ඒ, මහා පරාක්‍රමබාහු රජතුමා ග්‍රීෂ්ම කාලයේදී විවේකීව ගත කළ බවට ඉතිහාසයේ සඳහන් වන ඓතිහාසික 'සීතා මාලිගයයි'.
වසරේ වැඩි කාලයක් ජලයෙන් යටවී පවතින මෙම අපූරු රාජකීය වාසස්ථානය, ජල මට්ටම හදිසියේ පහළ යෑමත් සමඟ මෙලෙස යළි දිස් වීමට පටන් ගෙන ඇත. කෙසේ වෙතත්, මෙය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටින දෙස් විදෙස් සංචාරකයින්ට තවමත් එම ස්ථානය වෙත ළඟා වීමේ පහසුකම් ලැබී නැත.
සීතා මාලිගය තවමත් සම්පූර්ණයෙන්ම ජලයෙන් නිරාවරණය වී නොමැති අතර, ඉදිරියේදී ජල මට්ටම තවත් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කරන පුරාවිද්‍යා අංශ සඳහන් කරන්නේ එවිට සංචාරකයින්ට මෙම ඓතිහාසික අපූර්වත්වය ඇස් පනාපිටම දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවනු ඇති බවයි.