Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
17
දිනමිණේ අසත්‍ය පුවත බන්ධනාගාර පද්ධතියටම ප්‍රබල අපහාසයක් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා වහාම පරීක්ෂණයක් ඉල්ලයි - වීඩියෝ

- දිනමිණේ අසත්‍ය පුවත බන්ධනාගාර පද්ධතියටම ප්‍රබල අපහාසයක් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා වහාම පරීක්ෂණයක් ඉල්ලයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"මෙම අසත්‍ය ප්‍රචාරය ගෙතු එජාප ඇමතිවරයාගේ පුවත්පතින්ම පරීක්ෂණ ආරම්භ කල යුතුයි - ලාල් සිල්වා"

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු පස්දෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට සැළසුම් කරන බවට දිනමිණ පුවත්පත අද පළ කළ අසත්‍ය වාර්තාව සම්බන්ධයෙන්, වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස හිටපු මන්ත්‍රීවරයාගේ පියා වන ලාල් සිල්වා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ මෙම අසත්‍ය ප්‍රවෘත්තිය තුළින් බන්ධනාගාර පද්ධතියටම ප්‍රබල අපහාසයක් සිදුව ඇති බවයි.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව දේශපාලනිකව මඩගැසීම සඳහා දියත්වන කුමන්ත්‍රණයේ, තවත් එක් පියවරක් ලෙස මෙම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කර ඇති බවද හිටපු මන්ත්‍රිවරයාගේ පියා වන ලාල් සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු පස්දෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට සැළසුම් කරන බව අද දිනමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තාකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රිවරයාගේ පියා වන ලාල් සිල්වා පවසන්නේ මෙය දේශපාලන මඩගැසීමක් සහ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් පුවත්පතකින් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම පසුගිය නොවැම්බර් මාසයේ සිට ආරම්භ කළ බව ඔහු ප්‍රකාශ කළා.

එම සාවද්‍ය පුවත් පදනම් කරගනිිමින් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතද, අද මෙලෙස අසත්‍ය ප්‍රවෘත්තියක් වාර්තාකර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එම පුවත්දාමයට අනුව මෙවන් ප්‍රවෘත්ති වාර්තා කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් සේම මාධ්‍ය සංදර්ශනයක් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් සිහිපත් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අපහසුතාවට පත්වන අයුරින් අසත්‍ය පුවත් වාර්තා කර මාධ්‍ය සංදර්ශන සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ප්‍රතිකාර ගැනීමේ මුවාවෙන් සිංගප්පූරුවට පැනයාමට සැළසුමක් ඇති බවට අසත්‍ය පුවත් පළවීම, බන්ධනාගාරය තුළ උපන්දින සාදයක් පැවැත්වූ බවට වගකීමෙන් තොර පුවත් ප්‍රකාශයට පත් කිරීම, ඊට ආසන්නතම උදාහරණ බව ඔහුගේ පියා වන ලාල් සිල්වා ප්‍රකාශ කරනවා.

මේ සෑම සාවද්‍ය පුවතක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළ පසුබිමක, මෙවන් අසත්‍ය ප්‍රවෘත්ති සිව්වෙනි වරටත් වගකීමෙන් තොර මාධ්‍ය ආයතන  විසින් නිර්මාණය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

" මගේ පුතා දුමින්ද සිල්වා ඇතුළු කිහිප දෙනෙක් බන්ධනාගාරයෙන් පැන යන්න සැලසුම් කරනවා කියලා අද ජාතික පුවත්පතක ලොකු අකුරෙන් දාලා තියෙනවා.
මෙය මාධ්‍ය සංදර්ශන අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි.
මේක මේ නඩුව පටන් ගත්ත දවසේ ඉදලාම මේක පටන් ගත්ත දවසේ ඉදලාම මාධ්‍ය සංදර්ශන කරමින්ල බොරු ප්‍රවෘත්ති මවමින් දුමින්ද සිල්වාව අපහසුතාවට පත් කිරීමට පමණක් නෙමෙයි මහජනතාවගේ මනසටත් අධිකරණය බලපෑම් කිරීමට දරන ප්‍රයන්තනයක් කියලයි මම විශ්වාස කරන්නේ.
අධිකරණය ඉස්සරහ පොල් ගැහුවා, වැල්ලෙත් බඹරේ කැරකෙනවා කිව්වා, සිංගප්පුරුවට පැනලා යන්න හදනවා කිව්වා.
මේ මාස දෙකකට පස්සේ සැලසුම් කරලා ගියා තියා යන්න හදනවාවත් අහුවෙලා තිබුණේ නෑනේ.
ඒකෙන්ම තේරෙනවානේ මේවා බොරු කියලා. බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉන්ක්වාර් එකක් කරලා තිබුණා.
එය අසත්‍යයක් කියලා එතනින් ඔප්පු වෙලා තියෙනවා. දැන් ඒකට තවත් එකක් අමුණලා ද කොහෙද මේ අපසුතාවයට පත් කරන්න හදනවා.
මීට කලිනුත් වෙනත් නඩුවකට දුමින්ද සිල්වා රෝගාතුර වෙලා හිටපු ජනවාරි මාසේ 5 වැනිදා ඇම්බියුලන්ස් එකකින් උසාවියට ගිය වෙලාවේ විද්‍යුත් නාලිකාවකින් ඔහු ඇවිදගෙන එනවා බන්ධනාගාරයේ කොරිඩෝ එකේ අඩි 5 ක් ඇවිදගෙන එන පින්තූරයක් දාලා තිබ්බා.
එකේ දුමින්ද සිල්වාගේ දැන් තියෙන රූපයයි, ඒ විකාශනය වුණ රූපයයි අති විශාල වෙනසක් තියෙනවා.
එකෙන්ම පේනවා ඒ රූපේ සුමාන අටකට විතර ඉස්සෙල්ලා ගත්ත ඡායාරූපයක්. ඒකත් බොරු ප්‍රඩාවක් කියලා දැන් කාට කාටත් තේරෙන්න ඕන.
මේ වගේ බොරු ප්‍රචාර දිගින් දිගටම කරගෙන යන්නේ මේක ඉතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක්.
මේ අනිත් අය කොතරම් මාධ්‍ය සංදර්ශන දැම්මත් අපි මේ ගැන කතා නොකර හිටියේ අපිට කතා කරන්න බැරි හින්දාවත්, අපිට කතා කරන්න පොයින්ට්  නැති හින්දාවත් නෙමෙයි. හැබැයි අපි අධිකරණය ගැන විශ්වාසය තිබ්බා අපි අධිකරණයට ගරු කළා.
ඒ නිසයි අපි ඒවා ගැන කතා කරන්න හරි ආගිව් කරන්න හරි ගියේ නැත්තේ... යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා වන ලාල් සිල්වා මෙලෙස ද කරුණු පැහැදිළි කළා.

දුමින්ද සිල්වා ආසාධ්‍ය රෝගී තත්ත්වයෙන්දැන් ඉන්නේ බන්ධනාගාර රෝහලේ. අනිත් අය හිටින්නේ වෙනම තැනක වැලිකඩ.
තවත් කට්ටියක් සිටින්නේ වෙනම තැනක නුවරද කොහෙද, මේ පස්දෙනා හම්බෙලා කතා කරන්නවත් ඒ ගොල්ලන්ට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ.
ඉතිං එහෙම තැන් කිහිපයක සිටින කට්ටියක් එකට පැනලා යෑමට තැත් කරනවා කියන එකත් බොහොම සිනා සහගත වැඩක්.
මෙම නඩු තීන්දුවට විරුද්ධව අපි දැනටමත් සුප්‍රිම් උසාවියේදී ඇපිල් එකක් දාලා තියෙනවාග ළගදීම ඒක අහන්න පටන් ගන්නවා.
ඒක අහන්න තියෙනකොට අපිට පැනලා යන්න තියෙනවා කියන එකත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මෙම ප්‍රවෘත්තිය දුමින්ද සිල්වා ඇතුළු අප සියලු දෙනාම අපහසුතාවට පත් කරනා පමණක් නෙමෙයි මුළු බන්ධනාගාර නිලධාරීන්ට කරන අපහාසක් හැටියටයි මම දන්නේ. ඉස්සෙල්ලා පටන් අරන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක්ගෙන් ප්‍රවෘත්ති පත්‍රයක් මාර්ගයෙන්.
එතනින්ම තේරෙනවා මේක කුමන්ත්‍රණයක් කියලා.
මේ ඔක්කොම කරන්නේ වෙන මොකටවත් නෙමෙයි මහජනතාවට බොරු ප්‍රවෘත්ති මවලා එක්කෝ ඒගොල්ලන්ගේ පත්තර ටික විකුණාගන්න.
එක්කෝ ඒ ගොල්ලන්ගේ රූපවාහිනියට මිනිස්සු ආකර්ණය කරගන්න, එහෙම නැත්නම් යම්කිසි පළිගැනීමක චේතනාවෙන් කරන වැඩක්.
මෙය ප්‍රවෘත්තිය මැවූ තැනින්ම පරීක්ෂණය පටන් ගන්න මේකේ ඇත්ත නැත්ත එළි කරන්න..

දිනමිණ පුවත්පතේ අද පළවූ අසත්‍ය ප්‍රවෘත්තියට අනුව බන්ධනාගාර 3ක රඳවා සිටින පුද්ගලයන් පස්දෙනෙකුට එකම අවස්ථාවකදී පැන යා හැකිදැයි අප බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුගෙන් විමසුවා.

ඔහු ප්‍රකාශ කළේ එවන් හැකියාවක් ඇති බවට වාර්තාකර ඇති මාධ්‍ය ආයතනයෙන්ම ඒ පිළිබඳ විමසන ලෙසයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top