්ථා ඒ විදියටම ලැබෙයිද..?
අපිට ජීවිතය ගැන අනාවැකි කියන්න බෑ.. මම හැමදාම කෙල්ල වෙන්නත් ආස නැහැ.

එහෙම වෙන්න හිතුවොත් ඒක විහිලුවක්. මම දැකලා තියෙනවා සමහර ප්‍රවීණයන් නවකයන්ට වඩා කෙළිලොල් වෙනවා. වයසත් එක්ක බුද්ධිමත් වෙලා අපි වෙනස් විය යුතුයි.

මම ආවට ගියාට නිර්මාණ තෝරා ගන්නේ නැහැ. 

මවක් නිසා උපේක්ෂා, රංගනයේදී සිමා දාගනිද..?
ලංකාවේ රංගන ශිල්පිනියක් විදිහට මම කොහොමත් යම් යම් වාරණ ඇතුව වැඩ කළේ.

ලංකාවේ සංස්කෘතිය, ආකල්ප ගැන හිතලා යම් යම් තීරණ ගන්න වෙලා තියෙනවා.

රංගන ශිල්පිනියක් විදිහට සීමා තියා ගන්න බැරි වුණාට ඒ නිදහස තේරුම් ගන්න ප්‍රේක්ෂකාගාරය අඩුයි.

මම කලින් කියපු රංගන ශිල්පිනියන් නිරුවත් වෙන්න යන්නේ නෑ. මාත් ඒ සීමාවේ ඉන්නවා.

මගේ දරුවන්ගේ නමට අපකීර්තියක් වෙන දෙයක් මම කරන්නේ නෑ.

දුව ලොකු වෙලා නිළියක් වෙනවට උපේක්ෂා කැමතිද.?
එකපාරට කැමති වෙන එකක් නැහැ. පූජාට ජැක්ලීන්ට මම ගොඩක් කැමතියි..

එයාලට ගෙවන ගෙවීම් ලංකාවේ නිළියකට ගෙවන්නේ නෑ.

එයාලට සලකන විදියයි අපිට සලකන විදියයි වෙනස්.

ඒ නිසා ලංකාවේ නිළියක් වෙන්න වුවමනා නම් පිටරටක ඉගෙන ගෙන නිළියක් වෙලා ලංකාවට එන්න කියලා තමයි දුවට කියන්නේ.

කොහොම වුණත් දුවට ස්ථාවරව ගමනක් යන්න මම උදව් කරනවා.

ධනුජිව කවුරු කරවන්නද උපේක්ෂා ලෑස්ති වෙන්නේ..?
එහෙම විශේෂ සැලසුමක් නැහැ.

හැබැයි මම දුවට කරාතේ උගන්වනවා. ඒක එයාගේ පෞර්ෂය වර්ධනය කරගන්න වැදගත්.

ධනුජි චණ්ඩි දුවෙක් කරන්නද හදන්නේ..?
මම කැමති නැහැ එයා ළඳබොළඳ දුවෙක් වෙනවට.

හැබැයි දැනට නම් එයා අහිංසකයි. එයා චණ්ඩි දුවෙක් කරන්න තමයි මම හදන්නේ..

ඒ කාටවත් චණ්ඩිකම් පෙන්වන්න නෙවෙයි. මානසිකව ශක්තිමත් දුවෙක් කරන්න.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top